Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
20
"පුංචි කාලේ ඉඳන් අපි දෙන්නාගේ දැනහැඳුනුම්කම් තිබුණා. පසු කාලයෙදී ඒක විවාහයක් දක්වා දුරදිග ගියා..." - හේමසිරි ලියනගේ

- "පුංචි කාලේ ඉඳන් අපි දෙන්නාගේ දැනහැඳුනුම්කම් තිබුණා. පසු කාලයෙදී ඒක විවාහයක් දක්වා දුරදිග ගියා..." - හේමසිරි ලියනගේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"ස්ට්‍රයික් කරපු නිසා අවුරුදු හතර හමාරක් මට රස්සාව නැතිව ඉන්න සිද්ධ වුණා..."

"මම කුලී වැඩ කරන මිනිස්සුන්ගෙනුත් ඉගෙනගත්ත මිනිහෙක්.."

සොඳුරු දඩයක්කාරයා චිත්‍රපටය මට දැනෙන විදිහට හොඳ ප්‍රතිචාර ලැබිය යුතු චිත්‍රපටයක්. තවම ප්‍රදර්ශනය ආරම්භ කරලා දවස් කිහිපයයි. මේ දවස් කිහිපය තුළ සැලකිය යුතු හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. මම ඒ චිත්‍රපටය දකින්නෙ වෙනස් විදිහටයි. සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයා නම් නවකතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය කරලා තියෙන්නෙ. සයිමන් නවගත්තේගමත් ටිකක් ගැඹුරෙන් ජීවිතේ යම් යම් දේ දකින කෙනෙක්. මේ චිත්‍රපටයෙත් ඒ දැක්ම තියෙනවා.


 ප්‍රසන්න ජයකොඩි හොඳ චිත්‍රපට කරන කෙනෙක්. මේ චිත්‍රපටයත් ඒ වගේම බොහොම කලාත්මක විදිහට ගැඹුරක් ඇති, දර්ශනයක් ඇති චිත්‍රපටයක් විදිහට තමයි මම හඳුන්වන්නෙ. මේකෙ දැක්මක් තියෙනවා. සාමාන්‍ය චිත්‍රපටයකට වඩා ඒ දැක්ම හරි ප්‍රබලයි. චිත්‍රපට විවිධ වර්ගයේ චිත්‍රපට ලෙස බෙදන්න පුළුවන්. මේ චිත්‍රපටය කාව්‍යයක් විදිහට තමයි මම දකින්නෙ. සයිමන් නවගත්තේගමගේ ඒ ලියවිලි හරි කාව්‍යමයයි. හරි දාර්ශනිකයි. ඒ ගුණාංගය මේ චිත්‍රපටය තුළ තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපටය නරඹන්න කියලා මම ආරාධනා කරනවා.

ඉතා සුළු රංගන ශිල්පීන් පිරිසකගෙන් තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ. එහෙම නේද..?
ඔව්.. මේ චිත්‍රපටයේ ඉතා සුළු පිරිසක් තමයි රඟපාන්නෙ. මම රඟපාන්නෙ හාමුදුරුනමකගේ චරිතයක්. කැලෑ පරිසරයක තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. සයිමන් නවගත්තේගම මෙයින් කියන්න හදන්නෙ දඩයක්කාරයා සත්තු දඩයම් කරනවා, හාමුදුරුවෝ මිනිස්සු දඩයම් කරනවා කියලයි. එහෙම දැක්මක් තමයි මේ නිර්මාණයේ තියෙන්නෙ. ප්‍රසන්න ජයකොඩි මේ පරිසරය ඇසුරින් සංසාරය ගොඩනගනවා. ඒ අනුව මම දකින්නෙ මෙහි දඩයක්කාරයා කියන්නෙ සංසාරයයි. මිනිස්සු, ගැහැනු, ළමයි ජීවිත ඇතුළට දාගෙන සංසාරය විසින් සියල්ලම දඩයම් කරනවා. එහෙම අරුතක් ගේන්න තමයි ප්‍රසන්න ජයකොඩි මේක නිර්මාණය කරලා තියෙන්නෙ. ප්‍රසන්න මේ චිත්‍රපටයේ පරිසරයට ලොකු තැනක් දීලා තියෙනවා. සංසාරය ගැන යමක් වටහා දෙන්නයි ප්‍රසන්න උත්සාහ කරන්නෙ. මේකෙ සමහර තැන් භයානකයි. ගැඹුරුයි. කළුවරයි. එළියයි. අලංකාරයි. මේ හැමදෙයක්ම සංසාරය තුළ තියෙනවා. ඒ නිසා ඒක ඇත්තටම හොඳ නිර්මාණයක්.

