Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
23
ඝාතන සැලසුම හැදුවේ ඩුබායි පැන්න පාතාල කල්ලියක්... සංජීව අපරාධකරුවෙක් වෙන්නේ බේකරි ලොරියකින් ලක්ෂ දෙකක් උස්සලා... උසාවි බිමේදී වෙඩි කා මැරුණු සංජීවගේ පැටිකිරිය ගැන වෙනස්ම කතාවක් එළියට...

- ඝාතන සැලසුම හැදුවේ ඩුබායි පැන්න පාතාල කල්ලියක්... සංජීව අපරාධකරුවෙක් වෙන්නේ බේකරි ලොරියකින් ලක්ෂ දෙකක් උස්සලා... උසාවි බිමේදී වෙඩි කා මැරුණු සංජීවගේ පැටිකිරිය ගැන වෙනස්ම කතාවක් එළියට...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

නීතිඥ වෙසින් උසාවි සංකී­ර්ණ­යට ඇතුළු වී වෙඩි­ක්කරු අධි­ක­රණ ශාලා­වේදී ඉලක්ක කරනු ලබන්නේ පාතා­ලයේ කුප්‍ර­කට අප­රා­ධ­ක­රු­වෙක් මෙන්ම මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් වන මාකි­ලං­ග­මුවේ සංජීව නොහොත් ගණේ­මුල්ලේ සංජී­වයි.


උසාවි සංකී­ර්ණය ඉදි­රි­පිට පාතා­ලයේ ගැටුම් බොහො­ම­යක් සිදු­වු­වත් අධි­ක­රණ ශාලා­වක් තුළදී මෙවැනි පාතාල ගැටුම් ඇති­වීම් දුල­භය. ඉති­හා­සය පිරි­ක්සී­මේදී අධි­ක­ර­ණ­යක් ආශ්‍රි­තව සිදුවූ දරු­ණු­තම පාතා­ලයේ ගැටුම වාර්තා වන්නේ 2000 වස­රේ­දීය.

ඒ ගංගො­ඩ­විල අධි­ක­රණ සංකී­ර්ණයේ සිර­මැ­දි­රිය තුළ දුරස්ථ පාලක බෝම්බ­යක් අටවා පුපු­රුවා හැරී­මය. මහේ­ස්ත්‍රා­ත්ව­රයා නඩු අස­මින් සිටි­යදී පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් පිරි­සක් ඉලක්ක කර­ගෙන පුපු­රවා හැරි එම බෝම්බ­යට පාතා­ලයේ 08 දෙනෙකු ඉලක්ක කර­ගෙන බෝම්බය අටවා තිබුණි.

එකී පාතාල ගැටු­මට මුල දෙල්කඳ හන්දි­යේදී මෝටර් රථ­යක් තුළ පාමං­කඩ අශෝක නමැති පාතා­ලයේ ප්‍රබ­ලයා ඇතුළු සිවු දෙනෙක් ඝාත­නය කිරී­මට පළි­ගැ­නී­මකි. එම බෝම්බය එදා උසා­වියේ සිර­මැ­දි­රියේ ඇට­වූයේ යුද හමු­දාවේ සිටි කමාන්ඩෝ බළ­කායේ හිටපු සෙබ­ළෙකි. එම සෙබළා අත්අ­ඩං­ගු­වට ගන්නේ එකල කහ­තු­ඩුව පොලී­සියේ ස්ථානා­ධි­පති ලෙස සේවයේ නිර­තව සිටි අද වන විට කළු­තර අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ලෙස කට­යුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ජී.ජේ. නන්දන මහ­තාය.

ගංගො­ඩ­විල උසා­වියේ බෝම්බ පිපු­රු­මෙන් පසු නැව­තත් මෙරට අධි­ක­ර­ණය ආශ්‍රි­තව සිදුවූ දරු­ණු­තම පාතා­ලයේ ප්‍රහා­රය එල්ල වන්නේ 2004 වසරේ ජන­වාරි 9 වැනිදා අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේ­දීයි. ඒ එකල පාතා­ලයේ ගෝඩ් ෆාදර් ලෙස වැජ­ඹුණු ධම්මික අම­ර­සිංහ නමැති පාතා­ලයේ ප්‍රබ­ල­යාට අධි­ක­ර­ණයේ විත්ති කූඩු­වේ­දීම වෙඩි තබා මරා දැමී­මය.

