Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
08
හැඩය ගැන හිතලා ඔයත් ගොඩක් වද වුණාද..? මේක කියන්නේ තරබාරුවෙන් දුක් විඳින ඔයාටමයි..

- හැඩය ගැන හිතලා ඔයත් ගොඩක් වද වුණාද..? මේක කියන්නේ තරබාරුවෙන් දුක් විඳින ඔයාටමයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views

හැඩට ඇඳුමක්වත් අදින්න බැරි නිසා මහත කියන්නේ ඔබට වදයක් වෙච්ච නිසාද..?

එහෙනම් දැන් ඒක කරදරයක් කරගන්න ඕන නැහැ..


මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. අද අපේ දැනුවත් වීම කෙරෙන්නේ එකී තරබාරුව මට්ටු කරගත හැකි විද්‍යාත්මක රහස් කිහිපයක් දැක්වීමටයි..

සකස් කළ කෑම, පිෂ්ටය හා තෙල් අධික කෑම, ටේක් අවේ (Take away) කෑම, චීන කෑම (chinese Food) පිට්සා (Pizza) පැණි රස අධික කෑම වැනි දේ ආහාරයට ගැනීම ස්ථුලතාවට බලපාන ප්‍රබලම හේතූන් වේ. එහෙත් මේ සියලුම ප්‍රධාන සාධකවලින් මිදුණත් තරබාරුව හා අපේ ජාන අතර නොබිඳෙන මිතුරුකමක් ඇති බව මෑතකදී ආහාර හා පෝෂණවේදී පර්යේෂණ කිහිපයකින්ම හෙළිවී තිබෙනවා. මේ එක් පර්යේෂණයක නියමුවා වන්නේ කැනඩාවේ සුප්‍රකට පෝෂණවේදියකු වන ඩේවිඩ් ක්ලෝඩ් ඇතලින් නමැත්තායි.

ඩේවිඩ් ඇතලින්ට අනුව තරබාරු බව සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින්නේ පිරිමින් හා කාන්තාවන් අතරයි. එහි ප්‍රතිශතමය අගය 60%-65% තරම් ඉහළයි. වැඩිවියට පත්වීමත් සමඟම කාන්තා සිරුරක හෝමෝනවල සිදුවන විශාල පිබිදීම මීට බලපාන ප්‍රධානම සාධකය බවයි ඩේවිඩ් ප්‍රකාශ කරන්නේ.

එහෙත් ඩේවිඩ්ගේ පර්යේෂණවලින් හෙළි කරගත් ඊළඟ වැදගත් කරුණ තමයි තරබාරු වීම කෙරෙහි ජානමය බලපෑමත් ප්‍රබල සාධකයක් වන බව.

අපට මෙම ජානමය බලපෑම සෘජුවම ලැබෙන්නේ මවගෙන් හෝ පියාගෙන් වන අතර පරම්පරා ගණනාවක් දක්වා මේ ජානමය බලපෑම් සිදුවෙන්න පුළුවන්. මෙම ජාන කට්ටල දෙකක් ලෙස ගතහොත් “මවගේ පාර්ශ්වයේ ජාන කට්ටලය” හා “පියාගේ පාර්ශ්වයේ ජාන කට්ටලය” වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

තවත් වැදගත්ම කාරණාවක් කිව යුතුමයි. අපට කුසගින්න ඇති කරන්නේ ගේ‍ර්ලින් (Ghrelin) නම් හෝමෝන විශේෂයයි. අප ආහාර අනුභව කරනවිටත් මෙම හෝමෝනය ශරීරය තුළ ස්‍රාවය වෙමින් කුසගින්න සමනය කරවමින් ආහාර රුචියද පාලනයකට නතු කරනවා. ඔබ දන්නවාද මේ Ghrelin හෝමෝනය ස්‍රාවය වීම පාලනය වෙන්නේ ජාන මඟින්. නමුත් මේ හෝමෝනය සාමාන්‍ය ආකාරයේ ජාන කට්ටල ලැබී ඇති අයට සාමාන්‍ය බලපෑමක් සිදුකරමින් ශරීරයට අවශ්‍ය තරමින් පමණක් ආහාර ගැනීමට නිරන්තරයෙන්ම පෙලඹවීමක් සිදු කරනවා.