සයිමන් නවගත්තේගම මෙන්ම ආර්.ආර්. සමරකෝන් ද ඔබගේ සමකාලීනයන්. ඔවුන්ගේ ඇසුර ඔබට අද දැනෙන්නෙ කොහොමද..?
ඔව්.. ආර්.ආර්. සමරකෝන්ව මම ඇසුරු කරලා තියෙනවා. සයිමන් නවගත්තේගමත් මම ඇසුරු කරලා තියෙනවා. හැබැයි ඒක ලොකු ළඟ ඇසුරක් නෙවේ. සමකාලීනව මේ ක්ෂේත්‍රයට ආපු අය විදිහට අපි බොහොම හිතවත්. මට තාම මතකයි 1968 වසරේදීයි නාට්‍යකරුවෙක් විදිහට මම ප්‍රසිද්ධ වුණේ. එතකොට දවසක් සයිමන් මා ළඟට ඇවිත් මචං හේමසිරි.. නාට්‍යයක් පැය කීයක් විතර දිග වෙන්න ඕනෙද? කියලා ඇහුවා. ඒ වෙලාවේ මම සනී.. එහෙම කාලයක් නැහැ. නාට්‍ය ඉල්ලන කාලය තමයි නාට්‍යයට අදාළ කාලය වෙන්නෙ කියලා කිව්වා. ඊටපස්සෙ තමයි සයිමන් නවගත්තේගම සුභ සහ යස වේදිකා නාට්‍ය නිර්මාණය කළේ. මම මුලින්ම නිර්මාණය කළේ සුදු ඇතා කියලා පාසල් නාට්‍යයක්. ධර්මසිරි මගේ ඒ නාට්‍යයෙන් තමයි ක්ෂේත්‍රයට පිවිසුණේ.

ඔබේ ගම් පළාත බුලත්සිංහල.. අපිට ටිකක් ඔබේ පවුලේ විස්තර කිව්වොත්..?
ඔව්.. බුලත්සිංහල කියන ආසනයේ නාගොල්ල ගමේ තමයි මම ඉපදුණේ. ඒක බොහොම පිටිසර ගමක්. මගේ අම්මයි තාත්තයි ජීවත් වුණේ ගොවිතැනින්. එච්චර සරු පවුලක නෙමෙයි මම ඉපදුණේ. හැබැයි මගේ අම්මට දරුවන්ට උගන්වන්න ලොකු වුවමනාවක් තිබුණා. අම්මා ඒ කාලේ මොනිටර් විභාගය සමත් වෙච්ච කෙනෙක්. ඒ කාලේ මොනිටර් විභාගය සමත් වුණාම ගුරු පත්වීමක් ලැබෙනවා. හැබැයි අම්මා ලජ්ජාවට ගුරු පත්වීම බාරගෙන නැහැ. ඊට පස්සෙ අම්මා මගේ තාත්තාව විවාහ කරගෙන තියෙනවා. එතැනින් පස්සෙ ඇය හොඳ මවක් වගේම හොඳ ගෙවිලියක් වුණා. තමන්ට නොලැබුණු තැනට තමන්ගේ දරුවන්ව යවන්න අම්මට ඕන වුණා. අපේ ලොකු අයියව කළුතර විද්‍යාලයට යැව්වා. මට මතකයි.. ඒ කාලේ ඒ ඉස්කෝලෙ ඉගෙන ගන්නවාට මාසයකට රුපියල් හත්සිය පනහක් විතර වියදම් වුණා. රුපියල් හත්සිය පනහක් කියන්නෙ ඒ කාලෙ ලොකු මුදලක්. මට අක්කයි අයියා කෙනෙකුයි හිටියා. ඒ අයට වැඩිදුර ඉගෙන ගන්න අවස්ථාව ලැබුණෙ නැහැ. පවුලෙන් ඉගෙන ගත්තෙ මමයි. මට බාල මල්ලි කෙනෙක් හිටියා. මට උගන්වන්න ඕනෙ නිසා මල්ලිත් වැඩිදුර ඉගෙන ගත්තෙ නැහැ. එකොළහ වසරෙන් පස්සෙ මල්ලි ඉගෙනීම අතහැරලා ගේ ඉස්සරහ පොඩි සිල්ලර කඩයක් දාලා ඒකෙන් මට විශ්වවිද්‍යාලයේ වියදම්වලට මුදල් දුන්නා. ටික කාලයකට පස්සෙ මල්ලිට ග්‍රාමසේවක පත්වීමක් ලැබුණා. මම ඉගෙන ගත්තෙ හොරණ විද්‍යාරත්න පාසලෙන්. ඒක පිරිවෙණක්. ඒකෙ හාමුදුරුවන්ට උගන්වන අංශයකුත් ළමයින්ට උගන්වන අංශයකුත් තිබුණා. හොරණ විද්‍යාරත්න පිරිවෙණින් ඉගෙනගෙන මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

