ලංකාවේ කුරුදු ලෝකය පුරාම ප්‍රසිද්ධයි... කුරුදු කියන්නේ අතීතයේ ඉදන් ලාංකිකයන් පාවිච්චි කරන කුළුබඩුවක් වගේම ඖෂධයක්..
කුළුබඩුවක් ලෙස ආහාරවලට ස්වභාවික රසකාරකයක් ලෙස කුරුඳු යෙදීම සියවස් ගණනාවක ඉදන්ම සිදුවුණා ඒ වගේම පෙරදිග රටවල් බොහොමයක ඖෂධයක් ලෙසත් කුරුඳු භාවිතා වීම සිදුවුන බවට සාක්ෂි ඕනෑතරම් සොයාගන්න පුළුවන්.
කුරුදු ගැන තොරතුරු ටිකක් තමයි මේ කියන්න හදන්නේ....
ප්‍රතිඔක්සිකාරක සහ අනෙකුත් වටිනා සංයෝග රාශියකින් සමන්විත කුරුඳුවලට රුධිරගත සීනි මට්ටම පාලනය කරන්න, හෘද රෝග ඇතිවීම වළක්වන්න සහ ප්‍රදාහ තත්වයන් සමනය කරන්න යහපත් බලපෑම් ඇති කරන්න පුළුවන් කියල අද වෙද්දී යම් යම් පරීක්ෂණ මඟින් තහවුරු කරගන්න හැකියාව ලැබිල තියෙනවා.
කුරුඳු, විදුරුමස් ශක්තිමත් කරනවා වගේම දත් දිරා යාම වළක්වනු ලබනවා, දත් කැක්කුම්වලටත් කුරුදු කියන්නේ හොඳ බෙහෙතක්.
සිරුරේ අධික ශීතල ඇති අවස්ථාවල කුරුඳු තෙල් කන්දෙපැත්තේ ආලේප කිරීම මඟින් සහනයක් ලබා ගන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි... බඩගින්න ඇති කරන්නත් කුරුඳුවලට පුළුවන්...
වමනය හා ඔක්කාරය ඇති වුණු වෙලාවක කුරුදු කෑල්ලක් සැපුවොත් යම් සහනයක් ලබා ගන්න පුළුවන්
කුරුඳු පොතුවල සුවඳ ආඝ්රණය කිරීම නිසා ධාරණ ශක්තිය හා මතක ශක්තිය වැඩිකරගන්න පුළුවන් ලු...
කුරුදු තේ වර්ග විදියට බොන්නත් පුළුවන්. ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය අයින් කරන්න හැකියාවක් එයට තිබෙනවා කියලා හොයාගෙන තියෙනවා...
ගොඩාක් ප්‍රකට "චායී" සාදන විටත් කුරුඳු යොදා ගන්නවා.
කුරුඳු දර යොදාගෙන ආහාර පිසින අවස්තා තියෙනවා. ඒ ආහාරවලට අමතර සුවදක් එකතු වෙනවා ඒ නිසා...
කොතරම් ගුණදායක වුණත් අධි සාන්ද්‍රණයෙන් කුරුඳු පරිභෝජනය අයහපත් ප්‍රතිඵල ලබාදීමේ අවධානමක් තිබෙනවා... ඒ නිසා ඔබ පරිභෝජනයට ගන්න කුරුඳු ප්‍රමාණය පිළිබඳව ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ ඒ පිළිබඳ නිසි දැනුමක් සහිත අයෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම අනිවාර්ය බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි.
අන්තර්ජාලය ඇසුරෙන්..