මේ සිද්ධිය ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා.. ඔහු කවුද..? ගොඩක් දෙනෙක් අවදානය යොමු කළ ඒ චරිතය ගැන අද ඇසෙන්නේ මේ වගේ දෙයක්..
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වන වෛද්‍යවරියක නිල නිවාසය තුළදී දූෂණය කළැයි කියන සැකකරු ගල්නෑව නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා... නිලන්ත හෙවත් බන්ටි යන නමින් පෙනී සිටියකු බව ද උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබුණා..
සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට සිද්ධියට පෙර දින එළියට පැමිණ ඇති බවත් කළක් සැකකරු සිවුරක් දරා සිට ඇති බවත් පොලිසිය පවසනවා...
යුද හමුදා සේවයෙන් පළා පුද්ගලයකු යැයි කියන අදාළ සැකකරු වෛද්‍යවරියව අපයෝජනය කිරීමෙන් අනතුරුව ඇගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.. එසේ පැහැරගත් දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ගල්නෑව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා..
අවුකන දුම්රියපොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම හේතුවෙන් පොලීසිය එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා..
එහිදී අදාළ සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් සොයාගැනීමට සමත්වූ බව පොලිසිය සඳහන් කළේ..
ලංකාදීප පුවත්පත ඇසුරෙන්..