අපෙන් සමුගත් විජය නන්දසිරි කලාකරුවාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් කලාකරුවන් මෙන්ම ඔහුගේ සමීපතම ඥාතීන් මේ වන විට අදහස් දක්වා තිබෙන්නේ ඔහු නැති පාඩුව නැවතත් කිසිදු දිනෙක අපට, අප රටේ කලා ක්ෂේත්‍රයට පිරවිය හැකි අයෙක් නොමැති බව පෙන්වා දෙමින්.
විජය නන්දසිරි මහතාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (8 ) කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි දුන් බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිණී දේවිකා මිහිරානි මහත්මිය ඇය සමඟින් විජය නන්දසිරි මහතා ගතකළ අවසන් හෝරා කිහිපය සම්බන්දයෙන් මෙලෙස පවසා තිබෙනවා.
"මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මම විජය... විජය... කියලා ඔහුට කතා කළත් ඔහු කතා කළේ නැහැ. විජය මගේ මූණ දිහා බලලා ඇස් දෙක පියා ගත්තා..."
මහත්තයා දැනට අවුරුදු 25 ක කාලයක ඉඳලා දියවැඩියා රෝගයෙන් පෙළුණා. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. 2000 වසරේදී විජයට බයිපාස් සැත්කමකුත් කළා. අද (08 වැනිදා) උදේ විජය කිරිබත් හදලා දෙන්න කිව්වා. ඒ අනුව මම කිරිබත් හදලා ඉවරවෙලා බාත් රූම් එකට ගියා. ඒ වෙලාවේ විජය පපුව දැවිල්ලයි ඉක්‌මනට බෙහෙත් ස්‌ප්‍රේ එක ගේන්න කියලා කෑගහනවා ඇහුණා. පස්‌සේ පුතා බෙහෙත් ස්‌ප්‍රේ එක රැගෙන විත් විජයට දුන්නා. මමත් එතැනට ගියා. මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මං ඔහුට විජය... විජය... කියලා කතා කළත් ඔහු කතා කළේ නැහැ. මගේ මූණ දිහා බලාගෙන ඔහු දැස් දෙක පියාගත්තා. පසුව මා ඉක්‌මනටම ගිලන් රථයක් ගෙන්වා ගත්තා. පසුව නංගිලාත් එක්‌ක ගිලන් රථයෙන් විජය රෝහලට පිටත් කර හැරියා. මම මගේ පුතා සමඟ මෝටර් රථයෙන් කළුබෝවිල රෝහලට ගියා. රෝහලට ඇතුළත් කිරීමේදීත් විජය මියගොස් ඇති බව වෛද්‍යවරුන් පැවසුවා."
එමෙන්ම ඔහුගේ වියෝව සම්බන්ධයෙන් ඥාතියෙකු මෙලෙස අදහස් දක්වා තිබුණා....
වොෂ් දාගන්න ගියා, පස්සේ එකපාරටම ''පුතා රසා'' කියලා කෑ ගහලා තියෙනවා පපුව අල්ලගෙන, මම තුන් පාරක් එයාට හුස්ම දුන්නා, ඒත් හතරවෙනි පාර මට තේරුණා ඇඟ ඇතුලෙන් ගොර සද්දේ දැණුනා කටට, පස්සේ මම පපුව තද කරලා පපුවට ගහන්න තුන්පාරක් අත ඉස්සුවා, ඒත් මට ගහගන්න බෑ, මොකද එයාගේ පපුව බයිපාස් එකක් කරලා තියෙනවා,
ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා ඔහු සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්....
අතිශය දුර්ලභගණයේ කළාකරුවෙක්, බොහොම සංයමයකින්, ශක්තියකින් හා ධෛර්යකින් නිර්මාණ කරපු කළාකරුවෙක්,
සේමිණී ඉද්දමල්ගොඩ ඔහු සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්....