Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
26
නිවුන් දරුවන් කුසේ හොවාගෙන දන්සැලට ගිහින් නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය නිරෝෂනීගේ කතාව

- නිවුන් දරුවන් කුසේ හොවාගෙන දන්සැලට ගිහින් නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය නිරෝෂනීගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

‘‘අනේ, අපේ පුංචි ගොවිපළ කරගන්න පැටවු දෙන්නෙක්ම ඉන්නවා‘‘ එයා හැමෝටම කීවා,
හැප්පිලා අඩි 5ක පල්ලමකට රෝල් වුණා විතරයි‘‘

මේ වන විට අප රටේ සිදුවන රිය අනතුරු  නිසාවෙන් අකාලයේ අහිමිවන ජීවිත ගණන දිනෙන් දින ඉහළ ගොස් ඇත. පුංචි හදිස්සියක් මුළු රටක්ම හඬවන අවස්ථා ගැන රටේ විවිධ ප්‍රදේශවලින් ආරංචි වෙද්දි පසුගිය පුන් පොහෝ දා රටම කම්පාවට පත්කළ තවත් පුවතක් වාර්තා විය.

ඒ පොසොන් දන්සැලක් වෙත ගිය නිවුන් දරුවන් කුසේ දරාගෙන සිටි මවක් නොසිතූ ලෙසින් මෙලොව හැරගිය සිද්ධියකි. මේ මරණයටද හේතුවූයේ ත්‍රීවිල් රථ රියදුරෙකුගේ අපරික්ෂාකාරී ධාවනයකි.



මේ සිද්ධිය සම්බන්ධයෙන් අප සොයාගත් තොරතුරු මෙසේ ඔබවෙත තබන්නට සිතුවේ මේ වන විට මියගිය කාන්තාව හා ඇයගේ දරුවන් දෙදෙනා බවට පැවසෙන ඡායාරූප පෙළක්ද අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතින නිසාවෙනි. ඒ ඡායාරූප ඔවුන්ගේමද යන්න අප දන්නේ නැත.

නමුත් සිද්ධිය මුහුණදුන් කාන්තාව හා ඇයගේ සැමියා සම්බන්ධයෙන් මේ පුවත ඔබ හමුවේ තබන්නට සිතුවේ මෙවන් අවාසනාවන්ත සිදුවීමක් යළිත් සිදුනොවන්නට සියළු දෙනාම වගබලා ගනී යයි මොහොතකට හෝ සිතනු ඇතැයි අපේක්ෂා කරන නිසාවෙනි.

“මේ මිනිසුන් හරිම අවිනීත විදියට වෙලාවකට රිය පදවනවා. හැම රියැදුරාම නොවෙයි, එහෙම පුරුද්දට වැඩ කරන අය ඉන්නවා. තුවාරගල පදිංචි ආර්. ඩී. නිරෝෂිකා තරුණ ගැබිනිය මරා දැම්මෙ ඒ වගේ රියැදුරෙක්. අපි එයාව අල්ලලා දැන් රිමාන්ඩ් කරලා තියෙන්නෙ. එදාම තවත් අනතුරක් ප්‍රදේශයේ සිදුවුණා.” මේ සිද්ධියෙන් කම්පාවට පත් දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති මනෝජ් අලගියවන්න මහතා එසේ කීවේ තම අත්දැකීම්වලින් බිඳක් අපත් සමඟ බෙදා ගනිමිනි.

දෙහිඅත්තකණ්ඩිය, තුවාරගල අංක 321, නිවසෙහි පදිංචි නිරෝෂනි රාජපක්ෂ හා ධනුෂ්ක මධුශංක යුවළ ඉතාම අහිංසක දුප්පත් මිනිස්සු වූහ. තම බිරිය කුලුඳුලේ ලබන දරු පැටවුන් රැක බලා ගැනීමේ එකම අභිලාෂයෙන් පසුවූ මධුශංක වෙනදාටත් වඩා වැඩි මහන්සියකින් යම් අත මිටක් සොයා ගැනීමට මහන්සි ගත්තේ අනාගතය ගැන බොහෝ සිහින දකිමිනි.
සායනයේදී ස්කෑන් පරීක්ෂණයකින් පසු දැන්වූ පරිදි නිරෝෂනිගේ කුසේ කුලුඳුලේම නිවුන් දරුවන් දෙන්නෙකු සිටින බව ඇසු මේ දෙමාල්ලෝ මහත් සතුටු වූහ.

“අනේ, අපේ පුංචි ගොවිපළ කරගන්න පැටවු දෙන්නෙක්ම ඉන්නවා.” ඔව්හු අසල්වැසියන්ට ද කීහ.

