ආදරය කරනකොට ඇතිවෙන සමහර ප්‍රශ්නවලට මිනිස්සු විසඳුම් හොයන්නේ ජීවිතේ එක්ක සෙල්ලම් කරලා. ඒත් එයාලා දන්නේ නෑ තමන්ට ආදරේ කරන්න මේ ලෝකේ තවත් අය ඕනි තරම් ඉන්නවා කියලා. ඒ නිසා ඉක්මන් වෙලා ඔවුන් ගන්න සමහර තීරණවලින් විඳවන්න ඒ අයගේ ළඟින් ඉන්න මිනිස්සු.
ඒ විදියට ආදරය නිසා මේ ලෝකේ දාලා ගියපු තරුණියක් තමයි දෙව්මි කියන්නේ. එයාගේ යාළුවෝ කියලා තියෙන විදියට මෙයා තරුණයෙකුට ආදරය කරලා තියෙනවා. ඒත් ඔහු මෙයාව ප්‍රතික්ෂේප කරපු නිසා දෙව්මි එයාගේ ජීවිතේ නැති කරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ ගැන ෆේස්බුක් එකේ මේ වෙනකොට හැමතැනම කතාවෙනවා.
ඒ වගේම ඇයගේ මේ හදිසි මරණය ගැන ගොඩදෙනෙක් ඉන්නේ තාමත් මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරිව. මේ විදියට දෙවුමිගේ මරණය සිද්ධ වුනේ එයා යාළුවෙලා හිටපු තරුණයා නිසා කියලා යාළුවෝ ගොඩදෙනෙක් ඔහුට දෝෂාරෝපණ එල්ල කරලා තිබුණා. කොහොමවුනත් මේ කතාවේ ඇත්ත නැත්ත ගැන අපි තාම හරියටම දන්නේ නෑ. සමහරු කියනවා මේ විදියට මැරුණා වගේ ෆොටෝ ෆේස්බුක් දාලා තියෙන්නේ කොල්ලාව රවට්ටන්න කියලා.
හැබැයි දෙව්මි කියන ෆේස්බුක් ගිණුමේ දාලා තියෙන්නේ එයා මැරුණු දවසට මිනිස්සු හැමෝම එයාට ආදරෙයි කියලා. අපි විස්තර හොයලා බලපු විදියට කිසිම පොලිසියකට මේ වෙනකම් සිද්ධිය ගැන පැමිණිල්ලක්වත් ඇවිත් නැහැ.