Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
13
"දත් මදින්නෙත්, කන්නෙත්, නිදාගන්නෙත් මේ ෆෝන් එකත් එක්කමයි" - මිෂෙල් දිල්හාරා - Photos

- "දත් මදින්නෙත්, කන්නෙත්, නිදාගන්නෙත් මේ ෆෝන් එකත් එක්කමයි" - මිෂෙල් දිල්හාරා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views

අම්මා කෙනෙක් වගේ ළංවෙලා එයාලගෙ ලෝකය සතුටින් පුරවනවා......

කෙනෙක් සියදිවි හානි කරගන්න මාසයකට විතර කලින් වක්‍රව ඒ බව දැනුම්දෙනවා.......
 
මිචෙල් දිල්හාරා කියන්නේ නිරන්තරයෙන්ම රංගනයෙන් දකින්න ලැබෙන චරිතයක්. ඒ වගේම ඇය රංගනයෙන් උපයන මුදල් අසරණ දරුවන් වෙනුවෙන් යොදවන සමාජ සේවිකාවක් හැටියටත් ප්‍රසිද්ධයි. එලෙසින් රංගනයෙන් උපයන මුදලින් ළමා නිවාස, පාසල් සංවර්ධනය කළ නිසා මිචෙල්ට නැවත වරක් ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබෙනවා.


මේ සම්මානය මොකක්ද..?
 
මේක මේ වසරේ නවදිල්ලියේ පැවැත්වූ World youth summit 2019 සම්මාන උළෙලෙදී National youth icon award 2019 නමින් මට ලැබුණු සම්මානයයි. ඒක ලැබුණෙ මම මෑතකදී එළිදැක්වූ Social invisibility i not a feition it exists පොත වෙනුවෙනුයි.

මිෂෙල් රචනා කරපු ඒ ග්‍රන්ථය ජාත්‍යන්තර සම්මාන උළෙලකට ඉදිරිපත් වුණේ කොහොමද..?

මේ ග්‍රන්ථය මම වසර හතරක් වගේ කාලයක් තිස්සේ විවිධ පර්යේෂණ කරලා ලබාගත්ත දත්ත එකතු කරලා කරපු ග්‍රන්ථයක්. අද සමාජයේ ජීවත්වෙන මිනිස්සු හරිම කාර්යබහුල ජීවිතයි ගත කරන්නෙ. උදේ නැඟිටපු ගමන් බොහෝ දෙනා තමන්ගේ ජංගම දුරකතනයට පණිවිඩ කීයක් ඇවිත් තියෙනවද කියලා තමයි බලන්නෙ. උදේට දත් මදින්නෙත්, කන්නෙත්, නිදාගන්නෙත් මේ ෆෝන් එකත් එක්කමයි. ඒ තරමටම සමාජයේ ජීවත්වෙන මිනිස්සු තාක්ෂණ මෙවලම් එක්ක බද්ධවෙලයි ජීවිත ගත කරන්නෙ. බොහෝ අය වයස පනස් පහ වනතුරුම රැකියාවක් කරන ගමන් රැකියාව සහ දරුවන් වෙනුවෙනුයි කාලය වැඩිපුර වෙන් කරන්නෙ. ඒ අයම කවදාහරි ඒ රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සෙ ජීවිතේ හුදෙකලා වෙනවා. ඒ වෙද්දී තවදුරටත් මේ පවතින සමාජයත් එක්ක ඒ අයට ගනුදෙනු කරන්න බැරි තත්ත්වයට දුර්වල වෙනවා. ටික ටික ගෙවෙන වයසත් එක්ක මේ අයගෙ වේගය, කන් ඇසීම දුර්වල වීම, ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව අඩුවෙලා නැතිවෙලා යනවා. ඒ අය වෙනුවට ජවසම්පන්න තරැණ අය ඒ රුකියාවලට අනිවාර්යයෙන්ම ආදේශ වෙනවා. ඒකනෙ ඇත්තම කතාව. ඒ වෙද්දී අපේ අවශ්‍යතාවයන් ටිකෙන් ටික අඩුවෙලා යනවා.

මිෂෙල්ට එහෙම ජීවිත ඕනෑ තරම් මුණගැහිලා තියෙනවා. එහෙම නේද..?

