Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
30
සාහසිකයෙකුගේ වෙඩිපහරින් අවසන් හුස්ම හෙලූ ක්‍රිකට් ක්‍රීඩාවට පෙම්බැඳි ''නානුඹය සජීගේ'' කතාව

- සාහසිකයෙකුගේ වෙඩිපහරින් අවසන් හුස්ම හෙලූ ක්‍රිකට් ක්‍රීඩාවට පෙම්බැඳි ''නානුඹය සජීගේ'' කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

''සජී හම්බකළේ සල්ලි නෙවෙයි මිනිස්සු,
සජී මැරුනයි කීවට කොල්ලෝ තාමත් අඬනවා,
ඒ තරමට මිනිස්සු එක්ක හිටපු මනුස්සයෙක්''

මහනුවර - පිළිමතලාව - නානුඹය ප්‍රදේශයේදි පසුගිය දිනෙක ආපන ශාලාවක් තුලදී වෙඩි තබා ඝාතනය කළ ව්‍යාපාරිකයෙකු වූ සංජය බණ්ඩාරගේ අවසන් කටයුතු හෙට (31) දිනෙට යෙදී තිබේ. ව්‍යාපාරිකයෙකු ලෙසින් කටයුතු කළත් ඔහු ප්‍රදේශය පුරා තරුණයින් අතර ප්‍රසිද්ධව සිටියේ ''නානුඹය සජී'' ලෙසිනි.

සජී හැදී වැඩුණේ මව සමඟිනි. ඔහුගේ පියා කුඩා කළම මෙලොවින් සමුගෙන තිබුණි. මවගේ රැකියාව වූයේද සජී අවසන් සුසුම් හෙළු කඩ කාමරයේ කුඩාවට පවත්වාගෙන ව්‍යාපාරයයි. තරුණවියට පිවිසි සජී ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් ඇලුම් කළ අයෙකු විය.



ඔහු කෙතරම් ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳුණාද කිවහොත් සජී සෙල්ලම් නොකරන තරඟාවලියක් මහනුවර දිස්ත්‍රික්කයේ නොමැති තරම්ය. ඒ ලෙසින්ම ඔහු තුන් ඉරියව්වෙන් පිටිය තුල දස්කම් දැක්වීමට සමත්විය. ''අග්නි'' නමින් සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායමක් ඔහු නිර්මාණය කරන්නේ තමන්ගේ හැකියාව මෙන්ම ප්‍රදේශයේ නාමය රටට ගෙනයමින් කෙසේ හෝ කුසලානයන් තමන්ගේ කණ්ඩායමට ලබා ගැනීමේ අරමුණින්ය.

වරෙක අග්නි ක්‍රිකට් කණ්ඩායම ජාතික මහා ක්‍රීඩා උළෙලේදී රීදී පදක්කමට හිමිකම් කියන්නේ සජීගේ නායකත්වය යටතේය. මේ සියල්ලම අතර ඔහු මවගේ ව්‍යාපාරයට උදව් කරන්නටද අමතක නොකළේය. පාසැලෙන් ඉවත් වූ පසුත් ක්‍රිකට් ක්‍රීඩාවට පණමෙන් ආදරය කළ සජී රට පුරා පැවති තරඟාවලිවලට අග්නි ක්‍රිකට් කණ්ඩායම සහභාගී කරවමන් ජයග්‍රහණයන් රැසක් සනිටුහන් කරන්නට සමත් විය. අදටත් ඔහුගේ නිවසේ එම කුසලානයන් වෙනම තැනක ආරක්ෂාකාරීව තැම්පත් කර තිබෙනවා.

විටෙක සජී හිතුවත්කාර චරිතයක් වූයේ අසාධාරණයන් දැක දැක ඒ දෙස බලාසිටින්නට ඔහු අකමැති නොවුණු නිසාවෙනි. ඒ නිසාවෙන්ම ඔහු අන් අය පරයා නැගී සිටිමින්  පෙරමුණ ගෙන කතාකරන්න විය. ඔහුගේ මෙම ගතිගුණය නිසාම ඔහු වටා තරුණයින් විශාල ප්‍රමාණයක් ඒකරාශී විය. ''නානුඹය සජී'' යැයි පැවසූවිටත් ඇතැම් තරුණයින් තිගැස්සුනේ ඒ තරමටම ඔහු ප්‍රදේශය පුරා ජනප්‍රිය වී තිබුණු නිසාවෙන්ය.

