Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
16
ඔයත් හිසරදය, හිසරදයක් කරගත් කෙනෙක්ද..?

- ඔයත් හිසරදය, හිසරදයක් කරගත් කෙනෙක්ද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

මෙය හරිම සුලබ රෝගී තත්වයක්.. ඒත් සමහර අයට නම් මේ වගේ තත්ව ඇති වෙන්න පුළුවන් කලතුරකින්..

කොහොම වුණත් ඔබත් හිසරදය නිසා පීඩා විඳිනවාද..? ඒ ගැන හිතන ඔබට මෙ කියන්න යන කතාව වැදගත් වේවි.. 


හිසරදය යනු රෝගයක් නොවේ.. ශරීර අභ්‍යන්තරයෙන්ම ඇතිවන කිසියම් අස්වාභාවික තත්ත්වයක් හෝ රෝග තත්ත්වයක ලක්ෂණයක්... එබැවින් ප්‍රතිකාර කිරීමේ දී රෝගය හඳුනාගෙන රෝගය ඉවත් කිරීමට ඉවහල්වන ප්‍රතිකාර යෙදීමෙන් සුවය ලබා ගත හැකියි..

ආයුර්වේදයට අනුව හිස ශරිරයේ උතුම්ම අංගයයි. එය උත්තමාංගය ලෙස නම් කර තිබෙනවා.. අපට බුද්ධිය අවබෝධය ලබා දෙන පංචේන්ද්‍රියන්ගෙන් හතරක්ම පිහිටා ඇත්තේ හිසෙහිය.. තවද එම ඉන්ද්‍රියන්ට අයත් මූලස්ථානය පිහිටා ඇත්තේ හිස තුළයි.. අපගේ කැමැත්ත අනුව ක්‍රියාත්මක වන දෙඅත්, දෙපා, මුඛය, ගුදය, ලිංග යන කර්ම ඉන්ද්‍රියන්ගේ මූලස්ථාන පිහිටා ඇත්තේ හිස තුළයි...

එමෙන්ම සමස්ත ශරීරයේ මෙහෙයුම කරන ස්නායු පද්ධයේ මූලස්ථානය ද මොළයයි. අපගේ මතක ගබඩාවද මොළයයි.. හිස මිනිස් සිරුරේ උත්තමාංගය ලෙස සලකා ඇත්තේ එබැවින්... මේ තත්ත්වය නිසා කවර හේතුවක් මත හිසරදය හැදුන ද හිසට සම්බන්ධ එම අවයවයන්හි අසහනකාරි පීඩාකාරී තත්ත්වයක් ඇතිවීම ස්වභාවිකයි..

හිසරදය ඇතිවන හේතු විවිධාකාර වෙනවා.. ඇතැම් හේතු නොසලකා හල හැකි සරල හේතූන් වෙනවා.. උදාහරණ වශයෙන් ගතහොත් කුසගින්න බොහෝ වේලාවක් දරාගෙන සිටීම, මල මුත්‍රවේග බොහෝ වේලාවක් දරාගෙන සිටීම, මලබද්ධය, කාන්තාවන්ගේ ඔසප් සමය, තද අව්ව, තද පින්නේ ගැවසීම, දෙනෙත් වෙහෙසට පත් කරන කාර්යයන්හි එක දිගට යෙදී සිටීම, සිසිල් කළ පානවර්ග භාවිතය, අයිස් ක්‍රීම්, රටකජු වැනි කෑම වර්ග ගැනීම වැනි හේතු දැක්විය හැකියි..

මෙවැනි හේතු නිසා ඇතිවන හිසරදය භායානක තත්ත්වයක් නොවේ.. එය කෙටි වේලාවකට සීමාවන හිසරද තත්ත්වයකි. අදාළ හේතුව ඉවත් කිරීමෙන් හොඳ විවේකයක් ලබා ගැනීම, හොඳ නින්දක් ලබා ගැනීම වැනි ක්‍රමවලින් එම හිසරදය නැති වී යයි..

සැලකිය යුතු අවධානයක් ලක්විය යුතු බරපතළ රෝග තත්ත්වයන් නිසා ද හිසරදය ඇති වෙනවා... උදාහරණ වශයෙන් මස්තිෂ්ක කලා ප්‍රදාහය ( මෙනින්ජයිටිස්) , මොළයේ පිළිකා තත්ත්ව, මස්තිෂ්ක ආඝාතය, අධික රුධිර පීඩනය, හිසට සිදුවන බරපතළ අනතුරු ආදිය දැක්විය හැකියි... එම තත්ත්වයන්ට අමතරව, දන්ත රෝග, අක්ෂි රෝග, ග්‍රීවා කෂේරුකා ආශ්‍රිත රෝග, ආදී තත්ත්ව නිසා ද හිසරද ඇති විය හැකියි...

මෙම තත්ත්වයන්ට අමතරව එතරම් බරපතළ නොවන රෝග තත්ත්වයන් වන සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, නළල සහ මුහුණ ආශ්‍රිත කෝඨරවල සෙම පිරී තදවීම හෙවත් කෝඨර ප්‍රදාහය ආදී තත්ත්වයන්ගෙන් ද හිසරදය ලක්ෂණයක් ලෙස ඇති වෙනවා..

