Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
20
" ඒ ආදරය රැකගෙන ඉදිරියට ජිවත් වෙන්න තමයි මම උත්සාහ කරන්නේ..." - මිචෙල් දිල්හාරා - Photos

- " ඒ ආදරය රැකගෙන ඉදිරියට ජිවත් වෙන්න තමයි මම උත්සාහ කරන්නේ..." - මිචෙල් දිල්හාරා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views

"එතැන දෙසීයක් විතර හිටියා, හැමෝම දුවගෙන ඇවිත් මාව වටකරගත්තා.."

"විශ්‍රාම ගියාට පස්සේ වැඩිහිටියන්ට මුහුණ දෙන්න වන ප්‍රශ්න මම දැක්කා.."

මම විශ්වාස කරනවා මම කුමක් හෝ තැනක අද ඉන්නවා නම් ඒ ප්‍රේක්ෂකයන් නිසා. ඔවුන් අපේ නාට්‍ය බලන නිසා. මම ඔවුන්ට ගොඩක් ගෞරව කරනවා. එක එක නිර්මාණවලට ප්‍රේක්ෂකයන් ඉන්නවා. ඉතින් ඔවුන් මම ඒ කරන දේවල්වලට ආදරය කරනවා.


පහුගිය දවස්වල නුවර ගියපු මිෂෙල්ට ප්‍රේක්ෂකයන්ගේ ආදරයෙන් බේරෙන්න බැරි වුණා කියලා ආරංචියි?
මම පොතක් ලිව්වා. ඒකේ සෝදුපත් බලන්න, එය එළිදක්වන්න කලින් පරීක්ෂා කරවගන්න මම මහාචාර්ය ඇන්ටනෙට් පෙරේරාව මුණගැහෙන්න නුවර ගියා. ඒ ගිය වෙලාවේ මම නුවර දළදා මාලිගාවටත් ගියා. ඒ වෙද්දි එතැන දෙසීයක්, තුන්සීයක් වගේ පිරිසක් හිටියා. ඉතින් ඔවුන් ඇවිත් සුහදව මාත් එක්ක කතා කළා. ඡායාරූප ගත්තා. අස්සන් ගත්තා.

මිචෙල් තමන්ගේ ප්‍රේක්ෂකයන් ළංකර ගන්න, ඔවුන්ට වටිනාකමක් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ නේද?
ඇත්තටම ප්‍රේක්ෂකයන් නිසා තමයි අපි මේ තැන ඉන්නේ. ඉතින් ඔවුන් මාත් එක්ක කතා කළාම මමත් ඔවුන් එක්ක සුහදව කතා කරනවා. සමාජ මාධ්‍යවල මගේ ඡායාරූපයකට කමෙන්ට් එකක් දැම්මොත් මම ඒ හැමෝටම කොහොම හරි reply කරනවා. ඔවුන් දෙන ගෞරවයට වටිනාකමක් දෙනවා.

රංගන ක්ෂේත්‍රයට එන්න කලින් කවදා හෝ දවසක ඔබ මේ වගේ බොහෝ දෙනාගේ ආදරය ලබන රංගන ශිල්පිනියක වෙයි කියලා හිතුවද?
මට හැමදාම තිබ්බේ කරන දෙයට උපරිම සාධාරණයක් කරන අරමුණක්. මම කරපු දෙයට යම්කිසි සාධාරණයක් කළ නිසාද දන්නේ නැහැ ඒ වටා ප්‍රේක්ෂක පිරිසක් එකතු වුණේ. මම හැමදාම විශ්වාස කළා අපි හරි දේ කළොත් අපිට ප්‍රේක්ෂකයන් ආදරය කරයි කියලා. ඉතින් ඒ ආදරය රැකගෙන ඉදිරියට යන්න තමයි මම උත්සාහ කරන්නේ.

ගුණ අහන්න වෙන අයගෙන්මයි ‍ෙදාස් අහන්න වෙන්නෙත්. ඔබට කවදාවත් ප්‍රේක්ෂකයන්ගෙන් දෝෂාරෝපණ ඇවිත් නැද්ද?
හැමදෙයකම ධන ඍණ දෙපැත්තක් තියෙනවනේ. හැබැයි මට මුණගැහිලා තිබෙන අයගෙන් ධනාත්මක දේවල් තමයි මට අහන්න ලැබිලා තියෙන්නේ. ඒක වාසනාවක් කියලා හිතනවා. මම හැමෝම එක්ක සුහදශීලීව කටයුතු කරන්න තමයි නිතරම උත්සාහ කරන්නේ.

මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරය එක්ක ජනප්‍රිය නිළි සම්මානය ගැනත් මිචෙල්ට බලාපොරොත්තුවක් ඇතිද?
මට ජනගත වෙන්න කැමැත්තක් තියෙනවා. මම කරන දේ ගැන විශ්වාසයෙන් වැඩ කරනවා. සුදුස්සාට සුදුසු දේ කවදා හරි ලැබෙයි. ඇගැයීමක් ලැබුණොත් භාර ගන්නවා. කොහොම වුණත් හදාගන්න ඕන දේවල් හදාගෙන ඉදිරියට යන්න තමයි මම උත්සාහ කරන්නේ.

රංගනයට එන සමහරුන්ට රංගන ක්ෂේත්‍රය තාවකාලික නැවතුමක්. මිෂෙල්ට මේ ක්ෂේත්‍රය තාවකාලික නැවතුමක් වෙන එකක් නැද්ද?
රංගන ක්ෂේත්‍රය තුළ පුළුවන් උපරිම ඉස්සරහට යන්න උත්සාහ කරනවා. අධ්‍යාපන කටයුතුයි, සමාජ සේවා වැඩකටයුතුයි එක්ක රංගන කටයුතු සමබර කරගෙන ඉදිරියට යන්න තමයි උත්සාහ කරන්නේ.

මිෂෙල් ලේඛනයටත් අතගැහුවා කිව්වානේ. ඒ ගැනත් කියමු?
මම Social invisibility is not a fiction it exists කියලා පොතක් ලිව්වා. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ඒ පොත ලිව්වේ. සමාජයේ අවධානය යොමු නොවුණු අදිසි පිරිස ගැන කියැවෙන පොතක් ඒක. අපේ රටේ අවුරුදු පනස් පහෙන් පසුව සමහර වැඩිහිටියන්ට ජීවිතය ගැන සැලැස්මක් නැහැ. ඉතින් ඒ දේවල් ගැන තමයි මේ පොතෙන් කතා කරන්නේ. ආචාර්ය පරාක්‍රම වර්ණසූරිය මෙහි කරුණු සඳහා මට උදවු කළා. ඒ වගේම මහාචාර්ය ඇන්ටනෙට් පෙරේරා සහ මහාචාර්ය වරුණ චන්ද්‍රකීර්තිගේ මෙහෙයවීම සහ උදවු එක්ක තමයි මේ කෘතිය කළේ.

ලේඛනයට අතගහන්න හිතුවේ?
මම අවුරුදු හතරක් පහක් තිස්සේ සමාජ සේවාවලට නැඹුරුවෙලා හිටියා. ඒ කාලසීමාවේ මම ලබපු අත්දැකීම් සහ දැකපු දේවල් එක්ක තමයි මේ වගේ පොතක් මට ලියන්න ඕන වුණේ. විශ්‍රාම ගියාට පස්සේ වැඩිහිටියන්ට මුහුණ දෙන්න වන ප්‍රශ්න මම දැක්කා. ඒ හින්දා ඒ ගැන පර්යේෂණ කරලා තමයි ඒ සම්බන්ධව පොතක් ලිව්වේ.

දිගටම ලේඛන කටයුතුවල නිරත වෙන්නද අදහස?
ඔව්. සමාජ සේවය වෙනුවෙන් දිගටම ලේඛන කටයුතුවල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා.

මොනවද ඉදිරි සැලසුම්?
දෙසියයකට ශිෂ්‍යත්වයක් ලබාදෙන වැඩපිළිවෙළක් මම පටන් ගත්තා. ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළේ රැකියා තිබ්බට ඒවට ලංකාවේ සමහරුන්ට ඉල්ලුම් කරන්න බැරිවෙන ප්‍රශ්නය තමයි ඉංග්‍රීසි භාෂාව. ඒක හදාගත්තොත් ලංකාවේ අයට හොඳ අවස්ථා විවර කරගන්න පුළුවන්. ඉතින් මේ ශිෂ්‍යත්වය හරහා අපි කරන්නේ ඉංග්‍රීසි භාෂාව, සමාජ සේවා කටයුතු ඇතුළු දේවල් පිළිබඳ ඔවුන්ට අත්දැකීම් ලබාදෙන එක. ධනුෂ්ක ක්ලාක් තමයි එහි දේශකවරයා ලෙස කටයුතු කරන්නේ.

කෞශල්‍යා කළුගම්පිටිය
මව්බිම



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top