Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
21
"ටික කාලයකට පස්සේ මම අපි බඳිමුද කියලා ඇහුවා. එයා ටික කාලයක් මගෙන් ඉල්ලුවා.." - 80 දශකයේ අගභාගයේ සිංහල සිනමාවේ දඟකාර පෙම්වතා වූ ශෂී විජේන්ද්‍ර කියයි

- "ටික කාලයකට පස්සේ මම අපි බඳිමුද කියලා ඇහුවා. එයා ටික කාලයක් මගෙන් ඉල්ලුවා.." - 80 දශකයේ අගභාගයේ සිංහල සිනමාවේ දඟකාර පෙම්වතා වූ ශෂී විජේන්ද්‍ර කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

282 Views
"අනොජත් ඒ වැඩේට කැමති වුණා, මම රට ගියා.."
"එක එක හේතු කාරණා කියලා ඒ හැමදේම කල්දැම්මා.."
 
ජීවිතේ එක්තරා සංධිස්ථානයකදී මට තේරුණා මනුෂ්‍යයෙක් වුණාම එක් එක් මංසන්ධිවලදී ඒ ඒ වෙනස්කම් වුණේ නැත්නම් වටිනා මිනිහෙක් වෙන්න බැහැ කියලා. අපි වයස අවුරුදු විස්සේදී කරන වැඩ තිහේදී කරන්න බැහැනේ. වයස අවුරුදු තිහේදී කරන වැඩ අවුරුදු හතළිහේදී කරන්න බැහැනේ. ඒ වගේ වෙනස්කම් වුණේ නැත්නම් මනුස්සයෙක් විදිහට වැඩක් නැහැ කියලා මට හිතුණා.

ඒ නිසා ඒ ඒ කාලවලදී ඒ වෙනස්කම්වලට මුහුණ දෙන්න ඕනේ කියලා මට හිතුණා. මම විවාහ වුණාට පස්සෙත් කාලයක් මේ ක්ෂේත්‍රයේ හිටියා. ඊට පස්සේ දැන් මේ ක්ෂේත්‍රයෙන් අයින්වෙන්න වෙලාව හරි කියලා මට හිතුණා. ඒවගේම මම අදහන ආගමට අනුව රඟපෑමට අනුමැතියක් තියෙනවා ද නැද්ද කියලා පොඩි ගැටලුවකුත් මතුවුණා. ඒ හැමදේම නිසා මම සිනමාවට ආයුබෝවන් කිව්වා.

ඒ තීරණය ගනිද්දී ඇත්තටම දුකක් හිතුණේ නැද්ද?
සත්තකින්ම ලොකු දුකක් ඇතිවුණා. නමුත් මුලින් කියපු හේතුත් නිසා මේ තීරණය මම ගත යුතුමයි කියලා මට හිතුණා. ඒ නිසා ඒ තීරණය ගන්නම මට සිදුවුණා.
 
නළුවෙක් වෙන්න හීන දැක්කේ කුඩා කාලේදීම ද?
පුංචි කාලේදීම නෙමේ. මම මුලින්ම ඉගෙන ගත්තේ බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන්. පස්වෙනි පන්තියේදී මම ගම්පහ සහිරා විද්‍යාලයෙන් ඉගෙනගත්තා. ඉස්කෝලේ O/L කරන කාලේදී ෆිල්ම්ස් බලන එක වැඩි වුණා. ඒකෙන් ආසාව ඇතිවුණා. ඒ ආසාව ඉෂ්ට කරගන්න ගොඩාක් උත්සාහ ගත්තා. රටේ හිටපු නොයෙක් අය මුණගැහුණා. වැඩක් වුණේ නැහැ. ඒ උත්සහය සාර්ථක කරගන්න ජීවිතේ මම ලොකු කට්ටක් කෑවා. පොඩිකාලේ ඉඳන්ම කෙටි කතා, කතාන්දර ලිවීමට, කියවීමට මගේ ආසාවක් තිබුණා. ඒ නිසාම සිනමා නළුවෙක් වෙන්න දඟලන දැඟලිල්ලට වඩා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා මට හිතුණා.
 