මේ දිනවල පවතින සීතල සුළඟ සහ වැසි සහිත තත්ත්වයන් නිසා බොහෝ සෙයින් ඇතිවිය හැකි හිසරද තත්ත්වයක් වන්නේ නළල සහ මුහුණ ආශ්‍රිත කෝඨරවල සෙම රැස්වීම නිසා ඇතිවන හිසරදයයි... මෙහිදී බොහෝ විට වේදනාව ඇති වන්නේ නළල සහ මුහුණ ආශ්‍රිත ප්‍රදේශවලයි... හිස සහ මුහුණේ බර බව, නිදිබර බව, මුහුණ සහ ඇස් වටා ඉදිමුණ ස්වභාවයක් ඇති වීම, උගුරේ සෙම බැඳීම, කන්වල සෙම තදවීම, කන් ඇසීම අඩු වීම, නාසය සිරවීම, නාසයෙන් හුස්ම ගැනීම අපහසුවීම වැනි ලක්ෂණ ද ඇති වෙනවා..

සෙම තද ඇති වූ කෝඨරවල ආසාදනයක් ඇති වුවහොත් තද උණ ගතිය ද ඇති විය හැකියි... මෙම රෝග තත්ත්වවලදී ඝණ වී ඇති සෙම දියකර හැරීමට ඉවහල්වන ශරීර අභ්‍යන්තරයට යොදන ප්‍රතිකාර සහ බාහිරට යොදන ප්‍රතිකාර ද යෙදිය යුතු වෙනවා පළපුරුදු වෛද්‍යවරයෙක් හමුවී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා තෙක් සරල අත් බෙහෙත් වශයෙන් පහත සඳහන් ප්‍රතිකාර නිවසේ දී කරගත හැකියි.. ඒ අතර,

1 ඉඟුරු කොත්තමල්ලි දෙවර්ගය තැම්බූ වතුර දෙවරක් හෝ තුන් වරක් පානය කිරීම.

2 බෙලි මුල් තිප්පිලි මුල් සහ වියළි ඉඟුරු සමව ගෙන තම්බාගත් වතුර දවසට දෙවරක් හෝ තුන් වරක් පානය කිරීම.

3 ආහාර සමඟ රතුළූණු ගෙඩි කීපයක් අමුවෙන් විකා කෑම

4 විටින් විට උණුසුම් ජලය පානය කිරීම

බාහිර ප්‍රතිකාර

දුම් වාෂ්ප ඇල්ලීමයි... මේ සඳහා උණුසුම් ජල වාෂ්ප ඇල්ලීම කළ හැකියි... ඊට අමතරව දෙහි කොළ, කොත්තමල්ලි දෙවර්ගය තම්බාගත් ජලයෙන් හුමාලය ඇල්ලීම සුදුසුයි... එමෙන්ම බෙලි කොළ තැම්බූ වතුරෙන් හුමාල ඇල්ලීම කළ හැකියි...

එසේ හුමාලය ඇල්ලීමෙන් පසු එම ජලයෙන් මුහුණ, නළල, බෙල්ල අවට සේදීම ඉතා ගුණදායක වෙනවා... වරකට විනාඩි 10ක් 15ක් බැගින් දිනකට දෙවරක් හුමාලය ඇල්ලීම වඩාත් ප්‍රතිඵල දායක වෙනවා...

එමෙන්ම සර්ව විෂාදී තෛලය හෝ විෂාදී තෛලය හෝ නිර්ගුණ්ඩ්‍යාදි තෛලය හෝ ගෙන මදක් රත් කර උණුසුම්ව ගෙන නළල, කම්මුල්, ගෙල අවට ගල්වා විනාඩි පහක් දහයක් පමණ හොඳින් පිරිමැද තැවිලි පොට්ටනියකින් එම ප්‍රදේශ තැවීම වඩාත් ගුණාදායක වෙනවා..

තැවිලි පොට්ටනිය

සියඹලා කොළ, හීන් උඳුපියලිය. රතු ළූනු ටික ටික ගෙන කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තැවීම ගුණදායක වෙනවා... මෙම ප්‍රතිකාරය දිනයේ ඕනෑම වෙලාවක යෙදිය හැකි වුවත් උදය කාලයේ යොදන්නේ නම් වඩාත් ප්‍රතිඵලදායක වෙනවා..

කෝඨර ප්‍රදාහයෙන් පෙළෙන අවස්ථාවලදී සීත සුළං වැදීම, පින්නේ ගැවසීම, නිදිවැරීම, තද හිරු එළියේ ගැවසීම දුම සහ දූවිලි ගැවසෙන ස්ථානවල රැඳී සිටීම, නුසුදුසුයි..

එමෙන්ම ජලය සහ ශීතකළ කෑම සහ බීම. මුදවපු කිරි, මෑ කරල්, නිවිති වැනි ශීත ගුණයෙන් යුතු ආහර ගැනීම ද සුදුසු නැහැ... මෙම අත් බෙහෙත් භාවිතයෙන් සුවයක් නොලැබේ නම් අනිවාර්යයෙන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ගැනීම නිර්දේශ කෙරෙනවා..

සිළුමිණ පුවත්පත ඇසුරෙන්....
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top