නීතිඥ වෙසින් අධි­ක­රණ ශාලා­වට පැමිණ සිටි වෙඩි­ක්කරු එදා ධම්මික අම­ර­සිංහ ඉලක්ක කර වෙඩි තබන්නේ විනි­සු­රු­ව­රයා නඩු අස­මින් සිටි­ය­දීය. ඒ මිලි­මී­ටර් 9 වර්ගයේ ගිනි අවි­ය­කිනි. වෙඩි­ක්කරු එදා ගිනි අවිය ද සමඟ අත්අ­ඩං­ගු­වට ගත් අතර චමින්ද නමැති ඔහු ඒ ඝාත­නය සම්බ­න්ධ­යෙන් මේ වන විට සිටින්නේ සිර­ද­ඬු­වම් ලබ­මිනි. මේ ඝාත­නය පිටු­පස සිටියේ ධම්මික අම­ර­සිං­හගේ මර­ණින් පසු පාතා­ලයේ ගෝඩ් ෆාදර් බවට පත් වූ ප්‍රින්ස් කොලම්ය.

මේ ආකා­ර­ය­ටම තවත් පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වෙක් වූ ගොනා­කෝ­විලේ රොහා ඝාත­නය කිරී­මට ගොනා­කෝ­විලේ අංජු නොහොත් කුඩු අංජු උත්සාහ කළේය. ඒ ගොනා­කෝ­විලේ රොහා අධි­ක­ර­ණයේ විභාග වන නඩු­ව­කට ඉදි­රි­පත් කිරී­මට රැගෙන එන දින­යක දී තමාට හිත­වත් පිරි­ස­ක­ගෙන් අධි­ක­රණ ශාලාව පුරවා ඒ අතර වෙඩි­ක්ක­රු­වන් දෙදෙ­නෙක් යොදවා රොහාට වෙඩි තබා මැරී­ම­ටය. ඒ වෙනු­වෙන් රිවෝ­ල්ව­ර­යක් සහ පිස්තෝ­ල­යක් ද අධි­ක­රණ ශාලා­වට එදා රැගෙ­න­විත් තිබුණි.

රොහාව මරා දැමී­මට සැල­සුම් කරන්නේ විනි­සු­රු­ව­රයා නඩුව අසන විට­දීය. ඒ රොහා විත්ති­කූ­ඩුවේ රැඳී සිටින විට­දීය. එහෙත් එදා ඒ පාතා­ලයේ සැල­සුම ව්‍යර්ථ වන්නේ ගිනි අවි දෙක රොහා උසා­වි­යට රැගෙන ඒමට පෙර හසු­වීම නිසා­වෙනි.

නැව­තත් අධි­ක­රණ ශාලා­වක විනි­සු­රු­ව­රයා නඩු­වක් අස­මින් සිටි­යදී වෙඩි පත්තු වන්නේ 2002 වසරේ අගෝස්තු 4 වැනි­දාය. ඒ ගල්කිස්ස උසා­වි­යේ­දීය. හර­ක්කටා ඩුබායි සිට කළ සැල­සු­ම­කට අනුව වෙඩි තබා මරා දැමී­මට සැල­සුම් කරන්නේ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ ඔත්තු­ක­රු­වෙකි. එම වෙඩිල්ල පත්තු වුවත් එය වදින්නේ අහ­ක­ටය. ඒ නිසා උසාවි භූමියේ සිදු­ව­න්නට ගිය තවත් ඝාත­න­යක් ව්‍යර්ථ වී ගියේය.

මේ සිදු­වීම් කිහි­පය හැරු­ණු­විට පසු­ගිය කාලයේ පාතාල අප­රා­ධ­ක­රු­වන් සිය ප්‍රති­වි­රුද්ධ කල්ලි සාමා­ජි­ක­යන් අධි­ක­ර­ණ­යට පැමි­ණෙන අව­ස්ථා­ව­ලදී ඝාත­නය කිරී­මට ගත් උත්සා­හ­යන් බොහෝය. කුප්‍ර­කට පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ට බන්ධ­නා­ගා­රයේ සිට අධි­ක­රණ වෙත රැගෙන එන විට පොලිස් විශේෂ කාර්ය බළ­කායේ ආර­ක්ෂාව පවා ලබා දීමට ආර­ක්ෂක බල­ධා­රීන් පිය­වර ගත්තේ ඒ නිසා­මය. පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් රැසක් අද ජීව­තුන් අතර සිටින්නේ එබැ­විනි.

මාකි­ලං­ග­මුවේ සංජීව නොහොත් ගනේමුල්ල සංජීව ද බන්ධ­නා­ගා­රයේ සිට අධි­ක­ර­ණය වෙත රැගෙන එන විට පොලිස් විශේෂ කාර්ය බළ­කාය ඇතුළු පොලි­සියේ ආර­ක්ෂාව ලබා­දුන්නේ කලක සිටය. ඒ ඔහු­ටද ප්‍රති­වි­රුද්ධ පාතාල අප­රා­ධ­ක­රු­ව­න්ගෙන් තර්ජන එල්ල වෙමින් පැවති බව බුද්ධි වාර්තා තිබුණු හෙයිනි.

පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ට එසේ ආර­ක්ෂා­වක් සැප­යු­වත් අධි­ක­රණ පද්ධ­තියේ ආර­ක්ෂාව ප්‍රමා­ණ­වත් නොවන බව පොලිස් ප්‍රධා­නීන් අතර සාක­ච්ඡා­වක් ගොඩ­නැ­ඟෙන්නේ පසු­ගිය 7 වැනි­දාය. අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ සංකී­ර්ණයේ වෙඩි පත්තු­වන්නේ අධි­ක­රණ ආශ්‍රි­තව ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ගත යුතු ක්‍රියා­මාර්ග එහිදී නිර්දේශ වී සති දෙකක් ගත­ව­න්න­ටත් මත්තෙනි.

පාතා­ලයේ ගෝඩ් ෆාදර් වෙන්න සිහින මව­මින් සිටි මාකි­ලං­ග­මුවේ සංජීව නොහොත් ගණේ­මුල්ලේ සංජී­වට ද වෙඩි තබන්නේ වසර 20කට පමණ පෙර ධම්මික අම­ර­සිං­හට වෙඩි තැබූ ආකා­ර­ය­ට­මය. වෙඩි­ක්කරු එහි එන්නේ නීතිඥ වෙසිනි. ධම්මි­කට වෙඩි තබන්නේ මිලි­මී­ටර් 9 වර්ගයේ පිස්තෝ­ල­ය­කින් වුවත් මාකි­ලං­ග­මුවේ සංජී­වට වෙඩි තබන්නේ 0.38 වර්ගයේ රිවෝ­ල්ව­ර­ය­කිනි. ගිනි අවිය උසා­විය ඇතු­ළට ගෙන එන්නේ මේ අවස්ථා දෙකෙ­හි­දීම පොතක් අස්සේ සඟ­වා­ගෙ­නය. ඒ ගිනි අවියේ හැඩ­යට පොතේ මැද කොටස කපා ඒ තුළ බහා­ගෙ­නය.

ධම්මික අම­ර­සිං­හට වෙඩි තැබූ වෙඩි­ක්කරු ඒ මොහො­තේම අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සිය එදා සම­ත්වු­වත් මාකි­ලං­ග­මුවේ සංජී­වට වෙඩි තැබූ වෙඩි­ක්කරු අල්ලා ගැනීම එත­රම් පහසු කට­යු­ත්තක් වූයේ නැත. පොලී­සිය සමත් වන්නේ කළු කෝට් එකක් දැමූ වෙඩි­ක්කරු ආර­ක්ෂක කැමරා මඟින් හඳුනා ගැනී­මට පමණි.

විසි වස­ර­කට පෙර ධම්මික අම­ර­සිං­හට වෙඩි තබා මරා දමන්නේ දේශ­පා­ලන හා පාතා­ලයේ ලොකු සැල­සු­ම­කට අනු­වය. අද රටේත් නැති දැවැන්ත දේශ­පා­ලන සම්බ­න්ධ­කම් ඇති පාතා­ලයේ ප්‍රබ­ල­යෙක්ද ඒ පිටු­පස සිටි­යේය. රටේ ප්‍රබල දේශ­පා­ල­න­ඥ­යෙක් පවා එංග­ල­න්තයේ සංචා­ර­යක නිරත වූ අව­ස්ථා­ව­කදී තවත් ප්‍රබල දේශ­පා­ල­න­ඥ­යෙක් සමඟ ගොස් එකී පාතා­ලයේ අප­රා­ධ­කරු හමුවී තිබුණේ එංග­ල­න්තයේ ඇති ඔහුට අයත් හෝට­ල­ය­ක­දීය. ඒ තර­මට ඔහු දේශ­පා­ල­නික වශ­යෙන් ශක්ති­මත්ය.

ධම්මික අම­ර­සිංහ මරා දැමී­මට වෙඩි­ක්කරු පුහුණු කර­න්නේද මාලි­ගා­වත්ත පැත්තේ පාළු ස්ථාන­යක උසා­වි­යක් නිර්මා­ණය කර­මිනි. මාකි­ලං­ග­මුවේ සංජී­වට වෙඩි තැබූ වෙඩි­ක්ක­රුට එවැනි පුහු­ණු­වක් ලැබු­ණේ­දැයි මෙතෙක් පැහැ­දිලි නැත. ඒ තව­මත් මේ වෙඩි තැබීම ගැන විම­ර්ශන ඇත්තේ මූලික අදි­යරේ වන බැවිනි. එදා ධම්මික අම­ර­සිංහ ඝාතන සැල­සුම මෙරට දී ක්‍රියා­ත්මක වුවත් බුද්ධි අංශ­ව­ලට මේ වන විට ලැබී ඇති තොර­තු­රු­ව­ලට අනුව නම් මාකි­ලං­ග­මුවේ සංජී­වගේ ඝාතන සැල­සුම ක්‍රියා­ත්ම­කව ඇත්තේ රටින් පිටය. ඒ ඩුබායි, ඉන්දි­යාව සහ තවත් යුරෝ­පීය රටක රැඳී සිටින පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් පිරි­ස­කගේ සැල­සු­ම­කට අනු­වය. ඒ බව තව­මත් ඇත්තේ විම­ර්ශන මට්ට­මේය. ඉදි­රි­යේදී එහි ඇත්ත නැත්ත පොලී­සිය විසින්ම නිල වශ­යෙන් කියනු ඇත.