විටෙක ඔහු ව්‍යාපාරයන් කරගෙන සිටි වෙළඳසැල ඉදිරිපිටට පැමිණෙන මත් කුඩු වලින් මත් වූ  තරුණියින් නැවත හරවා යවන්නට ඔහු කටයුතු කළ බව සජීගේ සමීපතම මිතුරෙකු අප සමඟින් පවසා සිටියේය. එලෙස හරවා යවන්නට බැරිම අවස්ථාවලදී ඔවුන්ගේ වැරදි ක්‍රියාවන්ට ගමේ වහරෙන් 'හොඳ ගුටි දෙකක් දෙන්නට'' සජී කටයුතු කළ අවස්ථාද නැතිවාම නොවේ.
මේ නිසාදෝ ඇතැම් අවස්ථාවලදී ඔහුට සතුරන් ඇතිවිය. තවත් අවස්ථාවකදී වෙළදසැල ඉදිරිපිටට පැමිණ කෑ ගසන පුද්ගලයින් සමඟ ඇතිවූ සුළු සුළු ආරවුල් විටෙක දුරදිග ගිය අවස්ථාවද තිබුණි. මේ නිසාම සජී වටා එකතුවුණු තරුණ කැල සේම ඔහු සතුරන්ද ඇතිවන්නට විය.  ඒ වන විටත් සජී විවාහ දිවියට එළැඹ තිබුණි. ඔහුට කුඩා පුතෙකුද විය. විවාහ දිවියට එළැඹුණත් ඔහු තරුණයින් සමඟින් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට, හවස් ජාමයේ එකට එක්ව කතා බහ කරන්නට, ප්‍රජා සත්කාරයන් වෙනුවෙන් සම්බන්ධ වන්නට එකපයින් කැමති විය.

පෙර කී සුළු ආරවුල් ඇතැම් අවස්ථාවල නතර වූයේ රෝහල් ගතවීම් සමඟිනි. ඒ නිසාම ''සජීට ගේමක් දෙමුයැයි'' තරහා කාරයින් සිතූ අවස්ථා අපමණය. එක් දිනෙක සජී එකවරම අතුරුදන් විය. වාහනයකින් පැමිණි පිරිසක් ඔහුව පැහැරගෙන තිබුණි. නිවැසියන් පොලිසිවලට පැමිණිලි කර මිතුරන්ද සමඟින් ඔහුව සොයද්දී අමානුෂික පහරදීම් වලට ලක්වූ සජී පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අම්බලම අසල වැටී සිටියදී හමුවිය.

එම ප්‍රහාරය සැලසුම් කළේ කවුදැයි එකල හරිහැටි නොදැන සිටියත් පසුව මෙය පිටුපස ප්‍රභල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වූ බව කියැවේ. එම ප්‍රහාරය කෙතරම් දරුණුදැයි කිවහොත් සජී නැවත යථාතත්වයට පත්වන්නේ මසකට අධික කාලයක් දැඩිසත්කාර ඒකකයේ කිසිවෙකුට කතාබහ කරගත නොහැකි ලෙසින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමිනි.

කෙසේ හෝ නැවත තමන්ගේ පනකෙන්ද රැකගත් සජී පියෙකු ලෙසින් තම මවගේ ව්‍යාපාරයට උදව් කරමින් නානුඹය රේල් ගේට්ටුව අසල දිවා රාත්‍රී ආපන ශාලාව නැවත ප්‍රතිසංස්කරණය කර ආරම්භ කලේය. කොළඹ නුවර පාරේ සජීගේ කඩේ ලඟ නොනවත්වන වැලි ලොරියක් නැත. ඒ තරමට ඔහු මිනිසුන් හම්බකරගෙන තිබුණි. තමන්ගේ තරහාකාරයින් අවසන් බව සජී සිතාගෙන සිටියත් එසේ නොවීය.

එදා සජී සවස් යාමයේ පුරුදු ලෙසින් ආපන ශාලාවට පැමිණියේය. ඔහු පුටුවේ වාඩි වුනේ මෙය තමන්ගේ අවසන් දවස බව නොදැනගෙන වන්නට ඇත. දිනයේ ගණුදෙනු සිදුවෙද්දී එකවරම මුහුණු ආවරණය කරගත් හෙල්මට් පැළද පුද්ගලයෙකු පැමිණියේය. නිතර මිනිසුන් යන එන කඩයක් නිසාවෙන් සජී ඔහුව එතරම් ගණන් ගත්තේද නැත. නමුත් එකවරම බෑගයක් තුළ වූ තුවක්කුවකින් සජීගේ සිරුර පසාරුකරමින් වෙඩි උණ්ඩ 4ක් එල්ලවිය.

සියළු දෙනා විශ්මයට පත්වද්දී මව විසින් ආරම්භ කළ ආපනශාලාව තුල ඔහු අවසන් හුස්ම හෙළීය. නානුඹය සජීට වෙඩි තබා ඇති පුවත ප්‍රදේශය පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. ඔහුගේ මිතුරන් සිය ගණනින් සිද්ධිය වූ ස්ථානයට ඒකරාශී වූවත් ඒ වන විටත් සජී අවසන් ගමන් ගොසිනි. ඔවුන්ට ඉතිරිවූයේ ඇස්වලට නැගෙන කඳුලු හොර රහසේ පිසදාගැනීම පමණි. අදටත් ඔහුව මෙලෙස ඝාතනය කළේ කවුදැයි ප්‍රශ්නයකි.

ඒ අතර නානුඹය අසලින් කොළඹ - නුවර පාර අවහිරවන්නට මේ වන විටත් ඔහු දැන හඳුනාගත් මිතුරන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. ඒ එදා එකට එක්ව ක්‍රිකට් ක්‍රීඩා කරමින් හැමෝගේම හිතදිනාගත් හිතුවක්කාරයාගේ නිසල දේහයට අවසන් බුහුමන් දක්වන්නටය.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top