තරමක් විතර සීතල කෑමක් විදියට ප්‍රසිද්ධ අලිගැට පේරවල මැග්නීසියම්, පොටෑසියම්, විටමින් සී, විටමින් K1, විටමින් B6 හා කාබෝහයිඩ්‍රේට අඩංගු වෙනවා... මේ කොයි ගුණය තිබුනත් බොහෝ දෙනෙක් අලිගැට පේර ආහාරයට ගන්න දක්වන්නේ විශාල බියක්...
ඒකට හේතුව මෙහි අධික කැලරි ප්‍රමාණයක් හා කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගුය යන විශ්වාසයයි.. කොහොම වුණත් දිනපතා ආහාර වේලට එක් කර ගන්න ඕන අතුරු පසක් නොවුනත් අලිපේර ගෙඩියක් සතියකට වරක්වත් අතුරුපසක් විදියට ආහාරයට ගන්නවා නම් එය ඔබේ සෞඛ්‍යට බොහෝ හිතකරයි.. සැබවින්ම යම් කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අන්තර්ගත වී තිබුණත් අලිගැට පේරවල පහත සදහන් ගුණ අන්තර් ගත වෙනවා...
කෙසෙල්වලට වඩා පොටෑසියම් අඩංගුයි..
පොටෑසියම් යනු බොහෝ දෙනකුගේ සිරුරේ හිඟයක්ව පවතින පදාර්ථයක්... සිරුරේ රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමට ආධාර වන, ඔබට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණය මේවායේ අන්තර්ගත වෙනවා..
තන්තුවලින් පරිපූර්ණයි..
අලිගැටපේරවල තන්තු බහුලයි... තන්තු මඟින් සිරුරේ බර, රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරන අතරම,බොහෝ රෝගවලට ඇති අවදානම ද අඩු කරයි..
කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි..
දිනපතා අලිගැටපේර ආහාරයට ගැනීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි... එමෙන් ම, මේවා මඟින් රුධිරයේ ඇති ට්‍රයිග්ලිසරයි හා LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි...
පිළිකා නාශක ගුණය පවතී..
අලිගැටපේරවල ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා... මෙය සිරුරේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරවන අතර, මේවාට පිළිකාකාරක නිදහස් අංශු හා පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව පවතී...
ආතරයිටිස් වේදනාව සමනය කරයි...
අධ්‍යනයන්ගෙන් හෙළි වී ඇත්තේ, අලිගැටපේරවල අන්තර්ගත සංයෝගයක් මඟින්, ආතරයිටිස් රෝගය නිසා හටගන්නා වේදනාව මෙන් ම, අස්ථි ඝන තද වීම නිසා ඇති වන වේදනා සමනය වන බවයි...
වකුගඩුවලට හානි වීම වලක්වයි..
අලිගැටපේරවල ඇති ඔලෙයික් අම්ලය හා ප්‍රතිඔක්සිකාරක, වකුගඩුවල හටගන්නා ආබාධවලට හොඳ ම ඔසුවක්.. එමෙන් ම මේ මඟින්, දියවැඩියාවෙන් අක්මාවට වන හානි ද වළක්වයි..
නීරෝගී ඇස් හිමි කර දෙනවා...
අලිගැටපේර වල ලුටේන් හා සියැක්සන්තින් යන සංයෝග අඩංගු වෙනවා... මේ කැරොටිනොයිඩ මඟින් අක්ෂි කාචය පරිහානිය වළක්වයි..
