සමහරුන්ට මේවා ඉතා ඉක්මණින් ආසාදනය වන්නටත් තවත් අයට එසේ නොවන්නටත් හේතුව කුමක්ද..? මේවයින් කෙරෙන කාර්ය කුමක්ද..? මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි අප කාටත් තියෙන්නේ.. මේ සෙම්ගෙඩි නැත්නම් ටොන්සිල් ලෙස හදුන් වන්නේ ග්‍රන්ථි විශේෂයක්...
බෙල්ල දෙපැත්තේ ඇතුල් පැත්තේද..? උගුරේ ඉහලින්ද ලෙස මෙම ග්‍රන්ථි පිහිටා තියෙනවා. මේවා ඇත්තටම වසා ගැටිති කියලා කිව්වා නම් හරි.. වසා ගැටිති කිව්වාම ඔබට මතක් වෙන්නේ මොනවාද.?
කකුලේ එහෙම තුවාලයක් හැදුනාම ඉකිලියේ කුද්දැට්ටක් එනවා නේද.? අන්න ඒ කුද්දැට්ට තමයි වසා ගැටිති කියන්නේ.. මේ කුද්දැට්ටට හේතුව දන්නවා නම් ඒකම තමයි මේ සෙම් ගෙඩිවලට හේතුවත්.. යම් හේතුවක් නිසා මේ කුද්දැට්ට ඉදිමිලා වේදනා දෙනවා..
වැසි සහිත, සීත සුළං සහිත කාලවලදී බොහෝ දෙනාට ඇති විය හැකි සෞඛ්‍ය ගැටලුවක් ලෙස සෙම් ගෙඩි ඉදිමීම (Tonsils) දැකිය හැකියි..
අපගේ සිරුරට බාහිරින් ඇතුළු වන විෂබීජ විනාශ කිරීමට ක්‍රියාකරන වසා පද්ධතියට අයත් උගුරේ ඇති වසා ගැටිති දෙකට සෙම් ගෙඩි (Lymph Nodes) ලෙස හඳුන්වනවා..
සෙම් ගෙඩි ඉදිමුම
සෙම් ගෙඩි ඉදිමුම බහුලවම සිදු වන්නේ වෛරස් රෝග ආසාදනයකදීය.. ශ්වසන මාර්ගය ඔස්සේ සිරුරට ඇතුළු වන වෛරස්වලට එරෙහිව උගුරෙහි ඇති වසා ගැටිති දෙක ක්‍රියා කිරීමේදී මෙම ඉදිමුම ඇති වෙනවා..
සිරුරට ඇතුළු වන වෛරසය මෙම වසා ගැටිති තුළට ගෙන එය විනාශ කිරීමට ක්‍රියා කරනවා...
එසේම බැක්ටීරියා ආසාදනවලදී ද මෙම වසා ගැටිති මගින් ඊට එරෙහිව ක්‍රියා කරයි. විශේෂයෙන්ම ස්ටේරප්ටො කොකස් කාණ්ඩයට අයත් (streptococcus) බැක්ටීරියාවන්ය..
මෙහිදී එක් එක් පුද්ගලයාගේ සිරුරේ පවතින ප්‍රතිශක්තියේ ස්වභාවය අනුව එම ඉදිමුම සිදුවන අතර, ඇතැම් පුද්ගලයන්ට මෙම වසා ගැටිති ඉදිමුම සිදුවුව ද එය එතරම් නොදැනේ... තවත් අයට මෙම වසා ගැටිති ඉදිමුණු විට උගුරේ වේදනාවක්, කෙළ ගිලීමේ අපහසුවක්, උගුරු ප්‍රදේශය රත් පැහැ ගැන්වීමක් ඇතිවෙනවා..
තම සෙම් ගෙඩි නිතර ඉදිමුමට ලක්වන බව ඇතැම් දෙනා පවසනවා.. එසේ සිදුවන්නේ ඔවුනගේ සිරුරේ පවතින ප්‍රතිශක්තියේ ස්වභාවය අනුවයි... එනිසා එවැනි පුද්ගලයන් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුයි...
ප්‍රතිකාර
සෙම් ගෙඩි ඉදිමුමට ලක්වූ විට ඒ සඳහා වේදනා නාශක ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ ආදිය ලබාදෙනවා.. සෙම් ගෙඩි ඉදිමුම නිසා මතුව ඇති අපහසුතා එතරම් වේදනාකාරී නැති නම් උණු වතුරින් උගුර සේදීම, උණුසුම් ජලය පානය ප්‍රමාණවත්..
සෙම් ගෙඩි හෙවත් උගුරේ පිහිටා ඇති මෙම වසා ගැටිති ඉවත් කිරීම වර්තමානයේදී වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නැහැ... මෙය සිරුරේ ආරක්ෂක පද්ධතියක් වන බැවින් එය ඉවත් නොකළ යුතු බව හඳුනාගෙන ඇති අතර, සෙම් ගෙඩි ඉදිමුම දින තුන හතරක් පමණ කාලයක් පවතිනවා... ඉන් පසු එය සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා..
අන්තර්ජාලය ඇසුරෙන්..