ඔවුන් හතර අතේ ණය වී ලීසිං ක්‍රමයට පුංචි යතුරුපැදියක් ගත්තේ රස්සාවේ කටයුතු තවත් වේගවත් කරගන්නට හිතමිනි. කුඩා ගොවිපළෙන් ලැබෙන අඩුමකුඩුම වෙළෙඳපළට ගෙන ගොස් විකිණීමට දැන් කුලී වාහන අවශ්‍ය නැත. ඒ කාරියත් දැන් මෝටර් සයිකලෙන්ම කරගත හැකිය. මේ විදියට බලන විට මෝටර් බයිසිකලය ඔවුනට දෙවියකු වැන්හ.

කුඩා දරුවන් දෙදෙනා තම කුසේ පෙරැළි කිරීම නිරෝෂණිට මහත් ආස්වාදයක් විය. ඇය ඒ වෙලාවට මධුශංකව නිදි යහනේම අවදි කරවා දරුවන්ගේ පාද තම කුසයෙහි මවන හැඩ-රටා පෙන්වා සතුටින් සිනාසුණාය. දරුවන් වැදීමට සිටින මවකට ඇතිවන විශේෂ ආහාරපාන කෑමේ බීමේ සතුට ගැන අපේ අම්මාවරු හොඳින් දනිති. සාමාන්‍ය වචනයෙන් එය අරුත් ගැන්වූයේ ‘දොළදුක’ කියාය.

කෙසේ වෙතත් 20 වැනි වියේ පසුවූ නිරෝෂනිට ද කුලුඳුළේ දරුවන් කුස ඔත් බැවින් ‘දොළ දුකක්’ උපන්නේය. ඒ අනෙකක් නොව පොසොන් පෝ දින දන්සල් බතක් කන්නටය. ඒ ගැන දෙවතාවක් නොසිතා සැමියා මධුශංකට කීවාය. මධුශංක ද ඇගේ යෝජනාවට “එක පයින් ම” කැමැති විය.

මේ දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය නගරය දෙසට යන්නට පිටත් වූයේ තම වාහනය මෝටර් බයිසිකලයෙනි. දන්සල් බත් සුවඳ ඉතිරෙන ස්ථානයට තිබුණේ තවත් වංගු දෙකක් පමණි. සැමියා සමඟ සතුටු අල්ලාප සල්ලාපයේ නොයෙදී බයිසිකල් ගමන යන්නට පවා ඇය පරෙස්සම් වූයේ කුස ඔත් දරු පැටියන්ට යම්බඳු හානියක් වේයැයි සිතමිනි.

එහෙත් පාපතර ත්‍රීවිලරයක නැඟි මාරයා කාපට් පාරේ සෙල්ලම් දමමින් ආවේ මේ අතරය. ඒ කාලකණ්ණි රියැදුරා ද ඇගේ ගමේම කෙනෙකු වීම තවත් සුවිශේෂයකි.

තණ බිස්සට ගෑවි නොගෑවි පාරේ අයිනෙන් සීරුවට යන මේ දෙමාල්ලන් නැඟි බයිසිකලය පිටුපස පැමිණි ත්‍රිරෝද රථ මාරයා එක්වරම පිටුපස්සෙන් එම යතුරු පැදියට හැපුණේ ‘‍ඩෝං’ හඬ නඟමිනි. මධුශංකත් නිරෝෂණිත් බලාපොරොත්තු නොවූ මේ සිද්ධියෙන් උඩ විසිවී ගොස් බිම වැටුණහ. එතැන තරමක අඩි 5ක පමණ පල්ලමක් ද විය. නිරෝෂණි රෝල් වී ගියේ එම පල්ලමටය. ඇගේ කුස උන් දරු දෙන්නා මඳක් ගැස්සී නිසොල්මන් වූහ. ඇය ද මහත් විලාපයක් නඟා ප්‍රාණය නිරුද්ධව සිටියාය.

ඇගේ සැමියාගේ පාද දෙකටම බරපතළ තුවාල සිදු විය. වහා ක්‍රියාත්මක වූ ජනතාව දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඔහු ගෙන ගියත් අසාධ්‍ය තත්ත්වය නිසා හෙතෙම පොලොන්නරුව රෝහලට මාරු කැර යැවිණ.

දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති මනෝජ් අලගියවන්න මහතා තවදුරටත් මෙසේ කීවේය.

