ගොඩක් වෙලාවට අපි කටයුතු කරන්නේ හුදකාලා වෙලා නේ.. මේ හුදෙකලා වීම තුළ අප මානසිකව හා කායිකව ආතතියකට ලක් වීමට ඇති ඉඩකඩ බොහොයි.. මෙම පීඩනය, ආතතිය මඟහරවා ගැනීමට විවිධ දේ කළ හැකි නමුත් එක් වතුර වීදුරුවකින් එය පහසුවෙන්ම මගහරවා ගත හැකි බව ඔබ දැන සිටියාද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඔබට වැදගත් වෙන තවත් එක කතාවක්..
ඔබට වැඩි වෙහෙසක් දැනෙන විට ඔබ ආතතියට පත් වෙනවා... එසේ අධිකව වෙහෙසකර කටයුතු වල නොයෙදෙන විටද ඔබේ ශක්ති මට්ටම අඩු වී වෙහෙස දැනෙන්නේ, ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන අවස්ථාවලයි..
මිනිස් සිරුරේ සමස්ථයක් ලෙස 60% ක් පමණ පවතින්නේ ජලයයි.. අපගේ මොළය සෑදී ඇත්තේ දළ වශයෙන් 80% ජලයෙන් බව තේරුම් ගත්විට ජලය හිඟ විමෙන් මොළයට ඇති කරන බලපෑම හොඳින් වටහා ගත හැකියි...
අප නිසි ලෙස ශරීරය සජලීකරණය නොකළ විට මෘදු හිසරදය (mild headache), කරකැවිල්ල (dizziness), මාංශපේශී දුර්වල වීම (muscle weakness), සමෙහි අවපැහැ වීම (areas of the skin turning dark) වැනි තත්වයන් අත්විඳිමට සිදුවෙනවා.. එම තත්වයන් අධික විජලනය නිසා ඇතිවන රෝග ලක්ෂණ විය හැකියි...
මෙහි රසායනික ක්‍රියාවලිය සලකා බලන විට, සුළු විජලනයකදී පවා අප ආතතියට පත් වන්නේ ඇයිද යන්න මෙසේ පැහැදිලි කළ හැකි අතර, අප මෘදු ලෙස විජලනය වූ විට ශරීරයේ ස්නායු සෛලවල ක්‍රියාකාරීත්වයට බාධා පැමිණේ.. කෝටිසෝල් (cortisol) මට්ටමද ඉහළ යයි.. මෙම කෝටිසෝල් අධික ලෙස ශරීරයේ නිෂ්පාදනය වීම ආතතියට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සිදුවෙනවා.. ඔබගේ මොළයේ මෙම රසායනික අසමතුලිතතාව වැඩිපුර ජලය පානය කිරීමෙන් මඟ හරවා ගත හැකියි...
ඔබ එදිනෙදා ජීවිතයේදී ආතතියෙන් මිදීමට පහසු ක්‍රමයක් සොයන්නේ නම්, ඔබ උදෑසන වතුර වීදුරුවක් පානය කිරීමෙන් දවස ඇරඹීමට උත්සාහ කරන්න.. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙය "ඌෂ පානය" ලෙස හඳුන්වනු ලබනවා..
එය පීඩාකාරී අවස්ථාවන්ට වඩාත් හොඳින් මුහුණ දිමට, ශරීරය ප්‍රබෝධමත් කර ගැනීමට උපකාර වනු ඇති අතර, ඔබ පුරුද්දක් ලෙස ජලය පානය නොකරන අයෙකු නම් ඔබ නිරන්තරෙයන් වතුර බෝතලයක් ළඟ තබා ගෙන සෑම විනාඩි 30 කට වරක්වත් වතුර උගුරක් පානය කිරීමට උත්සුක වන්න. විශේෂයෙන් ග්‍රීෂ්ම කාලයන්හිදී මෙසේ කිරීම වැදගත් වෙනවා...
අන්තර්ජාලය ඇසුරෙන්..