ඔව්.. මම වැඩ කරන ළමා නිවාස සහ වැඩිහිටි නිවාස දෙක තුනක් තියෙනවා. ඒ වැඩිහිටි නිවාසවල විශ්‍රාම ගිය නඩුකාරවරු, දිසාපතිවරු පවා ඉන්නවා. කාලයක් එයාලා මේ සමාජයට නැතිවම බැරි චරිත වුණා. හැබැයි විශ්‍රාම ගියාට පස්සෙ එයාලව මේ සමාජ චක්‍රයෙන් එළියට විසි වෙනවා. අපිත් ඇත්තටම නොදැනුවත්වම මේ වරදට පෙළඹෙනවා. අපේ කාර්යබහුලකම නිසාම ගෙදර ඉන්න විශ්‍රාමික අම්මව තාත්තව මඟහැරිලා යනවා. අද වෙද්දී බොහෝ දරුවන් තමන්ගෙ අම්මලා තාත්තලා එක්ක ගත කරන කාලය හරිම අඩුයි. ඒ අය වැඩිපුරම කාලය ගත කරන්නෙ ජංගම දුරකතන එක්කයි. නැත්නම් තමන්ගෙ කාර්යාලවල රාජකාරිත් එක්කයි. මේ රටේ කී දෙනෙක්ගෙ වයසක මව්පියන් ගමේ ගෙදර තනිවෙලා ඉන්නවද? හැබැයි කවදාවත් ඒ අය ඒ හුදෙකලාව ගැන කියන්නෙ නැහැ. ඒ මව්පියන් නොකිව්වට ඒ අය පුදුමාකාර හිත් වේදනාවකිනුයි එයාලගෙ අවසන් කාලය ගත කරන්නෙ. එවැනි බොහෝ මව්පියන් මානසික රෝහල්වලට පවා යන්න පෙළඹෙනවා. ළමා නිවාසවල ඉන්න දරැවන්, ආබාධිත රෝගීනුත් මේ ගණයට වැටෙනවා.

මේ ග්‍රන්ථයට මූලාශ්‍ර සොයා ගනිද්දී උදව් කළේ කවුද..?

ඇත්තටම ඒ ගැනනම් කියන්නම ඕනෙ. මේ පොත ලියද්දී මට මහාචාර්ය පරාක්‍රම වර්ණසූරිය, මහාචාර්ය ඇන්ටනී පෙරේරා, වෛද්‍ය වරුණ චන්ද්‍රකීර්ති වගේම සමාජ ජාල නිරීක්ෂකයකු ලෙස කටයුතු කරන තිළිණ ධනුෂ්ක අබේවික්‍රම යන මහත්වරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය නිසා මේ පොත සාර්ථකව අවසන් කරන්න පුළුවන් වුණා. මේ පොතෙන් වැඩිහිටියන් ආරක්ෂා කරලීම සඳහා ආයතන පිහිටුවන්න මම යෝජනා කරලා තියෙනවා. ළමයෙක්ට කාන්තාවකට යම් හිංසාවක්, අසාධාරණයක් වෙද්දී ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න රටේ ආයතනයක් සහ නීතියක් තියෙනවා. නමුත් වැඩිහිටියන් වෙනුවෙන් එවැනි ආයතනයක් නැතිකමින් එයාලගේ ජීවිතයේ අන්තිම කාලය ජීවත්වෙන්න සිදුවෙන්නෙ ගොඩක් අපහසුවෙන්. මේ නිසා මේ ගැන සමාජය දැනුම්වත් කරන සංවාදයක් ගොඩගන්න අදාළ යෝජනාවකුත් මේ පොතට ඇතුළත් වෙනවා. මේ පොත ගැන ඉන්දියන් වෙබ් සයිට් දෙක තුනක සඳහන් වුණා. ඒ අනුව තමයි මේ පොත ගැන ඔවුන්ගෙ අවධානය වැඩි වශයෙන් යොමු වුණේ.

මිෂෙල්.. බොහෝ තරුණියන්ට අද මෙවැනි සමාජ කටයුතු ගැන සොයා බලන්න වෙලාවක් නැහැ. ඒ තරමටම කාර්යබහුලයි. පොතක් ලියන්න ගියත් බොහෝ දෙනා නවකතා සහ පරිවර්තන කෘති ලියන්න උත්සාහ කරන කාලයක මෙවැනි ග්‍රන්ථයක් ලියන්න හිතුණෙ ඇයි..?

මේක පර්යේෂණාත්මක කෘතියක්. මම අවුරැදු තුන හතරක් තිස්සෙ බොහෝ දත්ත එකතු කරලයි මේ පොත නිර්මාණය කළේ. ඒ නිසා මේ පොත ලියද්දී මම බොහෝ වෙලාවට මගේ පෞද්ගලික අත්දැකීම් එකතු කර ගත්තා. මම අවුරුදු පහළොවේ ඉඳන් ළමා නිවාසවල ඉගැන්වුවා. වැඩිහිටි නිවාසවල අයට මට පුළුවන් විදිහට අවශ්‍ය දේවල්වලින් උදව් කරන්න උත්සාහ කළා. ඒ කාලය ඇතුළත මම බොහෝ දේවල් දැක්කා. අපි නොදන්නවා වුණාට අපි අතරේම ඒ අය ඉන්නවා. අපි කියපු දේවල් සමහර අය දශමයකටවත් ඇහුවෙ නැති තත්ත්වයක් සමහර වෙලාවට තිබුණා. ඒ අය වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනෙ කියලා මට හිතුණා. එහෙම හිතලයි මට ඒ වගේ පොතක් ලියන්න හිතුණෙ. බොහෝවිට කෙනෙක් සියදිවි හානි කරගන්න මාසයකට විතර කලින් වක්‍රව ඒ බව දැනුම්වත් කරලයි තියෙන්නෙ. ඔවුන් වක්‍රව ඒ ඉඟි පළකරලයි තියෙන්නෙ. නමුත් බොහෝවිට ඒ අය හඳුනාගන්න බැරිකමින් බොහෝ ජීවිත විනාශ වෙනවා. ඒ හැමදෙයක් ගැනම හොයලා මේ පොත ලියපු නිසා තමයි මේ සම්මානය මට ලබා දෙන්න ඔවුන් තීරණය කළේ.

සමාජ සත්කාර කරන ගමන් මිෂෙල් කලා කටයුතුවලටත් දායක වෙනවා. මේ දවස්වල කරන නිර්මාණ මොනවද..? ඒ සඳහා කාලය බෙදාගන්නෙ කොහොමද..?

මම විශ්වාස කරන දෙයක් තමයි ඕනෑම දේකට අපිට කාලය තියෙනවා. ඒ කාලය අපි හදාගන්න ඕනෙ. මම මගේ පොතේ වැඩෙත් එක්ක ටෙලිනාට්‍ය හතරක් කරගෙන ගියා. back to school කියන ෆිල්ම් එකෙන් වැඩ පටන් ගත්තා. ඒ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත තුනෙන් එක චරිතයක් මම රඟපානවා. ඒ වගේම සමන් කුමාර ලියනගේ සර්ගේ නාට්‍යයකටත් කතා කරලයි තියෙන්නෙ. ඒකෙත් මම ප්‍රධාන චරිතයයි රඟපාන්නෙ. ඉතින්.. ඒ වැඩත් එක්ක මම මගේ අධ්‍යාපන කටයුතුයි සමාජ සේවා කටයුතුයි සියල්ලම ආසාවෙන් කරගෙන යනවා. අපිට ඕනෑම දෙයක් ආසාවෙන් කළොත් කරන්න බැරි දෙයක් නැහැ.

මීට අමතරව මිෂෙල්ට ලංකාවෙන් තවත් සම්මානයක් ලැබුණා..?

ඔව්.. වෛද්‍ය අබ්දුල් කලාම් සම්මාන උළෙලෙදී මට Youth peace ambassador නම් සම්මානයත් ලැබුණා.

මිෂෙල්ට ළමා නිවාසවල දරුවන් ඇසුරු කරන්න ලැබෙනවනෙ.. ඒ දරුවන් එක්ක ගත කරන ජීවිතේ ගැන ටිකක් කිව්වොත්...?

ඇත්තටම එතැනට ගිහින්ම තමයි ඒ අත්දැකීම් ලබාගන්න පුළුවන් වෙන්නෙ. මම ළමා නිවාස පහක හයක විතර ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. මම දරුවන්ට ගුරුවරියක් විදිහට ළංවෙනවාට වඩා සහෝදරියක් විදිහට ඒ අයට ළංවෙන්න හැමවෙලේම උත්සාහ ගන්නවා. ගෙවුණු අවුරුදු පහ හය තුළ මම දැකපු දෙයක් තමයි ආදරය රැකවරණ කියන දේ එයාලා ගොඩක් බලාපොරොත්තු වෙනවා. ටිකෙන් ටික ළංවෙද්දී ඒ දරුවන් ජීවිතේ එයාලට දැනෙන දේ අපිට කියන්න ගන්නවා. ඒ පුංචි දරැවන් එයාලගෙ මානසික පීඩනය දරාගන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෙ නැහැ. මම හැමවෙලේම උත්සාහ ගන්නෙ ඒ පුංචි දරුවන්ට සහෝදරියක් අම්මා කෙනෙක් වගේ ළංවෙලා එයාලගෙ ලෝකය සතුටින් පුරවන්නයි. එයින් මට ලැබෙන සතුට මානසික සුවය කවදාවත් මුදලින් ලබාගන්න බැහැ.

"දේශය"
දිල්ෂානි




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top