“මේ සිද්ධිය ගැන ගරු මහේස්ත්‍රාත් තුමියත් කම්පා වුණා. ත්‍රිවිල් රියැදුරා ජුලි මාසෙ 04 වැනිදා දක්වා රිමාන්ඩ් කළා. මේ වගේ අයට තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. මෙලොව එළිය දකින්න ගිය අර පුංචි දරු පැටවු දෙන්නාත් මරාගෙන අර තරුණ ගැබිනියත් මරා ගත්තෙ ඒ රියැදුරාගෙ නොසැලකිල්ලයි. මේ අනතුර වූ හරිය මා හොඳින් පරීක්ෂා කළා. එතැන තණ බිස්සෙ අයිනට වෙන්නට නියමිත මාර්ග නීති පිළිපදිමින් මේ ජෝඩුව ඇවිත් තියෙන්නෙ. ත්‍රීවිල් කාරයාගෙ නොසැලකිල්ලෙන් බයිසිකලය පිටුපසින් හප්පලා...” ඔහු කම්පාවෙන් කීය.

ඇක්සිලේටරය තදින් පෑගු විට, මොන මෝඩයකු ඒක කළත් වාහනය වේගයෙන් දිව යනු ඇත. ඒත් ඒ වේගය පාලනය කිරීමට ඔබට හිසක් අවශ්‍යය. තමාට රථය පාලනය කැර ගැනීමට හැකි ආකාරයට අනවශ්‍ය වේගයක් නොගැනීම ප්‍රඥාවන්තයාගේ කාර්යයයි.

අකාලයේ ජීවිතයෙන් සමුගත් නිරෝෂණී රාජපක්ෂ මහත්මියගේත් මෙලොව නොදැකම අවසන් ගමන් ගිය බිලිඳු දරුවන් දෙදෙනාගෙත් අවසන් කටයුතු ඉකුත් බදාදා (22)  පස්වරුවේ  දෙහිඅත්තකණ්ඩිය, තුවාරගල ‍පොදු සුසාන භූමියේදී අති විශාල  ජනතාවකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණු අතර මේතරම් ජන ගඟක් මෑත කාලයේ අවමගුල් උළෙලක්  සඳහා මෙම ගම් පියසට නොව අවට ගම්මානයකට හෝ නොපැමිණි බව බොහෝදෙනා කියනු ඇසුණි.

නිරෝෂණීගේ සැමියා ධනුෂ්ක දෙහිඅත්තකණ්ඩිය නගරයට  ආසන්නයේ පිහිටි  ඇඟලුම් කම්හලක සේවය කරනු ලබයි.  නිරෝෂණී ද කලක් ඇඟලුම් කම්හ‍ලේ සේවය කර ඇති අතර  එහිදී ඇතිකරගත් දැන හැඳිනගැනීමකින් පසුව  දෙදෙනා අතර විවාහය සිදුව තිබේ.  විවාහයෙන් පසුව  ඔවුන් දෙදෙනා  නිරෝෂණීගේ  මාපියන්ට අයත් නිවසේම වාසය කොට ඇත. ඔවුන්ගේ කැදැල්ලට නුදුරු දිනයෙක එකවර දරුවන් දෙදෙනකු පැමිණෙන්නට සිටින  ආරංචිය දෙපිරිසේම ඥාතීන්ට ද නිම්හිම් නැති සතුටක් ගෙන දුන් කාරණයක් බව අමුතුවෙන් කිව යුතුනොවේ. මහවැලි ජනපදකරණයෙන් බිහිවූ ගම්මානයක් වන කුවාරගල ගම්පියසේ ඉතාමත්ම දුක්බර දිවිපවෛතක් ගත කරන පවුලක් ලෙසට  නිරෝෂණීගේ  මව සහ පියා ඇතුළු  පවු‍ලේ සැම හැඳින්වීම නිවැරදිය.

යෞවනයේම මව් පදවිය උරුමව බිලිඳු කිරි පැටියන් දෙදෙනකු දෝතට ගන්නට පෙර මග බලා සිටි නිරෝෂණීට තම ආදරණීය සැමියා ධනුෂ්ක, සිය මාපිය සහෝදර සහෝදරියන් ඇතුළු නෑසියන් මෙලොව තනිකර දමා මෙවන් අකල් මරණයකට උරුමකම් කියන්නට සිදුවූයේ නොහික්මුණු රියැදුරකුගේ කුලප්පු ගමනක් නිසා බවට විවාදයක් නැත.

වාහනය අතට ගන්නට පෙර පාරේ ඒ මේ අත යන්නේ තමන් පමණක් නොවන බව සිතුවේ නම් මෙවන් අකල් මරණයක් අපට අසන්නට ලැබෙන්නේ නැත.

සිද්ධිය පිළිබඳව අන්තර්ජාලයේ පළවන ඡායාරූප....

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top