ඒ වෙනුවෙන් මම කීපදෙනෙක් මුණගැහුණා. ඒවාත් හරි ගියේ නැහැ. ඊට පස්සේ මම අඳුරන කෙනෙක් මාර්ගයෙන් දෙමළ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් මුණගැහිලා ඒකට සම්බන්ධ වුණා. මට දෙමළ කතා කරන්න පුළුවන් වුණාට දෙමළ, ලියන්න, කියවන්න මම දන්නේ නැහැ. ඒ නිසා ඒ සම්පූර්ණ පිටපත මට සිංහලයට ලියාගෙන තමයි ඒ වේදිකා නාට්‍යය පුරුදු වුණේ. ඒකත් ලේසි වුණේ නැහැ. මංගල දර්ශනය බලපු බොහෝ දෙනා මගේ රංගනය බොහෝ අගේ කළා.
 
ඒ කියන්නේ රංගනයට ශෂීගේ තිබුණු ආසාව තවත් වැඩිවුණා?
ඔව්නේ.. හැබැයි ටික දවසකට පස්සේ ඒ දෙමළ නාට්‍යයටත් මම ආයුබෝවන් කිව්වා. ඒ වෙද්දී මට තිබුණු ලිවීමේ හැකියාවෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ කියලා හිතලා මම වේදිකා නාට්‍ය පිටපත් ලියන්න හිතුණා. හැබැයි ඒ වෙද්දී මම වේදිකා නාට්‍ය නරඹලා තිබුණේ නැහැ. ඒ නිසා පිටපත ලියන එක පැත්තකට දාලා මම වේදිකා නාට්‍ය දෙක තුනක් හොඳට බැලුවා. ඊට පස්සේ මම වේදිකා නාට්‍යය ලිව්වා. මගේ යාළුවෝ කට්ටියකුත් සෙට් කරගෙන මම එක වේදිකා ගතකළා. ඒකෙන් රංගනයට තිබුණු ආසාව තවත් වැඩිවුණා.
 
වේදිකා නාට්‍ය කරපු ශෂී සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද?
මගේ මේ “සහජාත නාට්‍යය වේදිකා ගත කරලා ෂෝ දහයක් විතර පෙන්වද්දී ප්‍රධාන නිළිය කසාද බැන්දා. ඉතින් නිළියක් නැහැ. ඔය අතරේදී මගේ යාළුවෙක් අනෝජා වීරසිංහට මේ චරිතයට යෝජනා කළා. අනෝජාත් අපේ ආධුනික වැඩේට කැමති වුණා. “සහජාත ෂෝ පනහක් විතර කළා. ඔය අතරේදී මායි අනෝජායි ෆිල්ම් එකක් කරමුද කියලා කතා කරගත්තා. හැබැයි ෆිල්ම් එක කරන්න අපේ අතේ සල්ලි තිබුණේ නැහැ.
 