එහෙත් වෙනස් ආකාරයේ ජාන පවතින අයගේ මේ Ghrelin හෝමෝනය ස්‍රාවය වුණත් එයින් ඇති කෙරෙන අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය නිසා එවැන්නකු මොනතරම් ආහාර ගත්තත් එහි සීමාවක් (ස්වයං පාලනය) ඇති නොකරයි. ඊළඟ කාරණය වන්නේ එවැන්නෙක් කොතෙක් ආහාර අනුභව කළත් කුසගින්න පාලනය නොවීමයි. මෙවැනි පුද්ගලයන් ඉතාම ඉක්මනින් ස්ථුලතාවට පත්වන බවයි මෙම පර්යේෂණය සිදුකළ ඩේවඩ් ඇතලින් ඇතුළු පෝෂණවේදීන්ගේ අදහස.

තවත් කාරණයක් තියෙනවා සාමාන්‍ය ජාන කට්ටල දෙකක් හිමි අයගේ (මවගේ -පියාගේ ජාන කට්ටල යුගලය) Ghrelin හෝමෝනය ස්‍රාවය වී කුසගින්න ඇතිකර ආහාර අනුභව කරන අතර ඒ අතරතුර Ghrelin හෝමෝනය ස්‍රාවය වීම ක්‍රමක්‍රමයන් අඩුවී කුසගින්න නිවුණු පසු හෝමෝනය ස්‍රාවය වීම නිරන්තරයෙන්ම නතර වේ..

වෙනස් ජාන කට්ටල දෙකක් හෝ එක් වෙනස් ජාන කට්ටලයක් හිමි අය කුසගින්න ඇති වීමත් සමඟ ආහාර අනුභව කිරීමේදී Ghrelin හෝමෝනය ස්‍රාවය වීම නතර නොවේ. මෙම පර්යේෂණය සඳහා යොදාගත් පිරිසෙන් සාමාන්‍ය ජාන කට්ටලයක් හිමි අය තෙල් හා පිෂ්ටය අඩංගු කෑම වේලකට දැක්වූ කැමැත්තද ඉතාම අඩු මට්ටමක පැවැති අතර වෙනස් ජාන කට්ටල හිමි පුද්ගලයන් ප්‍රකාශ කර තිබුණේ ඔවුන් තෙල් හා පිෂ්ටය මෙන්ම අධික පැණි රසයෙන් යුත් ආහාර පාන ගැනීමට ඉතාම කැමැත්තක් දක්වන බවත් එවැනි කෑම දැකීමෙන් පවා විශාල කුසගින්නක් ඇති වන බවත්ය.

මීට සමගාමීව එක්සත් රාජධානියේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණ මඟින්ද ස්ථුලතාවට ජානවල ඇති බලපෑම තහවුරු වන අතර එම විශේෂඥ වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ මෙම වෙනස් ජාන කට්ටල ඇති අය විශේෂයෙන්ම තරබාරු බව වළක්වා ගැනීමට නම් බයිසිකල් පැදීම, පිහිනීම, දිනකට සැතපුම් දෙකක්වත් හැල්මේ දිවීම (වේගයෙන් ඇවිදීම) හා සිතාමතා සිත පාලනය කරගෙන පැණිරස තෙල් හා පිෂ්ටය අධික ආහාර අනුභවය නිසි පාලනයකට යටත් කළ යුතු බවයි.. එමෙන්ම ප්‍රධාන කෑම වේල් ගණන කුඩා කොටස්වලට කඩා දිනකට කුඩා කෑම වේල් 6ක් ගැනීමත් එහිදී ප්‍රෝටීන් බහුල ආහාර අනුභව කිරීම ආදිය තුළින් Ghrelin හෝමෝනය මනාව පාලනය කළ හැකි බවයි..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top