අහිමි වූ ඔහු වෙනුවෙන් සියල්ලන්ම ඉල්ලා සිටින්නේ එකම එක සාධාරණයක් විතරයි...
මේ කියන්න යන්නේ අන්න ඒ අතිශ්‍යය සංවේදී කතාව ගැන ඇසෙන තවත් එක් වෙනස් විදිහක යමක් ගැනයි.. ඇත්තටම චරිත් වෙනුවෙන් යුක්තිය ඉටුවේවිද..?
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙකුගේ හදිසි මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට මේ වන විට පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා..
එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගතයුතු සියලු පියවර, විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබනු ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ..
මෙම හදිසි මරණය නවක වදය හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස විවිධ සමාජ මාධ්‍යන්හි සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ද අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා..
එවැනි සිදුවීමක් අනාවරණය වුවහොත්, වගකිවයුතු සියලු පාර්ශවයන්ට, පවත්නා නීතියට අනුකූලව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ සදහන්..
එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි තොරතුරු හෙලිකර ගන්නා තුරු විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන තොරතුරු සංසරණය කිරීමෙන් වලකින ලෙස ද එම අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා..
මෙම සිසුවා පෙරේදා සිය නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබුණේ, ඊට පෙර ලිපියක්ද ලියා තබමින්...