Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
15
ගුල්ලන් එන්නේ නැතුව මාස ගණන් ධාන්‍ය කල්තබාගන්න හැටි මෙන්න

- ගුල්ලන් එන්නේ නැතුව මාස ගණන් ධාන්‍ය කල්තබාගන්න හැටි මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද? මේක හුඟ දෙනෙක්ට තියෙන ලොකු ගැටලුවක්... 


ගොඩක් වෙලාවට ගෘහනියන් මේ නිසා සෑහෙන්න අපහසුතාවයට පත්වෙනවා.

ගුල්ලෝ කියන්නේ හරිම කරදරකාරී කෘමියෙක්ට.

ඉතාම පුංචි මේ කෘමියා නිසා වෙන හානිය නම් සුළු පටු නැහැ.

ගෙවල් වල තියන ධාන්‍ය ගුල්ලන්ගෙන් බේර ගන්න අපි විවිධ උපක්‍රම පාවිච්චි කරනවා.

ගුල්ලන් මට්ටු කරන්න පුලුවන් හොඳම උපක්‍රම 13ක් මේ ලිපියෙන් ඔබට අරගෙන ඇවිල්ලා තියනවා.

ගුල්ලා (Grain Weevils)නම ඇහුවත් එපා වෙන චූටි කෘමි සතෙක් වගේම පළිබෝධකයෙක්.

ගොඩක් වෙලාවට අපිට දකින්නට ලැබෙන්නේ කලු පාට හෝ තද දුඹුරු පාට ඉස්සරහින් පොඩි තුඩක් වගෙව් තියන, අතින් ඇල්ලුවම තද ගතියක් දැනෙන සතෙක්.

ගුල්ලා කියන පළිබෝධකයා යැපෙන්නේ ධාන්‍ය මත. ධාන්‍ය වල අස්වැන්න නෙළා ගත්තාට පස්සේ ගබඩා කරනවා නේ.

මේ ගුල්ලා කියන පළිබෝධකයා කරනේ ඒ ගබඩා කරපු ධාන්‍ය වලට ලොකු විනාශයක් කරනවා ඒවා සිදුරු කරමින් ධාන්‍ය කොටස් ආහාරයට ගැනීමෙන්.

ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද? කියන එක ගෘහණියක් නිතර සිතනවා.

ගුල්ලෝ ගහපු ආහාර ගන්න එක අප්‍රියයි නේද?

ඔයාලා දැකලා ඇති නේද ගෙදරට ගේන හාල්, පරිප්පු, මුං ඇට, කඩල, කවුපි වගේ ධාන්‍ය වල ටික දවසක් ගියාම ගුල්ලෝ ගහලා තියනවා?

හරිම අප්‍රියජනකයි ගුල්ලෝ ගහපු ආහාර කන්න වෙනවා කියන එක.

අනික ගුල්ලෝ කියන කරදරකාරී පළිබෝධකයන් අපේ ධාන්‍ය වලට හානි කරන එක ගෘහණියන් විදියට අපිට දරා ගන්න බෑ.

ඒ නිසා ගුල්ලන් මට්ටු කරන්න අද ඔබට පොඩි පොඩි උපක්‍රම ටිකක් ගේන්න හිතුවා.

මේ උපක්‍රමයක්ම අපේ ලංකාවේ මව්වරුන්, ගෘහණියන් විසින් අත් හදා බලපු ඒවා සහ එයාලාගේ අත්දැකීම්.
බලන්නකෝ මේ දේවල් ඔබ කරලා තියනවාද කියලා. නැත්නම් මෙයින් ඔබට පහසු උපක්‍රමය ඔබත් අදම උත්සහ කරලා බලන්නකෝ.

1. දෙහි කොල දැමීම

දෙහි කොළ වලින් එන පැඟිරි සුවඳට ගුල්ලන් අකමැතියි. ඒ නිසා හාල්, ඇට වර්ග, පරිප්පු වගේ දේවල් ගුල්ලන්ගෙන් පරිස්සම් ක‍ර ගන්න දෙහි කොල යොදා ගන්න පුලුවන්.

එම ආහාර ද්‍රව්‍ය දමන භාජනය හොඳින් පිරිසිදු කරන්න ඕනි. පසුව හොඳින් වියළා දෙහි කොළ දෙක තුනක් අමුවෙන් හෝ වියලා එම භාජනයට දාන්න පුලුවන්. සුළං නොවදින විදියට වසා තබන්නට ඕනි.

2. කොහොඹ කොල, බේ ලීෆ්, කරපිංචා කොල, රම්පා කොල දැමීම

මෙ වගේ දේවල් උනත් ගුල්ලන්ගේ කරදරෙන් බේරෙන්න යොදා ගන්න පුලුවන්. ධාන්‍ය වර්ග දමන භාජනයට මේ වර්ග වලින් එක් වර්ගයක් දාලා බලන්නකෝ ගුල්ලන්ගේ කරදරය අඩු වෙලා යයිද කියලා.

