Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
28
කුඩා කාලයේදීම තයිරොයිඩ් ඌනතාව ඇති වුණොත්, ඒකට ප්‍රතිකාර තියනවාද..?

- කුඩා කාලයේදීම තයිරොයිඩ් ඌනතාව ඇති වුණොත්, ඒකට ප්‍රතිකාර තියනවාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views

තයිරොක්සින්, නැත්නම් තයිරොයිස් ග්‍රන්තියේ ඇතිවෙන සංකූලතා ගැන බොහෝ දෙනෙක් කතා කරනවා.. 


කාන්තාවන්ට වගේම පිරිමි පාර්ශ්වයටත් වැළදෙන මේ රෝගී තත්වය කුඩා දරුවන්ට මොන ආකාරයෙන් බලපෑම් කරයිද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..

තයිරොයිඩ් ග්‍රන්ථිය යනු පුද්ගලයෙකුගේ ගෙල ඉදිරිපස පිහිටා ඇති කුඩා ග්‍රන්ථියකි. එය මඟින් තයිරොක්සින් නමැති හෝමෝනය නිෂ්පාදනය වෙනවා.. තයිරොක්සින් හෝමෝනය පුද්ගලයෙකුගේ ශරීරයේ සිදු වන බොහෝ ක්‍රියාවලීන් සඳහා අවශ්‍ය වන අතර, දරුවකුගේ ශරීරයට තයිරොයිඩ් හෝමෝනය මඟින් සිදු කරන්නේ කුමක්ද..?

තයිරොයිඩ් හෝමෝනය මුළු ජීවිත කාලය පුරාම ශරීරයට අවශ්‍ය හෝමෝනයක්.. නමුත් දරුවෙකුගේ මුල් අවුරුදු 03 තුළ මෙය බෙහෙවින් වැදගත් වෙනවා.. මෙයට හේතුව ළදරුවකුගේ බුද්ධි වර්ධනයට තයිරොක්සින් අවශ්‍ය වන නිසායි... මීට අමතරව දරුවකුගේ ශරීර වර්ධනයට ද, වැඩිවියට පත් වීම නිසි ලෙස සිදු වීමට ද තයිරොයිඩ් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි තිබිය යුතුයි..

තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි ලෙස ක්‍රියා නොකරන විට දරුවාට සිදු වන අතුරු ආබාධ තත්ත්වයන් මොනවාද..?

අලුත බිහි වු දරුවකුගේ තයිරොයිඩ් හෝමෝනය නිසි පරිදි නිෂ්පාදනය නොවේ නම් එම දරුවන්ට කල්වේලා ඇතිව පිළියම් නොකළහොත් එම දරුවන් මන්දබුද්ධික තත්ත්වයට පත්වෙනවා... තයිරොයිඩ් හෝමෝන ඌනතාවය ලෝකයේ වැළැක්විය හැකි මන්ද බුද්ධික තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුවක්..

පාසැල් වියේ දරුවන්ට ද තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය සහ අව ක්‍රියාකාරීත්ව තත්ත්වයන් ඇති විය හැකියි... එවිට ඔවුන්ගේ බුද්ධි මට්ටමට ගැටලුවක් නොවුණත් වෙනත් ශාරීරික හා මානසික ගැටලු ඇති විය හැකියි..

දරුවකුගේ ශරීරය තුළ පවතින තයිරොක්සින් ප්‍රමාණය දැන ගන්නේ කෙළෙසද..?

දරුවෙකුගේ තයිරොක්සින් ප්‍රමාණය දැන ගැනීම සඳහා සරළ ලේ පරීක්ෂණයක් සිදු කළ හැකියි... මෙම පරීක්ෂණය උදෑසන 8 ට සිදු කිරීම වැදගත් වෙනවා... මෙය බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්... මීට හේතුව මෙම හෝමෝනය දෛනිකව අඩු වැඩි වෙමින් පවතින හෝමෝනයක් නිසාවෙන්... එම නිසා මෙය මැනීමට සම්මත වේලාව උදෑසන 8ටයි..

තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය අධි ක්‍රියාකාරීත්වය සහ අව ක්‍රියාකාරීත්වය දරුවාට බලපාන ආකාරය වෙ වෙනම පැහැදිලි කරන්න..

තයිරොයිඩ් ග්‍රන්ථිය ශරීරයේ බොහෝ ක්‍රියාවලීන් සඳහා උපකාරී වෙනවා... තයිරොක්සින් අව ස්‍රාවය සිදු වු විට මෙම ක්‍රියාවලි සියල්ල අඩපණ වෙනවා... එවිට දරුවෙකුට නිදිමත ගතිය හා කම්මැලි ගතිය ඇති වන අතර, ආහාර ගැනීම වැඩි නොකළත් බර වැඩි වෙනවා... වෙනදාට වඩා සීතල දැනෙන්නට පටන් ගනී.. තව ද මළබද්ධය, හෘද ස්පන්ධන වේගය අඩු වීම, හම වියළීම, වැනි තත්ත්වයන් මෙන් ම උස යෑම ද අඩපණ විය හැකියි..

තයිරොක්සින් හෝමෝනය අධි ස්‍රාවය වන විට මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් ඇති වෙනවා.. මෙම දරුවන්ට කෑම රුචිය වැඩි වෙනවා.. ඒත් ශරීරය කෙට්ටු වෙනවා.. ඔවුන්ට වැඩිපුර රස්නය දැනේ... වැඩිපුර දහඩිය දැමීම, ඇඟ ගැසීම ( trembling ), හෘද ස්පන්දනය , බඩ එළිය යෑම සහ ඇස් ඉදිරියට නෙරා ඒම ඇතිවිය හැකියි.. තව ද මෙම දරුවන්ට වෙනදාට වඩා අධි ක්‍රියාකාරීතත්ත්වයක් හා තරහ යාම ඇතිවිය හැකියි..

තයිරොයිඩ් ග්‍රන්ථියේ අව ක්‍රියාකාරීත්වයක් යම් ගැබිනි මවකට තිබුණහොත් එමගින් බිහි වීමට සිටින දරුවාට සිදුවන්නේ කුමක්ද..?

දරුවකු කුස පිළිසිඳ ගෙන මුල් මාස කිහිපය තුළ මවගෙන් ලැබෙන තයිරොක්සින් හෝමෝනය මත දරුවා යැපේ.. එම නිසා මවගේ තයිරොක්සින් හෝමෝන ප්‍රමාණය අඩු නම් කුස තුළ සිටින දරුවාගේ බුද්ධි මට්ටම අඩු විය හැකියි..

දරුවකු බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක් තයිරොක්සින් හෝමෝන ඌනතාවයකින් පෙළේ නම් ඇය දරුවකු පිළිසිඳ ගැනීමට පෙර සිටම නිසි වෛද්‍ය උපදෙස් ලබා ගෙන හෝමෝන තත්ත්වය සාමාන්‍ය මට්ටමට පත් කර ගත යුතුයි..

තව ද ගැබිණි සමයේ දී මාස් පතා තයිරොක්සින් හෝමෝනය නිරීක්ෂණය කරමින් වෛද්‍ය උපදෙස් පරිදි තයිරොක්සින් හෝමෝන ප්‍රමාණය නිසි ලෙස පාලනය කළ යුතුයි... මෙමගින් කුස තුළ වැඩෙන දරුවාගේ බුද්ධි වර්ධනය සාමාන්‍ය ලෙස පවත්වා ගත හැකියි.. තව ද එම දරුවා බිහි වු විට දරුවාගේ තයිරොක්සින් මට්ටම මුල් සති 2 තුළ නිරීක්ෂණය කිරීම වැදගත් වෙනවා..

දරුවෙකුට තයිරොයිඩ් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් සිදු වුවහොත් සිදු කරන ප්‍රතිකාර විධි මොනවාද..?

තයිරොක්සින් ඌනතාවයට ඉතා පහසුවෙන් ප්‍රතිකාර කළ හැකියි.. තයිරොක්සින් හෝමෝනය පෙති වශයෙන් භාවිත කිරීමෙන් ශරීරයට අවශ්‍ය තයිරොක්සින් ප්‍රමාණය නිසියාකාරව පවත්වා ගත හැක‍යි... මෙහි දී තයිරොක්සින් පෙති උදෑසන හිස් බඩින් පාවිච්චි කිරීම වැදගත් වෙනවා..

