Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
07
ගොඩක් දෙනෙක් මේ ගැන දැනගන්නේ කල් ගියාට පස්සේ.. අක්මාවේ තෙල් තැන්පත්වීම භයානක රෝගයක්ද..? එය නිට්ටාවටම සුව කරන්න පුළුවන්ද..?

- ගොඩක් දෙනෙක් මේ ගැන දැනගන්නේ කල් ගියාට පස්සේ.. අක්මාවේ තෙල් තැන්පත්වීම භයානක රෝගයක්ද..? එය නිට්ටාවටම සුව කරන්න පුළුවන්ද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

අපි හැමෝම කැමතියි නීරෝගීව ඉන්න..

ඒ වගේමයි ලෙඩ රෝගවලින් තොර වුණාම සතුටෙන් සැහැල්ලුවෙන් අපට ඉන්න පුළුවන්.. 


කොහොම වුණත්, සමහර රෝගී තත්ව අපි දැනගන්නේ කල් ගියාට පස්සේ.. එතකොට අපි මොකද කරන්න ඕන.. මේ කියන්න යන්නේත් නොදැනුවත්කම නිසා බොහෝ දෙනෙක්ට වැළඳුනත් හරියටම නොදන්නා රෝගයක් ගැන..

අක්මාවේ තෙල් ඇති වීමේ රෝගය හෙවත් බටහිර ක්‍රමයට හඳුන්වන ‘ෆැටි ලිවර් (Fatty liver) තත්ත්වයට පත් අය අද බහුලයි.. බොහෝ අය තමන්ට එම රෝගය තියෙන බව දැන ගන්නෙත් රෝගය බොහෝ වැඩි දියුණු වූ පසුවයි.. නමුත් ආයුර්වේද ක්‍රමයට අනුව ආහාරපාන, ඇවතුම් පැවැතුම් කළේ නම් ඔබට කවදාවත් එවැනි රෝගයක් හැදෙන්නේ නැහැ..

හැදුණත් එය මුලින්ම ඉවත් කර දමන ප්‍රබල ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේද සතුයි.. දේශීය වෙදකමෙත් ඒක එහෙමයි.. එහෙම නම් ඔබ දැනුවත් වෙලා ඉන්න ඕනෑ මොකක්ද මේ අක්මාවේ තෙල් තැන්පත් වෙන ‘ෆැටි ලිවර්’ කියන රෝගය කියලා..

මෙය ඇති වන්නේ වයස අවුරුදු 45 ඉක්මවූ පිරිමි – ගැහැනු යන දෙපාර්ශ්වයටමයි.. එනමුත් ඊට අඩු වයස් කාණ්ඩවල අයටත් සමහර විට කුඩා දරුවන්ටත් මෙය බලපාන අවස්ථා මෙය දැකලා තියෙන තත්ත්වයක්.. මෙය ඇත්තෙන්ම බෝ නොවන රෝගයක්..

තෙල් ගතිය වැඩි වීම නිසා ඍජුවම රෝගියාගේ අක්මාවේ ක්‍රියාකාරිත්වයේ බිඳවැටීමකට එය බලපානවා.. අක්මාව කියන්නේ ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රධානම අවයවයක් වන නිසාත් එය අඩපණ වුණොත් එය බරපතළ කාරණාවක්.. අනෙක අක්මාව කියන්නෙ අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රධානම අවයවයක්නෙ.. එය අඩපණ වුණොත් ශරීරයේ සියලු අංශ බිඳවැටෙන්න ගන්නවා..

මෙහි විශේෂ දෙයක් කියන්නම තියෙනවා.. මෙය ඇල්කොහොල්වල සම්බන්ධයක් අනුවත් හැදෙන්න පුළුවන්.. එහෙව් සම්බන්ධයක් නැතිවත් මේක හැදෙන්න පුළුවන්.. මීට ප්‍රධානම හේතුව තමයි අධික තෙල් සහිත ආහාර වර්ග එක දිගටම ගැනීම, ව්‍යායාමයෙන් තොරව අලස ජීවිතයක් ගත කිරීම, මත්පැන් වර්ග භාවිතය, දීර්ඝ කාලයක් ගන්න ඖෂධවල සැර, අධික තරබාරුවත් ඊට හේතුයි.. තවද දියවැඩියාව, කෘත්‍රිම ආහාරපාන ගැනීම තමයි ඉතාම නරකම. නමුත් මෙය බෝ වෙන රෝගයක් නම් නෙවෙයි..

ආහාර අරුචිය, අජීර්ණ ගතිය, ඔක්කාර ගතිය, වමනය, අලස බව යන කී දෑ රෝග ලක්ෂණ වශයෙන් ගත හැකියි.. හරියාකාරව තමන්ගෙ අක්මාවෙ තෙල්ය කියලා කෙනකුට දැනගන්න ඕනෙ නම් Liver funtion Test එකක් කරගත යුතුයි.. කොහොමද මේ ලෙඩේ අපේ දේශීය හෙළ වෙද ක්‍රමයට සුව කරන්නේ එයයි.. ඔබ විමසනවා ඇත්තේ..