මාකිං­ල­ග­මුවේ සංජීව සමඟ පාතා­ලයේ ගැටුම් බොහො­ම­යක් පැව­තියේ ඩුබා­යිහි රැඳී සිටින කෙහෙ­ල්බ­ද්දර පද්මේය. ගම්පහ පස් මාෆි­යාවේ කිරුළ පැලඳි පස් පොඩ්ඩා ගම්පහ අධි­ක­ර­ණයේ නඩු­වක් සඳහා පෙනී සිට ගමන් කර­මින් සිටි­යදී 2022 වස­රේදී අධි­ක­ර­ණය ආස­න්න­යේදී වෙඩි තබා මරා දමන්නේ කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඩුබායි සිට කළ සැල­සු­ම­කට අනු­වය. එම වෙඩි තැබී­මෙන් පස් පොඩ්ඩා සමඟ සිවු දෙනෙක් මිය ගියහ.

පස් පොඩ්ඩාට වෙඩි ප්‍රහා­රය එල්ල­වන්නේ පස් මාෆි­යාවේ ගැටු­මක ප්‍රති­ඵ­ල­යක් ලෙස කෙහෙ­ල්බ­ද්දර පද්මේගේ පියා ඝාත­නය කිරී­මට පළි­ගැ­නී­මක් ලෙසය. කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඩුබායි පනින්නේ ජීවි­තා­ර­ක්ෂා­ව­ටය. පස් පොඩ්ඩාගේ හයිය මාකි­ලං­ග­මුවේ සංජී­වයි. පද්මේගේ පියාගේ ඝාත­නය පිටු­පස සිටියේ ද මාකි­ලං­ග­මුවේ සංජී­වයි. එකල ඔහු රැඳී සිටියේ ඉන්දි­යා­වේය. පස් පොඩ්ඩාගේ ඝාත­න­යෙන් කැළ­ඹුණු ඔහු පද්මේගේ ගෝල­බා­ල­යන්ට පන්න පන්නා වෙඩි තැබු­වේය.

ඒ සිය ගෝල­බා­ල­යින් යොදා­ගෙ­නය. මේ නිසා පද්මේ සිටියේ මාකි­ලං­ග­මුව සංජීව සමඟ වෛර­ය­කිනි. බටු­වත්තේ චාමර නමැති පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රුට ද මාකි­ලං­ග­මුවේ සංජී­ව­ගෙන් දිගින් දිග­ටම පැව­තියේ අරි­යා­දුය. මෑත­කදී ජා-ඇළ වැලි­ග­ම්පි­ටියේ පිහිටි බටු­වත්තේ චාම­රගේ නිවෙ­සට පසු­ගිය දෙසැ­ම්බර් මාස­යේදී අවස්ථා දෙකක දී එල්ල වූ වෙඩි ප්‍රහාර පිටු­පස සිටියේ යැයි කියැ­වෙ­න්නේද මාකි­ලං­ග­මුවේ සංජී­වගේ පාතා­ලයේ පුරුක්ය. මේ නිසා රටින් පිට සිටි­යත් බටු­වත්තේ චාමර ද සිටියේ මාකි­ලං­ග­මුවේ සංජීව සමඟ වෛර­ය­කිනි.

මත්කුඩු ජාවා­රමේ සැඟ­වුණු චරි­ත­යක් වන ජූඩ් සම­ඟද මාකි­ලං­ග­මුවේ සංජී­වට ගැටුම් තිබී ඇත. ඒ මත්කුඩු ජාවා­රම මුල්ක­ර­ගෙ­නය. එසේම ඉන්දි­යාවේ රැඳී සිටින බව කියැ­වෙන කෙසෙ­ල්වත්තේ ධනුක සම­ඟද මාකි­ලං­ග­මුවේ සංජීව හිත් අම­නා­පය. මාකි­ලං­ග­මුවේ සංජීව සමඟ ගැටුම් ඇති මේ හැමෝම දැන් ඉන්නේ එකම කණ්ඩා­ය­මක් ලෙසිනි. මේ අය මාකි­ලං­ග­මුවේ සංජී­වගේ මර­ණයේ සතුට පළ කර ඇතැයි පැව­සෙන්නේ සාද පව­ත්ව­මිනි.

ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් මෙන්ම කුලී ඝාත­ක­යෙක් ද වන සංජීව කුමාර සම­ර­රත්න නොහොත් මාකි­ලං­ග­මුවේ සංජීව එසේත් නැති­නම් ගණේ­මුල්ලේ සංජීව නමැති පාතාල අප­රා­ධ­කරු කාල­යක්ම රැඳී සිටියේ රටින් පලා ගොස් ඉන්දි­යා­වේය. ඔහුගේ පාතාල වැඩ බොහො­ම­යක් සිදු­වූයේ ඉන්දි­යාවේ සිටය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩි­ක්ක­රු­ව­න්ගෙන්ද ඔහු වැඩ ගත්තේය. කුලී ඝාත­ක­යන් ලෙස ඔහු යොදා­ගත්තේ එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩි­ක්ක­රු­වන්ය. යුද්ධය නිමා­වී­මෙන් පසු උතුරේ තැන තැන වළ දමා තිබුණු එල්.ටී.ටී.ඊ.යේ ගිනි අවි මාකි­ලං­ග­මුවේ සංජී­වගේ කල්ලිය අතට ද ආවේය. මෙතෙක් පාතාල අප­රා­ධ­ක­රු­ව­කු­ගෙන් සොයා­ගෙන ඇති වැඩිම ගිනි අවි ප්‍රමා­ණය සොයා­ගෙන ඇත්තේද මාකි­ලං­ග­මුවේ සංජී­ව­ගෙන් සහ ඔහුගේ කල්ලිය සතුව තිබි­ය­දීය. එම ප්‍රමා­ණය සිය­ය­කට වැඩිය.

රටින් පලා ගොස් සිටි මාකි­ලං­ග­මුවේ සංජීව මෙර­ටදී අත්අ­ඩං­ගු­වට ගන්නේ බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළේදී 2023 වසරේ සැප්තැ­ම්බර් 13 වැනි­දාය. ඒ ව්‍යාජ ලෙස සකස් කළ විදෙස් ගමන් බල­ප­ත්‍ර­ය­කින් මෙර­ටට පැමි­ණෙ­මින් සිටි­ය­දීය.

මාකි­ලං­ග­මුවේ සංජීව රටින් පනින්නේ මන්නා­ර­මෙන් බෝට්ටු­වක නැඟී ඉන්දි­යා­ව­ටය. ඒ ඊට වසර එක­හා­මා­ර­කට පෙරය. ඒ පැන­ගත් ඔහු කෙළින්ම යන්නේ ඉන්දි­යාවේ නේපාල සීමා­ව­ටය. මෙර­ටින් ඉන්දි­යා­වට පනින පාතාල අප­රා­ධ­ක­රු­වන් බොහෝ දෙනෙක් ආර­ක්ෂි­තව නවා­තැන් ගන්න තෝරා­ගන්නේ දකුණු ඉන්දි­යාවේ චෙන්නායි නුව­රය. පාතාල අප­රා­ධ­ක­රු­වන් බොහෝ දෙනෙක් චෙන්නායි කේන්ද්‍ර කර ගනි­මින් රැඳී සිටි­යත් මාකි­ලං­ග­මුවේ සංජීව සිය ආර­ක්ෂක නවා­තැ­න්පොළ බවට නේපාල දේශ සීමා­වට අයත් ප්‍රදේ­ශ­යක් තෝරා ගන්නේ මෙර­ටින් පැන තමි­ල්නා­ඩුවේ රැඳී සිටින පාතාල අප­රා­ධ­ක­රු­වන් කොටු කර ගැනී­මට තමි­ල්නාඩු පොලී­සිය විසින් ඒ වන විට විශේෂ මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කර තිබූ බැවිනි.

මාකි­ලං­ග­මුවේ සංජීව රටින් පනින්නේ ද නීති­ඥ­වරු පිරි­ස­කගේ රැක­ව­ර­ණ­යක් ලබ­මිනි. මිනිස් ඝාතන ඇතුළු අප­රාධ ගොන්න­ක­ටම චෝදනා ලැබ කාල­යක් තිස්සේම රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඇප ලබා සංජීව උසා­වි­යෙන් එළි­යට එන්නේ අධි­ක­රණ පරි­ශ්‍රය තුළ­දීම නීති­ඥ­ව­ර­ය­කුගේ ජීප් රථ­ය­කට ගොඩ­වෙ­මිනි. එම රථය මැදි­කොට නීති­ඥ­වරු පිරි­සක්ම මෝටර් රථ හා ජීප් රථ හතර පහ­කින්ම ආවේ සංජී­වගේ ආර­ක්ෂා­ව­ටය. එසේ නීතිඥ ආර­ක්ෂා­වක් සහි­තව සංජීව රැගෙන යන්නේ ගණේ­මුල්ල මාකි­ලං­ග­මුවේ පිහිටි ඔහුගේ නිවෙ­ස­ටය. අන­තු­රුව ඔහු එම නිවෙ­සින්ද අතු­රු­දන් වන්නේ නීති­ඥ­වරු එම නිවෙ­සින් පිටව යෑමත් සම­ඟිනි. එසේ අතු­රු­දන් වූ ඔහු නැවත මතු වන්නේ ඉන්දි­යා­වෙනි.

