ලබන අගෝස්තු මාසයේ සිට සියලූ පැණි බීම වර්ගවල අඩංගු සීනි සංයුතිය දැක්වෙන වර්ණ සංකේත ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව, පැණි බීම මිලිලීටර් 100ක් සඳහා සීනි ග්‍රෑම් 11 ට වැඩි නම් රතු පැහැයෙන් ද, එම ප්‍රමාණය ග්‍රෑම් 2 ත් 11 ත් අතර නම් කහ පැහැයෙන් ද වර්ණ සංකේත දැක්විය යුතුයි.
එය ග්‍රෑම් 2 ට අඩු නම් කොළ පැහැති වර්ණ සංකේතය යොදා ගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.