උපතින්ම තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පුර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් අහිමි වීම දරුවාගේ මන්ද මානසිකත්වයට හේතු වනවාද? මෙය වළක්වා ගැනීමට පුළුවන්ද?

ඔව්, මෙය කල් ඇතුව හඳුනා ගෙන ප්‍රතිකාර නොකළහොත් සඳහටම මන්ද බුද්ධික තත්ත්වයක් ඇති විය හැකියි.. දරුවකු මවගේ කුස තුළ සිටින විට මවගේ තයිරොක්සින් හෝමෝනය මඟින් යම් ආරක්ෂාවක් ලබයි... නමුත් උපතින් පසු ශරීරයේ තයිරොක්සින් නිෂ්පාදනය නොවේ නම් දරුවාගේ මොළේ වර්ධනය අඩපණ වෙනවා... අවාසනාවකට මෙන් තයිරොක්සින් ඌනතාවේ රෝගී ලක්ෂණ දරුවා තුළ පහළ වීමට කල් ගත වෙනවා... මෙම රෝගී ලක්ෂණ සමහරක් නම් දරුවා වැඩිපුර නිදා ගැනීම, ඇඟ කහ ගැන්වීම,(prolonged Neonatal Jaundice.) ගොරෝසු කටහඩක් ඇති වීම,බඩ වියළීම සහ දරුවා අලස භාවයට පත් වීම සිදුවෙනවා..

මේ ගැන සලකා ලෝකයේ බොහෝ රටවල් උපදින සෑම දරුවෙකුටම තයිරොයිඩ් ඌනතාවය සඳහා පරීක්ෂා කරනු ලබයි.. ශ්‍රී ලංකාවේද දැන් මෙය දීප ව්‍යාප්තව සිදු වෙමින් පවතිනවා.. මෙහි දී බිහි වු දරුවාගේ යටි පතුළෙන් ලේ බිඳක් පරීක්ෂාවට ලක් කරනු ලැබෙනවා.. මෙහිදී තයිරොක්සින් ඌනතාවය පෙන්නුම් කෙරේ නම් එම දරුවා නැවත පරීක්ෂාවට සහ ප්‍රතිකාර සඳහා ළමා වෛද්‍යවරයෙකු කරා යොමු කරනවා..

දරුවකු ඉපදී සති දෙකක් ඇතුළත තයිරොක්සින් ඖෂධය නිසි පරිදි ආරම්භ කළොත් එම දරුවාට සාමාන්‍ය බුද්ධි මට්ටමක් අත් කර ගත හැකයි... මෙම ප්‍රතිකර්මය බොහෝ විට මුළු ජීවිත කාලය තුළදීම දරුවාට ලබා දිය යුතු අතර අතුරු අබාධ අවම ඖෂධයක් වෙනවා..

තයිරොයිඩ් ග්‍රන්ථියේ පවතින සංකූලතා තත්ත්වයන් ( අව ක්‍රියාකාරීත්වය සහ අධි ක්‍රියාකාරීත්වය ) ඇති වීමට බලපාන හේතු සාධක මොනවාද?

තයිරොයිඩ් අවස්‍රාවයට හේතු ප්‍රධාන වශයෙන් උප්පත්තියේදී ඇතිවන හේතු (Congenital )සහ පසුකාලීනව ඇතිවන හේතු (Acquired ) ලෙස වෙන් කළ හැකියි.. උප්පත්තියේ දී බොහෝ විට සිදු වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පුර්ණයෙන් නොපිහිටීම හෝ අර්ධ වශයෙන් පමණක් පිහිටීමයි.. පසු කාලීනව සෑදෙන අවස්‍රාව තත්ත්වය බොහෝ විට ඇතිවන්නේ ශරීරයෙන්ම සෑදෙන ප්‍රතිදේහ(Autoimmunity ) මඟිනි.. අධි ස්‍රාවය ( Hyperthyroidism )බොහෝ විට සිදු වන්නේ ද ප්‍රතිදේහ මඟිනි..