3. වේලපු මිරිස් කරල් දැමීම

වේලපු රතු මිරිස් කරල් බෝතල්වලට දැමීම මඟිනුත් ගුල්ලන්ගේ කරදරෙන් බේරෙන්නට පුලුවන්. විශේෂයෙන්ම සහල් ගුල්ලන්ගෙන් බේර ගන්න මේ ක්‍රමය සාර්ථක බව අත්දැකීම් ඇති ගෘහණියන් පවසනවා.

4. කරාඹු නැටි 2-3ක් දැමීම

හාල්, පරිප්පු භාජන වලට කරඹු නැටි 2-3ක් දැමීමෙනුත් ගුල්ලන්ගෙන් ආහාර ද්‍රව්‍ය පරිස්සම් කර ගන්නට පුලුවන් වෙනවා.

5. ගම්මිරිස් ඇට කුඩු කර දැමීම

ගම්මිරිස් ඇට ටිකක් කුඩු කරලා කඩල, කව්පි වගේ ඇට වලට කලවම් කරලා දැම්මාමත් ගුල්ලන්ගේ කරදරයෙන් බේරෙන්නට පුලුවන්.

6. කුරුඳු කොළ/කුරුඳු පොතු දැමීම

පරිප්පු, මුං ඇට, කඩල, කව්පි වගේ ධාන්‍ය වල කුරුඳු පොතු ටිකක් දැමීමෙන් වහනය වන සුවඳ නිසාත් ගුල්ලන්ගෙන් ආරක්ෂා කර ගන්නට පුලුවන්.

7. සුදු ළූණු දැමීම

පරිප්පු දමන භාජනයට සුදුළූණු ගෙඩියක් දැමීමත් ගුල්ලන් සාර්ථකව මට්ටු කරන්නට පුලුවම් ක්‍රමයක් බව පැවසෙනවා.

8. සතියකට සැරයක් අව්වේ වේලීම

මේක නම් කාර්‍යබහුල ගෘහණියකට, මවකට ටිකක් අහපසු වෙන්න පුලුවන්. ඔබ ගාව ඇති ගුල්ලන්ගේ කරදරය ඇති ධාන්‍ය වර්ග අව්වේ දමා වේලීමෙනුත් ගුල්ලන් මට්ටු කරන්නට පුලුවන්.

9. මිංචි කොල දැමීම

මිංචි වල ඇති සුවඳටත් ගුල්ලන් තරමක් ප්‍රතිරෝධී වෙන බව සැලකෙනවා.

10. ශීතකරණයක දැමීම

ශීතකරණයක දැමීමෙන් ගුල්ලන් ලේසියෙන් මට්ටු කරන්නට පුලුවන්. නමුත් ඔබ ළඟ විශාල ප්‍රමාණයක් ධාන්‍ය වර්ග තිබේ නම් ශීතකරණයේ ඉඩ කඩ මදි වීමේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්.

නමුත් පොඩි ප්‍රමාණයක් ගුල්ලන්ගෙන් පරිස්සම් කරන්න මෙම සාර්ථක ක්‍රමයක් තමයි ශීතකරණයක දැමීම.

11. ලුණු කුඩු කලවම් කිරීම.

ප්‍රථමයෙන්ම ලුණු කුඩු කලවම් කරලා ධාන්‍ය ටික තැටි වලට දාලා අව්වේ තියන්න. ටික වේලාවකින් ගුල්ලො ඒවායින් අයින් වෙනවා. ඉන්පසු ෆ්‍රිජ් එකේ, ෆ්‍රීසර් කොටසේ දින හතරක් තියන්න.

තියන්නට ඕනි ප්ලාස්ටික් මල්ලක දාලා කට ගැට ගහලා. එතකොට ගුලු බිත්තර මැරෙනවා . ඉන් පස්සේ දවසක් වගේ එලියෙ තියලා, හොඳින් වැහෙන බෝතලයකට දාන්න. මේ ක්‍රමයත් බොහෝ අය අත්හදා බලපු සාර්ථක ක්‍රමයක්.

12. වීදුරු බෝතල් / සුළං නොයන සේ වසා තැබීම

වීදුරු බෝතල් වලට කවුපි කඩල වගේ දේවල් දාලා හොඳට තදට වැහුවම ගුල්ලෝ එන්නේ නෑ කියලත් සමහරු කියනවා.

වැඩි හොඳට කලින් අපි කිව්ව කොළ වර්ගයක් අඩියට දා ගන්නත් පුලුවන්.

13. ලෙමන් පොතු දැමීම

ලෙමන් පොතු අව්වේ පොඩ්ඩක් වේලලා හාල් වලට දැම්මාම ගුල්ලන් එන්නේ නෑ කියලා කියවෙනවා.
අපි මේ කියලා දුන්න උපක්‍රම 13න් ඔබට පහසු උපක්‍රමයක් අනුගමනය කරලා ගුල්ලන් මට්ටු කරන්නට ඔබටත් පුලුවන්.

එහෙනම් ඉතින් ආයේ නම් ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද? කියලා වද වෙන්න දෙයක් නම් නැති වෙයි.
මේ සියල්ලක්ම ස්වභාවික ක්‍රම නිසා කිසිම අහිතකර ප්‍රතිපලයක් නම් ඇති වෙන්නේ නෑ. උත්සහ කරලා බලන්නකෝ එහෙනම්.

උපුටාගැනීමක්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top