පසුගිය දිනෙක කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් අවාසනාවන්ත ලෙසින් පුද්ගලයින් තිදෙනෙකු මියගියා. අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකළ තවත් 4 දෙනෙකුද පසුව මියගිය අතර මේ වන විට වාර්තා වන්නේ ඔවුන් එකම පවුලේ සාමාජිකයින් බවයි.
මේ අනතුර සිදුව ඇත්තේ පවුලේ සාමාජිකයින් ගමන් කළ වාහනය වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි.
මේ වන විට වාර්තා වන තොරතුරු අනුව 7 දෙනෙකු මෙම අනතුරෙන් මියගොස් ඇති අතර විශ්‍රාමික යුද හමුදා සැරයන් මේජර් අතුල ශාන්ත සේනානායක (56) ඔහුගේ බිරිඳ වන වතුපිටිවල මූලික රෝහලේ සේවය නියුතුව සිටි හෙද නිලධාරිනී මංගලිකා පීරිස් (55) ඔවුන්ගේ පුතනුවන් දෙදෙනා වන කොතලාවල ආරක්‌ෂක විද්‍යාපීඨයේ ඉගෙනුම ලැබූ කැඩෙට් නිලධාරී තිසර ගිමත් සේනානායක (21) ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සවින් සේනානායක සහ දියණිය වන වේයන්ගොඩ බණ්‌ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලැබූ සම්මානී සේනානායක (19) සහ මියගිය අතුලගේ සොහොයුරු ව්‍යාපාරික ඩැනී ශාන්ත සේනානායක (55) සහ ඩැනීගේ බිරිඳ වූ රාගම රෝහලේ හෙද නිලධාරිනී භද්‍රා අයිරාංගනී ලොකුහෙට්‌ටිආරච්චි (55) මෙලෙස මරණයට පත්වූවෝ වෙති.
මහනුවර ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූහ. ඔවුන් පැමිණි වෑන් රථය ධාවනය කර ඇත්තේ මියගිය විශ්‍රාමික යුද හමුදා මේජර් අතුල සේනානායක විසිනි. ගල්ගමුව බල්ලපාන ප්‍රදේශයේදී මෝටර් රථයකට ඉස්‌සර කිරීමට යැමේදී ඔවුන්ගේ වෑන් රථය ඉදිරියේ පැමිණි පෞද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇත.