Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
26
ඔබත් විටමින් E භාවිත කරනවාද..? එහෙනම්, මේ ලිපිය ඔබටත් වැදගත් වේවි..

- ඔබත් විටමින් E භාවිත කරනවාද..? එහෙනම්, මේ ලිපිය ඔබටත් වැදගත් වේවි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40 Views

ලස්සනට, සුන්දරව ඉන්න අපි කවුරුත් ගොඩක් දේවල් භවිත කරනවා..

ඒ අතරින් කාන්තා පර්ශ්වය බහුලව භවිත කරන දෙයක් තමයි  විටමින් E කියන්නේ..


විටමින් E කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්දිතියට උදව් වෙන වගේ සෛල ප්‍රතිජනනය කරන්න උදව් වෙන ශරීරයට අවශ්‍ය පෝශකයක්... විටමින් E සමේ සෞඛ්‍යය සහ පෙනුම සඳහා උදව් වෙන බව අපි හැමෝම අහල තියෙනවා... ඒ මගින් සමේ තරුණ පෙනුම රැකගන්න උපකාරී වෙන බව සඳහන් වෙනවා... ඉතින් ඔබත් විටමින් E භාවිත කරන අයෙක්ද..? විටමින් E භාවිත කරන ඔබ මේ ගැන දැනුවත්ද..? ඉතින් ඔබේ සම ලස්සන කරගන්න ඔබේ සමට විටමින් e වලින් ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබ හරියටම දැනගන්න...


Skin barrier එක ශක්තිමත් කරයි

ශක්තිමත් skin barrier එකක් මගින් ඔබේ සමට ජලය රඳවා තබා ගැනීමට සහ සජලනය වීමට ඉඩ සලසනවා. එය සමේ සංවේදීතාවය අවම කර ගැනීමටත් උපකාරී වනවා.විටමින් E නිසි ආකාරව ඔබේ සමට ලබා දීම මගින් මේ skin barrier එක වඩාත් ශක්තිමත් කරනවා.

සමේ තෙතමනය ආරක්ෂා කරයි

ඔබේ Skin barrier එක ශක්තිමත් වන විට ඔබේ සමට වැඩි තෙතමනයක් රඳවා ගැනීමට හැකි වනවා. විශේෂයෙන්ම වියළි සමක් සහිත අයට , අධික සීතල හෝ වියළි කාල වලදී සංවේදී වන සමක් ඇති අයට විටමින් E භාවිතා කිරීම මගින් සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට හැකි වනවා .

ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතයි

විටමින් E සහිත නිෂ්පාදන මගින් ඔබේ සමට ප්‍රතිඔක්සිකාරක විශාල මාත්‍රාවක් සපයනවා. එය ඔබේ සමට විවිධ ආකාර වලින් හානි වීම වළක්වනවා. ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වන අතර , ඔබේ මුහුණේ තෙල් ඔක්සිකරණය වීම වළක්වනවා. එමගින් මුහුණේ කළු ලප ඇති වීම පාලනය කරනවා. විටමින් E සහිත නිෂ්පාදන මගින් ඔබේ සම ආරක්ෂා කළ හැකි අතර සම මත ඇති විය හැකි සියුම් රේඛා සුමට කිරීමට පවා උපකාරී වෙනවා.

Pigmentation වලට ප්‍රතිකාර කරයි

සම මත ඇතිවිය හැකි පිග්මන්ටේෂන් තත්ත්ව වලට ප්‍රතිකාර කිරීම සඳහා විටමින් E සහ විටමින් E අඩංගු නිෂ්පාදන බොහෝ වේලාවට භාවිතා කරනවා. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සමහර අවස්ථාවලදී විටමින් C සමඟ මිශ්‍ර කරද විටමින් E භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.

කුරුලෑ කැළැල් මකා දමයි

විටමින් E වල අඩංගු වන මොයිස්චරයිසින් ගුණාංග මගින් සමේ බාධක අලුත් වැඩියා කිරීම සහ ආරක්ෂා කිරීම සිදුකරන අතර විටමින් E අඩංගු නිෂ්පාදන බොහෝ විට කුරුලෑ කැළැල් මැකී යාම සඳහා උපකාරී වනවා.සැහැල්ලු කැලැල් සඳහා එය වඩාත් ඵලදායි වන අතර විටමින් E අඛණ්ඩව භාවිතා කිරීම මගින් කැලල් ඇතිවීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

සෛල වර්ධනය වේගවත් කරයි

විටමින් E මගින් නව සෛල සම මතුපිටට ගෙන ඒම වේගවත් කරන අතර දුර්වල වූ සෛල සුවකිරීම , නව සෛල නිපදවීම සහ සෛල නිපදවීම වේගවත් කිරීම සිදු කරනවා. ඒ වගේම හානියට පත් වූ දෙතොල් සුව කිරීමට සහ ආරක්ෂා කිරීමටද විටමින් E වලට හැකියාව තිබෙන නිසා තොල් ආරක්ෂණ නිෂ්පාදන සමග විටමින් E භාවිතා කිරීම වඩාත් හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා.