ගුව­න්තො­ටු­පො­ළේදී අත්අ­ඩං­ගු­වට ගත් සංජීව ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනතේ විධි­වි­ධාන අනුව වස­ර­කට වැඩි කාල­යක් රඳවා තබා­ගෙන විම­ර්ශන පව­ත්වනු ලැබුවේ වීර­ඟුල පොලිස් ස්ථාන­යේය. පොලී­සිය ඇතුළේ සිටි­යදී ඔහුට පාතා­ලයේ ප්‍රහා­ර­යක් එල්ල වනු ඇතැයි වූ බුද්ධි තොර­තුරු හේතු­වෙන් පොලී­සිය වටේ­ටම විශේෂ කාර්ය බළ­කායේ ආර­ක්ෂාව මෙන්ම ආර­ක්ෂක කැමරා ද සවි­කර තිබු­ණේය. ඒ කාලයේ ඔහු තමන්ට රැක­ව­ර­ණය දුන් දේශ­පා­ල­න­ඥ­යන් බොහෝ දෙනෙක් ගැන තොර­තුරු වැමෑ­රු­වේය. ඒ දේවල් එළි­යට එන විට සංජී­වගේ දුක සැප බලන්න නීති­ඥ­වරු වැල නොකැඩී පෝලි­මට ඇවිත් තිබුණේ රැයක් දවා­ලක් නැති­වය. ඒ කන්න බොන්න පවා දෑතින් බඩු මලු එල්ලා­ගෙ­නය. ඒ ඇවිත් ඔවුන් පෙනී සිටින්නේ සංජී­වගේ ජීවි­තා­ර­ක්ෂාව වෙනු­වෙනි.

සංජී­වගේ මානව හිමි­කම් සොයා බලන්න එදා ඒ පැමිණි කිසිම නීති­ඥ­යෙක් සංජී­වගේ වෙඩි උණ්ඩ­යට බිලි වූ ජීවිත ගැන කිසි­දි­නක අනේ අපොයි කීවේ නැත. සංජීව නිසා ජීවිත හානි වූ විසි තිස් ගණ­න­කගේ මානව හිමි­කම් ගැන සොයා බැලුවේ නැත.

වීර­ඟුල පොලිස් ස්ථානයේ රඳවා සිටි මාකි­ලං­ග­මුවේ සංජීව සම්බ­න්ධ­යෙන් වූ ප්‍රධාන විම­ර්ශ­කයා ලෙස එදා කට­යුතු කරන්නේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­ස­යයි. සංජී­ව­ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඝාතන රැසක තොර­තුරු පම­ණක් නොව, ඒවාට යොදා­ගත් ගිනි අවි පවා සොයා­ග­ත්තේය. ටී 56, රිවෝ­ල්වර, පිස්තෝල වැනි අවි ආයුධ රැසක් සොයා­ගන්නේ සංජී­වගේ කටින් හෙළිවූ තොර­තුරු මතය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩි­ක්ක­රු­වන් සමඟ සංජී­වට සම්බ­න්ධ­කම් ගොඩ­නැ­ඟෙන්නේ බන්ධ­නා­ගා­ර­යේ­දීය. සංජීව විසින් එල්.ටී.ටී.ඊ.යේ වෙඩි­ක්ක­රු­ව­න්ගෙන් පවා හොඳ­ටම වැඩ ගත්තේය. කොස්ගොඩ සුජී­ගෙන් සහ මාක­ඳුරේ මධු­ෂ්ගෙන් පසු එල්.ටී.ටී.ඊ.යේ වෙඩි­ක්ක­රු­ව­න්ගෙන් හොඳ­ටම වැඩ ගත්තේ මාකි­ලං­ග­මුවේ සංජී­වය.