රංගන ජීවිතයට ඇතුළත් වීමට පෙර ඔබ ගුරුවරයෙක්. මුල්ම ගුරු පත්වීම ලැබුණේ  කොහාටද..?
ඒකත් හරි අපූරු අවස්ථාවක්. හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ ඉගෙනගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මට මුල්ම පත්වීම ලැබුණෙත් මම ඉගෙන ගත්ත හොරණ විද්‍යාරත්න පිරිවෙණටමයි. ඒ වෙද්දී පාසලේ විදුහල්පති තනතුරු දැරුවේ හාමුදුරුනමක්. උන්වහන්සේ මට කතා කරලා මෙහේ ඇවිත් වැඩ කරන්න. හවස් වරුවේ නාට්‍ය කරන්න කියලා කිව්වා. ඉතින් හවස් වරුවේ මම නාට්‍ය උගන්වන්න තමයි වැඩිපුර කාලය ගත කළේ. උදේ වරුවේ අනිත් විෂයන් ඉගැන්වුවා. මම ධර්මසිරිට ආර්ථික විද්‍යා විෂය ඉගැන්වුවා. හවසට පාසලේදී නාට්‍ය ඉගැන්වුවා. ඒ නාට්‍ය කිරීමේ ප්‍රතිඵලයක් තමයි සුදු ඇතා කියන නාට්‍ය. ඉස්කෝලෙ ඉගෙන ගන්න කාලෙදීත් මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි.. ඒ කාලෙදීත් මම කවි ලිව්වා. සින්දු කිව්වා. ඒ හැමදේම කරලා අවසානයෙදී නාට්‍යකරණයට නැඹුරු වුණා. මට තාම මතකයි එක අවුරුද්දක අපේ නාට්‍ය පාසල් නාට්‍ය තරගයෙන් හොඳම නාට්‍ය වුණා. ඒ වුණාට ඒ කාලේ හිටපු අධ්‍යාපන ඇමැති වේදිකාවට පැමිණි අපට ප්‍රශංසා කරලා, අතට අත දීලා, ළමයින්ට ප්‍රශංසා කරලා ගිහින් පහුවදා ඉඳන් ඒ නාට්‍යයට විරුද්ධ වුණා.

එහෙම වුණේ ඇයි..?
වෙනදාට හැම අවුරුද්දකම තියෙන නාට්‍ය උළෙලවත්, තෑගි ප්‍රදානෝත්සවයවත් තිබ්බෙ නැහැ. ඒකට හේතුව වුණේ මගේ නාට්‍ය තේරුණු එකයි. මගේ නාට්‍යයට එහෙම අසාධාරණයක් වෙද්දී මම සුදු ඇතා නාට්‍ය රට පුරා පෙන්නුවා. මම ඒ නාට්‍යයෙන් පෙන්නුම් කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයයි. මගේ හැම නාට්‍යයක්ම දේශපාලන නාට්‍යයක් වුණා. මම 1975 දී නරියා සහ කේජු කියන නාට්‍ය කළා. ඒක ඒ වසරේ රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නාට්‍ය වුණා. ඒ නාට්‍යයත් පස් වතාවක් හමුදාවටයි පොලීසියටයි පෙන්නලා තමයි වේදිකාගත කරන්න අවසරය ලැබුණේ.