සමහරු ආහාර බැදගන්න ගන්න තෙල් වර්ග අලුත් කරන්නෙ නැතිව යළි යළිත් බැදුම්වලට ගන්නවා.. ඒ තෙල් හරිම විස සහිතයි.. කියාගන්න බැරි තරම් ලෙඩ රෝග ඒ නිසා ඇති වෙන්න පුළුවන්.. ඇතැම් රෝග ඊටත් වඩා එහා යන තත්ත්වයකට හැරේවි..

ඒවා අක්මාවට වඩාත් හානිකර විය හැකියි.. බොහෝ දෙනා කිසිදු ව්‍යායාමයක යෙදෙන්නෙ නැතිව අලසව ඔහේ ඉන්න බලනවා.. ඒකත් ලෙඩ රෝග රැසකට අත වැනීමක්, අක්මාවෙ මේදය දහනය වෙලා යනවා නම් හොඳයි.. නමුත් එහෙම නොවී ඉතා විනාශකාරී තැනකට තල්ලු වුණොත් ගලවා ගන්න එක ලෙහෙසි වෙන්නෙ නෑ.. මේදය දහනය වුණේ නැතිනම් අක්මා සෛලවලට හානි වෙනවා. ඒක හොඳට මතක තියාගත යුතු දෙයක්..

ඔබ අහල ඇති අරක්කු නොබොන අයටත් මේක හැදෙන බව.. ඒ තමයි ඇල්කොහොල් නැති සිරෝසිස් රෝගය හැදිලා විඳවන්නෙ ඒ අයයි. ඒ නිසා ව්‍යායාම, හරිම වැදගත් වෙනවා.. එය ඔබව නිරෝගී කරවනවා..

ඔබට නිතර ව්‍යායාම කරන්න බැරිකමක් තියෙනවා නම් අඩුම තරමේ ඇවිදීමවත් කරන්න ඕන. විනාඩි 10ක්් 15ක් වුණත් හොඳයි.. ඉතා වේගයෙන් ඇවිදගෙන යෑම රෝගය පාලනය කරගැනීම පහසු දෙයක්.. ඉතා වේගයෙන් ඔබේ දෑත් දෙපා විහිදුවාම දුවන්න ගන්න.. එය විනාඩි 10කදී කිලෝමීටර් 1ක් පමණ නම් වඩාත් හොඳයි.. එළවළු, පලතුරු මෙන්ම කෙඳි වර්ගයේ ආහාර මේ ලෙඩේට ඉතා ගුණයි.. ධාන්‍ය වර්ගත් විශේෂයි..

මේද සහිත කිරි ආහාර ගැනීම අවම කළ යුතුයි. විශේෂයෙන්ම රතු මස් වර්ග භාවිතය අවම කිරීම අක්මාවේ ආරක්ෂාවට ඉතා වැදගත් වෙනවා..

බටහිර වෛද්‍යවරු නම් කියන්නෙ අක්මාවේ මේදය ඇති වීම පාලනය කරන්න පමණක් පුළුවන්, එය නැති කර දමන්න බැරිය කියලයි.. නමුත් පුරාණ අත් බෙහෙත්වලින් එය සුව කළ හැකියාව පවතිනවා.. එහිදී වැනසී යමින් තිබෙන අක්මාවේ සෛල පවා යළි ප්‍රකෘති තත්ත්වයට ගෙන එනු ලබනවා..

ඔබ දියවැඩියා රෝගියකු නම් ඔබට මෙය හොඳ නෑ.. ඔබ දන්නවා තම්බා ගත් බතල මේ රෝගයට ඉතා වටිනා ඔසුවක්.. නමුත් දියවැඩියාව තියෙනවා නම් එය කන්න එපා..

ඔබ උදෑසන හොඳින් ව්‍යායාම කර ඉන්පසුව ලුණු අඩුවෙන් යොදාගෙන හදාගත්තු ලුණු කැඳ වීදුරුවක් එක්ක තම්බලා ගත්ත බතල ආහාරයට අරන් බලන්න එය ඉතා යෝග්‍ය දෙයක්..

දැන් ඉතින් ඔබට මේදය ඇති නිසා ප්‍රවේශම් වන්නත් ඕන වෙන නිසා කෑම පිස ගනිද්දී පොල් අතින්ම මිරිකා ගන්නට කටයුතු කරන්න වෙනවා.. සමහරු බ්ලෙන්ඩර් කරලා එහෙමත් නැතිනම් මිරිස් ගලේ තියලා අඹරලා ගන්නවානේ.. එය හොඳ නැහැ..

ඉහත බතල- ලුණු කැඳ ප්‍රතිකාරය කරලා ප්‍රතිඵල බලාගන්න.. සුව ලැබේ.. ඊටත් වඩා වැඩි ඔබේ රෝගය මුළුමනින්ම සුවකර ගත හැකි තත්ත්වයක තියේ නම් ඔබේ වෛද්‍යවරයාගෙන් සුදුසු උපදෙස් වහා ලබාගත යුතුයි..

..අන්තර්ජාලය ඇසුරෙන්... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top