දෙමළ සන්ධා­නයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්. සුම­න්ති­රන් මහතා ඝාත­නය කිරී­මට පවා එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමා­ජි­ක­යන් පිරි­සක් ඔහු සමඟ කළ උත්සා­හ­යක් ගැන ද රාජ්‍ය බුද්ධි සේවය වරක් හෙළි කර ගත්තේය. එම ඝාතන සැල­සු­මට සම්බ­න්ධව සිටි එල්.ටී.ටී.ඊ.යේ වෙඩි­ක්ක­රු­වන් ද සමඟ මාකි­ලං­ග­මුවේ සංජී­වගේ ගෝල­බා­ල­යන් රැසක් කොළඹ අප­රාධ කොට්ඨා­සය සමඟ එක්ව 2019 වසරේ රාජ්‍ය බුද්ධි සේවයේ මෙහෙ­යු­ම­කට අනුව කොටු­කර ගන්නේ සුම­න්ති­රන් මන්ත්‍රී­ව­ර­යාගේ ජීවි­තය ද ආරක්ෂා කර ගනි­මිනි.

එහිදී ගිනි අවි සහ බෝම්බ රැසක් ද කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් සොයා ගත්තේය. උතුරේ වළ දැමූ එල්.ටී.ටී.ඊ.යේ ආයුධ මාකි­ලං­ග­මුවේ සංජී­වගේ අතට පත්වන බව තහ­වුරු වන්නේ එහි­දීය. ඒ වන විට සංජීව සිටින්නේ බන්ධ­නා­ගා­ර­ග­ත­වය. ඒ 2015 වසරේ සිටය. භාරත ලක්ෂ්මන් ප්‍රේම­චන්ද්‍ර මහතා ඝාත­නය සම්බ­න්ධ­යෙන් වර­ද­කරු වී මේ වන විට මර­ණීය දණ්ඩ­නය නියම වී සිටින දෙම­ට­ගොඩ චමින්ද නමැති පාතා­ලයේ ප්‍රබ­ලයා ඝාත­නය කිරීමේ අර­මු­ණින් 2015 වස­රේදී දෙම­ට­ගොඩ ගුවන් පාලම ආස­න්නයේ ඇති ඉංගම් හන්දි­යේදී බන්ධ­නා­ගාර බස් රථ­ය­කට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කරන්නේ පාතා­ලයේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වන් රැස­කගේ මෙහෙ­ය­වී­මෙනි. එකල අධි­ක­ර­ණයේ විභාග වෙමින් පැවති භාරත ලක්ෂ්මන් ඝාතන නඩු­වට ඉදි­රි­පත් කර දෙම­ට­ගොඩ චමින්ද නැවත බන්ධ­නා­ගා­ර­යට රැගෙන එමින් තිබි­යදී එම එල්ල කළ ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වනු ලැබුවේ ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන්ය. බන්ධ­නා­ගාර බස් රථ­යට වෙඩි තබා දෙම­ට­ගොඩ චමින්ද ඝාතන සැල­සු­මට ගෑවුණු හැම අප­රා­ධ­ක­රු­වෙක්ම පාහේ එදා ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගත්තේය. මාකි­ලං­ග­මුවේ සංජීව පවා සිටියේ ඒ අය අත­රය.

ඒ වන විට මාකි­ලං­ග­මුවේ සංජීව සිටියේ පාතා­ලයේ චරි­ත­යක් බවට පත්වය. ඒ තැනට ඔහු පත්වන්නේ ටිකෙන් ටිකය. සංජී­වගේ ඉති­හා­සය පිරි­ස්සී­මේදී පෙනී යන්නේ ඔහු අධ්‍යා­පන පොදු සහ­තික පත්‍ර උසස් පෙළද සමත් විශ්ව­වි­ද්‍යාල වරම් ලබන්න පවා සුදු­සු­කම් ලැබූ­වෙක් බවය. ඔහුගේ පියා වතු­පි­ටි­වල රෝහලේ හිටපු දුර­ක­තන ක්‍රියා­ක­රු­වෙකි. සමු­ප­කාර පරී­ක්ෂ­ක­ව­ර­යෙක් ලෙස ගම්පහ පැත්තේ සමු­ප­කා­ර­යක ද සේවයේ නිර­තව සිට ඇති සංජීව යුද හමුදා කමාන්ඩෝ බළ­කායේ සෙබ­ළෙක් ලෙසද සේවය කර ඇත්තේය. ඒ යුද්ධය දරු­ණු­ව­ටම පැවති වක­වා­නු­වේ­දීය. ඔහු යුද හමුදා කමාන්ඩෝ බළ­කා­යට එක්වන්නේ රට ජාතිය ගැන ඇති වුණු කැක්කු­ම­කිනි. එහෙත් ඔහු වැඩි කාල­යක් හමුදා සේවයේ නිර­තව සිටියේ නැත. ඉන් ඉවත්ව නයි­වල පිහිටි කාය­ව­ර්ධන මධ්‍ය­ස්ථා­න­යක උප­දේ­ශ­ක­යෙක් ලෙස සේවයේ නිර­තව සිටි­යේය. කාය­ව­ර්ධන ශිල්පි­යෙක් මෙන්ම කරාතේ ශූර­යෙක් වූ බැවින්ම සංජී­වට එම රැකි­යාව හොඳින්ම ගැළ­පු­ණේය.

