රෝස වතුර නැතිනම් Rose water, මේ නම් ඔබට ගොඩක් සුපුරුදු ඇති..
රුව ලස්සනට තියාගන කැමති ගොඩක් දෙනෙක් ඒ ගැන උනන්දු වුණත්, නිවැරදිව Rose water සාදාගන්න ඔබ දන්නේ නැත්නම්, ඒ ගැන දුක්වුණු ඔයාට මේ ලිපිය වැදගත් වේවි..
ස්වභාවික පැක් හදද්දී රෝස වතුර බොහොවිට අවශ්‍ය වෙනවා.. ඉතින් මේ රෝස වතුර ගෙදරදීම හදා ගන්න එක තමයි හොඳ.. රෝස වතුර හදා ගන්න ක්‍රම කිහිපයක් තිබුණත් රෝස වතුර හදා ගන්න සාර්ථක ක්‍රමයක් තමයි මේ..
මේ සඳහා අවශ්‍ය වන්නේ රෝස මල් 04ක් සහ අයිස් කැට ට්‍රේ දෙකක්...
මුලින්ම රෝස පෙති වෙන් කරගෙන එ ටික සොදා පිරිසිදු කරගෙන ලිපේ තියන්න පුලුවන් භාජනයකට දාමා ගන්න එහි මැද කොටස ඉතුරු වෙන්න තියලා වටේට තමයි රෝස පෙති ටික දා ගන්නේ දැන් මැදින් උණු වතුරට උණු නොවෙන පොඩි භාජනයක් තියන්න ඊට පස්සෙ ඒ භාජනයට නොවැටෙන ලෙස ලොකු භාජනයට වතුර දාමා ගන්න රෝස පෙති වැහෙන ප්‍රමාණයට ඊට පස්සෙ ලොකු භාජනය වැහෙන්න පියනකින් වහා ගන්නවා එ වහද්දී මතක ඇතුව පියන කනපිට හරවලා තියන්න මොකද දන්නවාද ඒ පියන මත තමයි අයිස් කැට ටික තියන්න ඕන...
දැන් ලිප සමාන්‍ය ප්‍රමාණයට දල්වා ගන්න ගින්දර අඩුත් නොවි වැඩිත් නොවී තියා ගන්න...
දැන් අතුලේ වතුර ටිකක් රත් වෙද්දී අයිස් කැට ටික පියන මත තබා ගන්න.. පැය භාගයකට පසු ලිපෙන් බා ගන්න දැන් නිවෙන්න තියලා ටිකකින් ඇරලා බලන්න මැද තියපු හිස් භාජනයට රෝස වතුර පිරිලා ඇති දැන් ඔන්න වටිනා රෝස වතුර ටික භාවිතයට ගන්න සූදානම්.. දැන් බොතලයකට දාමාගෙන එය පාවිච්චියට ගන්න...

අන්තර්ජාලය ඇසුරෙන්..