ඉතින් කොහොමද මේ විටමින් E Apply කරන්නේ..? Overnight anti aging treatment එකක් විදියට විටමින් E යොදා ගන්නවා... විටමින් Eවල තියෙන්නෙ උකු, ඝන ස්වභාවයක් නිසා රාත්‍රියේ ආලේප කරල රාත්‍රිය පුරාම තියෙන්න අරින එකෙන් ඒක අපෙ සමට fully absorb කරගන්න තියන ඉඩ වැඩියි.. උදේ වරුවෙ ඒක ගෑවොත් වෙන්නෙ මූණෙ අර තෙල් ගතියට තියෙන නිසා ඔයාට ඒක හෝදල යවනකම් වෙන මුකුත් මූණෙ ගාන්න බැරි වෙන එක.. ඉතින් ඒ නිසා ඔයාලට පුලුවන් විටමින් E අඩංගු වෙන ක්‍රීම් එකක් හරි සීරම් එකක් හරි භාවිතා කරල ඒ ප්‍රශ්නෙ මග ඇරගන්න පුළුවන්..

මූණට විටමින් E ආලේප කරන්නෙ කොහොමද?

මුහුණ හොඳින් පිරිසිදු කරල ක්‍රීම්, මේකප් වගේ දේවල් ඉවත් කරගන්න. මද රස්නෙ වතුරෙන් මූණ සෝදල හෙමින් පිසදාගන්න.. Pure විටමින් E යොදාගන්නවනම් ජොජෝබා ඔයිල්, ආල්මන්ඩ් ඔයිල් වගේ දේකට විටමින් E වලින් බිංදු දෙක තුනක් එකතු කරල ගාන්න... ඇඟිලි තුඩු වලට විටමින් E අරගෙන මුහුණ මත කවාකාරව ආලේප කරන අතරෙම සෙමින් මසාජ් කරන්න... ඒකෙන් ඔයාගෙ රුදිර සංසරණය stimulate කරනවා...
ආලේප කරල නිදාගන්න කලින් විනාඩි 20වත් ඉන්න. නැත්තම් කොට්ට මෙට්ට වල ගෑවෙනවනෙ.. සතියට එක වරක් හෝ දෙවරක් කරාම වඩා හොඳයි..

විටමින් E අරගන්න පුලුවන් වෙන විදි මොනවද?
විටමින් E ඔයාලට Oral supplement එකක් විදියට අරගන්න පුලුවන්. ඒ ඔස්සේත් ඔයාගෙ සමට තරුණ බවක්, දීප්තිමත් බවක් අරගෙන එන්න ඔයාලට ඉඩ ලැබෙනවා.. සමහර අය විටමින් E spot treatment එකක් විදියටත් අරගන්නවා. ඒ ගොඩක් වෙලාවට කුරුලැ ලප වගේ දේවල් මුහුණෙ තියෙද්දි... විටමින් E තියෙන beauty mask treatment වලිනුත් ඔයාලට පුලුවන් ඔයාලගෙ හමට අවශ්‍ය දීප්තිය සහ තරුණ බව අරගන්න.. මේ විටමින් E Masks විටමින් C වගේ දේවල් එක්ක pair කරල භාවිතා කරන එක තමයි වඩාත් හොඳයි... ගෙදරදිම ඔයාලට මෙහෙම Mask එකක් හදාගන්න පුලුවන් මෙන්න මෙහෙම.. විටමින් E ආල්මන්ඩ් ඔයිල් එක්ක එකතු කරගන්න. ඒකට ලෙමන් යුශ, මී පැණි සහ අලිගැටපේර එකතුකරගන්න.. ආලේපය මුහුණෙ තවරල විනාඩි 10-20 වගේ තියෙන්න අරින්න..



අන්තර්ජාලය ඇසුරෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top