මේ හිසරදය කොයිතරම් නම් ''හිසරදයක්'' වනවා ද කිව්වොත්, කවුරු හරි ඔළුවට පහර දුන්නා හා සමාන වේදනාවක්.
දවසේ වැඩ සම්පූර්ණයෙන්ම අඩාල කරවන, කේන්තිය සහ වේදනාව බහුල කරවන මිග්‍රේන් හැදෙන්න හේතුව මොකක්ද ?
මිග්‍රේන් කියන්නෙ සුලබ රෝගී තත්ත්වයක්. මේක නිකන් ම නිකන් එන හිසරදයක් නෙවෙයි.
ඔක්කාරය, වමනය සහ ආලෝකය දෙස බැලීමට අපහසු වීම යන ලක්ෂණ සහිතවයි මිග්‍රේන් වැඩිවෙන්න ගන්නෙ.
ඇතැම් පිරිසකට මෙය පරම්පරාවෙන්ම එන රෝගී තත්ත්වයක් හැටියටත් පවතිනවා.
රෝගය ඉස්මතු වන ආකාරය කෙනාගෙන් කෙනාට වෙනස්.
ඇතැමෙක්ට එය උත්සන්න වෙන්නෙ අධික හිරු එළිය නිසාවෙන්.
ඒ වගේම අධික ශබ්දය, ඇතැම් ආහාර රටා ද මෙම තත්ත්වය වැඩිකරවන්න හේතු සපයනවා.
සාමාන්‍යයෙන් මිග්‍රේන් වැළඳුණා කියන්නෙ ආලෝකය දෙස බැලීම පවා අපහසු කරවන තත්ත්වයක්.
ඒ වගේම අධික ශබ්දයත් ඉවසිය නොහැකි කාරණාවක්.
බොහෝදුරට වමනය ගියායින් පසු හිසරදය සුව වීමට ඇති වැඩියි.
මිග්‍රේන් වැළඳෙන හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ අතර ප්‍රධානයි අපේ ආහාර රටාවේ ඇති අඩුපාඩු.
ප්‍රමාද වී ආහාර ගැනීම, ආහාර වේල් අතපසු කිරීම, කැෆේන් අඩංගු ආහාර ගැනීම, සකසන ලද ආහාර ගැනීම, අච්චාරු වැනි පැසීමට බඳුන් කළ ආහාර ගැනීම, රසකාරක යෙදූ ආහාර භාවිතය, චොකලට්.. රටකජු.. කජු.. බටර් වැනි කිරි නිශ්පාදන බහුලව ආහාරයට ගැනීම ඒ අතර දැක්විය හැකියි.
ඒ වගේම කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව මෙම තත්ත්වය වැඩිකරවන්න හේතු වනවා.
මීට අමතරව ප්‍රමාණවත් නොවන නින්ද, දුම් බීම, අධික මත්පැන් පානය වැනි කාරණා නිසාත් මිග්‍රේන් ඔබට වැළඳිය හැකියි.
මෙම තත්ත්වය ඔබේ පෙනීමට දැඩි බාධා ගෙනදෙන රෝගී තත්ත්වයක්.
ඒ වගේම අලස බව, ආහාර අරුචිය, ඔක්කාරය සමඟ වමනය, පොත් දෙස බලා සිටීමේ අපහසුව, අධික කේන්තිය වැනි තත්ත්වයන් ද මෙනිසා ඇතිවිය හැකියි.
ඉතින් ඔබත් මේ ආකාරයට මිග්‍රේන් නිසා පීඩාවිඳින අයෙක් නම් , රෝගය උත්සන්න කරන වැරදි පුරුදුවලින් දුරස් වෙන්න.