ශෂී ඒ මුදල් හොයා ගත්තේ කොහොමද?
ඔය කාලේදී මගේ තාත්තා රුකියාව කළේ ඩුබායිවල. තාත්තා කීපවතාවක්ම මට ඒ රටේ රැකියාවකට එන්න කියලා කතා කළාට රඟපාන්න තිබුණු පිස්සුව නිසාම මම ඒවාට ගියේ නැහැ. එක එක හේතු කාරණා කියලා ඒ හැමදේම කල්දැම්මා. මේ වැඩේ ඔළුවට වැටුණු ගමන් තාත්තාට “මම එන්න ලෑස්තියි කියලා ලියුමක් ලිව්වා. ඊට පස්සේ මම අවුරැදු දෙකක් පිටරට ඉඳලා බොහෝම පරිස්සමින් සල්ලි ටික ඉතුරු කරලා ලංකාවට ආවා. අනෝජාත් සල්ලි ටිකක් එකතු කරලා තිබුණා. ඊට පස්සේ අපි දෙන්නා එකතු වෙලා “ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඒක අධ්‍යක්ෂණය කළේ සුනිල් සෝම පීරිස්. ශෂී විජේන්ද්‍ර කියන්නේ සිනමාව සඳහා හදාගත්තු නමක්. මම වේදිකා නාට්‍යවල රඟපාද්දී ශෂී ක්වින්ටස්. හැබැයි මගේ සැබෑ නම වෙන්නේ අවුස් හනීෆා. දැනුත් යාළුවෝ ශෂී කියනවා. සමහරැ අවුස් කියනවා. දැන් ඒ දෙකම එකයි.
 
අපි ශෂීගේ විවාහය හා දරුවන් ගැනත් පොඩ්ඩක් කතා කරමු?
මගේ විවාහය සිදුවුණේ 1996 වසරේදීයි. ෂහීනා මගේ රසිකාවියක්. එයා දවසක් මාව මුණගැහුණා. මට ඇයව හිතට ඇල්ලුවා. අපි අතරින් පතර කතා කළා. ටික කාලයකට පස්සේ මම “අපි බඳිමුද කියලා ඇහුවා. එයා ටික කාලයක් මගේ ඉල්ලුවා. ඒ කාලය මම බලාගෙන හිටියා. එක දවසක් “මම දැන් ලෑස්තියි. මම කැමතියි කියලා කිව්වා. දැන් අපිට දරුවන් පස්දෙනයි. කොල්ලෝ හතරයි. එක කෙල්ලයි.
 
ශෂී රඟපාපු ඒ කාලය ගැන අද හිතද්දී ඇත්තටම මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ කාලය සුන්දරයි. නමුත් අද ඒ ගැන හිතෙනකොට අපිට හිතෙන දෙයක් තමයි “එහෙමත් තැනක්ද කියලා. ඒ කාලේ ගොඩාක් මහන්සි වුණා. ලොකු කට්ටක් කෑවා. බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගත්තා. බොහෝ චිත්‍රපටවල පෙම්වතා වුණා.
 
ආයෙත් කලාවට සම්බන්ධ වෙන්න හිතෙන්නේ නැද්ද?
ඒ සුන්දරකම මම දැක්කේ මට අවුරැදු විසි පහේදී. දැන් මට එහෙම හිතන්න බැහැ. දැන් මට ඒවාට සම්බන්ධ වෙන්න අතුරු ප්‍රශ්නයක් තිබෙනවා. මොන විදිහට අපි ජීවත් වුණත් ජීවිතේ අගභාගයේදී විශේෂයෙන් දරුවන් හම්බවුණාම දරැවන්ට ආදර්ශමත් විදිහට ජීවත්වෙන්න ඕනේ. ඒ නිසා දැන් කලාවට සම්බන්ධ වෙන්න මගේ හිතේ ඉඩක් නැහැ.
 
ශෂී මේ වෙනකොට ව්‍යාපාරිකයෙක්?
ඔව්.. ඒ ගැන කිසි අවුලක් නැහැ. කලාවට ආයුබෝවන් කීවාට පස්සේ ටික කාලයක් මට වෙනම ඉන්න ඕනවුණා. ඒ දවස්වල මම වයික්කාලයේ ඉස්සෝ ෆාම් එකක් කළා. ඒක සාර්ථක වුණා. ඊට පස්සේ ඒ ව්‍යාපාරය අතහැරලා මම මාතලේට ඇවිත් ටයිල් ව්‍යාපාරයක් ආරම්භ කළා. දැන් ඉතින් හෙමීට ඒ ව්‍යාපාරය කරගෙන යනවා.
 
දිශානි ජයමාලි
දේශය
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top