දරුවා සහ තයිරොයිඩ් හොමෝනය පිළිබඳව සමාජයේ පවතින මිත්‍යා මතවාද මොනවාද?

සායනයේ දී අප වෙත පැමිණෙන බොහෝ දෙමාව්පියෝ තයිරොක්සින් ඖෂධය ජීවිත කාලය පුරාම දරුවාට ලබා දීමේ දී අතුරු ආබාධ ඇති වේ යැයි බිය පළ කරනවා.. නමුත් අප මෙහිදී කරන්නේ ශරීරයේ තිබිය යුතු දෙයක් ( ඌනතාවයක් ) යථා තත්ත්වයට පත් කිරීම පමණි.. එම නිසා නියමිත මාත්‍රාව දුන් විට මෙහි බිය විය යුතු අතුරු ආබාධ නැහැ..

තයිරොයිඩ් හෝමෝනය නිසි පරිදි ක්‍රියාකාරී වීමට දරුවාට දිය යුතු ආහාරපාන මොනවාද?

තයිරොයිඩ් හෝමෝනය නිෂ්පාදනය සඳහා අයඩීන් සංඝටකය අවශ්‍ය වෙනවා එම නිසා අයඩීන් ඌනතාවය නිසා ද තයිරොයිඩ් ග්‍රන්ථියේ අවස්‍රාවයන් සිදු විය හැකියි.. නමුත් ලංකාවේ වසර ගණනාවක් පුරා අතිරේකයක් වශයෙන් වෙළෙඳපළේ ඇති ලුණුවලට අයඩීන් මිශ්‍ර කර ඇති අතර, මෙම නිසා අයඩීන් ඌනතාවය නිසා ඇතිවන ගළගණ්ඩය සම්පුර්ණයෙන්ම අඩු වී ඇති අතර,තයිරොයිඩ් ග්‍රන්ථියේ පවතින සංකූලතාවලට නිසි පරිදි ප්‍රතිකාර සිදු නොකළහොත් දරුවාට අනාගතයේදී ඇතිවිය හැකි බලපෑම් මොනවාද?

අවුරුදු 03 ට අඩු දරුවකු නම් තයිරොක්සින් අවස්‍රාවය නිසා මන්ද බුද්ධික තත්ත්වය ඇති විය හැකියි.. වයසින් වැඩි දරුවන්ට නම් බර වැඩි වීම,උස අඩු වීම ( මිටි බව) , කම්මැලිකම නිසා අධ්‍යාපන කටයුතු අඩපණ වීම සිදු විය හැකියි..

තයිරොයිඩ් අවස්‍රාවය නිසා ශරීරයේ කෙළෙස්ටරොල් මට්ටම ද වැඩි විය හැකියි... තව ද නීරක්තිය ඇති වෙනවා.. තයිරොක්සින් අධි ස්‍රාවය නිසා දරුවා තුළ අධි ක්‍රියාකාරීත්වය වැනි මානසික තත්ත්වයන් ද ඇති විය හැකියි... රෝගය නිසියාකාරව හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමේන් මෙම සංකූලතා අවම වෙනවා..

දරුවන්ට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රීතව පිළිකා ඇති වනවාද?

කලාතුරකින් දරුවන්ට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇති විය හැකියි.. මොවුන් බොහෝ විට වෛද්‍යවරයෙක්ට යොමු කෙරෙන්නේ බෙල්ල පිටිපස ගැටිත්තක් නිසායි.. ඔවුන්ගේ තයිරොයිඩ් හෝමෝන ප්‍රමාණය නිසියාකාරව තිබිය හැකයි... එම නිසා ඔවුන්ට ගැටිත්ත හැරෙන්න වෙනත් රෝගී ලක්ෂණ නොමැති විය හැකියි.. තයිරොයිඩ් පිළිකාවල තවත් ලක්ෂණ ලෙස බෙල්ලේ කුද්දැටි ඇතිවීම දැක ගත හැකයි..

අන්තර්ජාලය ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top