සංජීව අප­රා­ධ­ක­රු­වෙක් ලෙස භෞතිස්ම ලබන්නේ ඔහු සේවයේ නිර­තව සිටි කාය­ව­ර්ධන මධ්‍ය­ස්ථා­නය ආස­න්නයේ නතර කර තිබුණු කළ­ගෙ­ඩි­හේනේ පිහිටි ආය­ත­න­ය­කට අයත් බේකරි ආහාර බෙදා හරින ලොරි­ය­කින් රුපි­යල් ලක්ෂ දෙක­කට ආසන්න මුද­ලක් කොල්ල­කෑ­මක් සම්බ­න්ධ­යෙන් පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වී­මත් සම­ඟය. ඔහු සමඟ කාය­ව­ර්ධන මධ්‍ය­ස්ථා­න­යට නිතර එන යන සංජී­වගේ මිතු­ර­කු­වද පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි. වේය­න්ගොඩ චාමර නමින් පසු­කා­ලයේ නම­ගිය මැර­යෙක් බවට පත්වන්නේ ඔහුය. 2004 වසරේ සිදු­වුණු එම කොල්ල­යට බන්ධ­නා­ගා­ර­ගත වන සංජීව වැඩි කාල­යක් හිරේ විලං­ගුවේ වැටී සිටියේ නැත. ඇප මත නිද­හස ලැබී­මෙන් පසු නැව­තත් සුපු­රුදු කාය­ව­ර්ධන උප­දේ­ශක රැකි­යා­වට පිවි­සෙන්නේ ගණේ­මුල්ල පැත්තේ කාය­ව­ර්ධන මධ්‍ය­ස්ථා­න­ය­කිනි. බටු­වත්තේ එකල නම­ගිය පාතාල අප­රා­ධ­ක­රු­වන් කිහිප දෙනෙක් ඔහු දැන හඳුනා ගන්නේ එහි­දීය. ඒ අය අතර බටු­වත්තේ චූලා ද සිටි­යේය.

ඒ වන විට බටු­වත්තේ චූලා ඇතුළු කණ්ඩා­යම සූදා­න­මින් සිටින්නේ විදෙස් බැංකු­වක මෙරට ශාඛා­වක මුදල් ප්‍රවා­හ­නය කරන සේප්පු ලොරි­යක් කොල්ල­කෑ­ම­ටය. ඊට සම්බන්ධ වන්නට සංජී­ව­ටද ආරා­ධ­නා­වක් ලැබෙන්නේ බටු­වත්තේ චූලා­ගෙනි. අතේ සතේ නැතිව සිටි සංජීව ඊට කැමැත්ත පළ කරන්නේ එක පයින්ය. ඔහුත් සමඟ නයි­වල කොල්ල­යට බන්ධ­නා­ගා­ර­ගත වූ වේය­න්ගොඩ චාම­රද ඊට සම්බන්ධ කර ගත්තේය. කොල්ලය සිදු­වන්නේ 2009 වස­රේ­දීය. එකල සිදු­වුණු විශා­ල­තම මුදල් කොල්ලය වූයේ එයයි. රුපි­යල් කෝටි 7ක් එදා ඔවුන් කොල්ල­කෑහ. ඒ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පැවැ­ත්වූයේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­ස­යයි. එහි ප්‍රධා­නියා ලෙස සේවයේ නිර­තව සිටියේ මේ වන විට පොලිස් සේව­යෙන් විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ප්‍රියන්ත ජය­කොඩි මහ­තාය. ඔහු යටතේ ක්‍රියා­ත්මක එකී පොලිස් කණ්ඩා­යම බටු­වත්තේ චූලා, සංජීව ඇතුළු කොල්ල කල්ලි­යම අත්අ­ඩං­ගු­වට ගන්නේ කොල්ල කන මුදල්ද, ඒ සඳහා යොදා­ගත් ගිනි අවිද සම­ඟිනි. සංජීව කුමාර සම­ර­ර­ත්නට මාකි­ලං­ග­මුවේ සංජීව යැයි නම පට බැඳෙන්නේ ඒත් එක්ක­මය. ඒ ඔහු මාකි­ලං­ග­මුවේ පදිං­චි­ක­රු­වෙක් වූ බැවිනි. පාතාල ලෝක­යට මාකි­ලං­ග­මුවේ සංජීව නමින් ප්‍රබල අප­රා­ධ­ක­රු­වෙක් බිහි­වන්නේ ද ඒත් එක්ක­මය.

ගයාන් කුමාර වීර­සිංහ 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top