නාට්‍ය ඔස්සේ රටේ පවතින දේශපාලන තත්ත්වය ප්‍රදර්ශනය වෙද්දී ඔබේ ගුරු වෘත්තිය පවා වරෙක තහනම් වුණා..?
ඔව්.. 1980 දී මගේ රස්සාව තහනම් කළා. ස්ට්‍රයික් කරපු නිසා අවුරුදු හතර හමාරක් මට රස්සාව නැතිව ඉන්න සිද්ධ වුණා. කලාව තුළ දේශපාලනය තියෙන්න ඕනෙ කියන මතයක් මම ළඟ තිබුණා. මම උසස් පෙළ කරන කාලෙදීම ලොකුවට දේශපාලනයත් කළා. පාසල් ශිෂ්‍යයෙක් විදිහට මම දේශපාලනය කළා. ඒ කාලේ මම දේශපාලනය නිසා හොඳ කථිකයෙක්. හැබැයි මම පක්ෂයකට බෙදිලා ක්‍රියා කළේ නැහැ. අපි දුප්පත් මව්පියන්ගෙ දරැවන්. විශ්වවිද්‍යාලය දක්වාම අපිට ඉගැන්වුවේ සාමාන්‍ය මිනිස්සු. කුලීවැඩ කරන මිනිසුන්ගෙන් පවා අපි ඉගෙන ගත්තා. ඒ අයට සේවයක් කරන්න ඕනෙ කියලා තමයි මම දේශපාලනය කරන්න හිතුවෙ. හැබැයි ඒ ගැනත් කලකිරිලා අවුරුදු ගාණක් මම දේශපාලනය සම්බන්ධ කිසිම දේකට සම්බන්ධ වුණේ නැහැ. දේශපාලනය මට එපාවෙලයි තිබුණෙ. ගුරු වෘත්තිය තහනම් කරද්දී මට දරුවෝ හතර දෙනාම හිටියා. ඒ මගේ ලොකු පුතා සෞම්‍ය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින කාලයයි.

මගේ බිරියත් ගුරුවරියක්. හොඳ වෙලාවට ඇය ස්ට්‍රයික් කළේ නැහැ. ඒ නිසා මගේ රස්සාව තහනම් කළාට නෝනගේ රස්සාව තිබුණා. ඒ කාලෙ එයා ඉගැන්වුවේ පැල්මඩුල්ල ප්‍රදේශයේ පාසලකයි. හොරණින් උදේ පාන්දර පහට ගිහින් ආයේ ගෙදර එද්දී හවස පහ විතර වුණා. ඒ නිසා ස්ට්‍රයික් කරපු කාලෙදී මම ළමයි හතර දෙනාවත් බලාගෙන ගෙදරට වෙලා හිටියා. ඊට කලින් දරුවන් බලාගන්න කෙනෙක් හිටියට මගේ රස්සාව නැතිවීමත් එක්ක ඒ අයට ගෙවන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. දරුවො බලාගත්ත නිසා ඒ වසර හතර හමාර පුරාම නාට්‍යවලට සම්බන්ධ වීම මගේ අතින් ගිලිහිලා ගියා. මට නළුවෙක් වීමේ අදහසක් තිබුණෙ නැහැ. හැබැයි මගේ නාට්‍යවල මම රඟපෑවා. මට රඟපෑමට වඩා හොඳ නාට්‍යකරුවෙක් වෙන්න ඕන වුණා. හොඳ නාට්‍යකරුවෙක් වෙන්නනම් නිතරම අභ්‍යාස කරන්න ඕනෙ. ඒ අභ්‍යාසවල යෙදෙන්න මට පුළුවන්කමක් ලැබුණෙ නැහැ. ඒ නිසා ඒක මගේ අතින් ගිලිහිලා නළුකමට මාව තල්ලුවෙලා ගියා. ඒකත් නරක වුණේ නැහැ. නළුකම කියන්නෙ හැම නිර්මාණයකදීම ඉස්සරහින් ඉන්න කෙනා. සොඳුරු දඩයක්කාරයා නිර්මාණයෙදීත් සයිමන් නවගත්තේගමගේ පොතේ ලියවිලා තියෙන හාමුදුරුවෝ වගේම මම රඟපාලා තියෙනවා කියලා සමහරු කිව්වා.

ඔබ රඟපෑ අඹ යාළුවෝ ටෙලිනාට්‍යයේ ගල් බණ්ඩාගේ චරිතයත්, අසල්වැසියෝ ටෙලිනාට්‍යයේ අයි නෝ ද ලෝ පුතා කියපු පොල් මහත්තයාගේ චරිතයත් තවමත් අපිට හොඳට මතකයි..?
මම මුලින්ම කරපු ටෙලිනාට්‍ය තමයි අඹ යාළුවෝ. ඊළඟට කරපු ටෙලිනාට්‍ය තමයි අසල්වැසියෝ. ඒ චරිත දෙක හාත්පසින්ම එකිනෙකට වෙනස් චරිත දෙකක්. තවමත් ගම්වලට ගියාම මට ගමේ මිනිස්සු අයි නෝ ද ලෝ කියලා කියනවා. ඒ කාලේ මිනිස්සු මගේ නමට වඩා අයි නෝ ද ලෝ පුතා කියලා තමයි කියන්නෙ. මට අඹ යාළුවෝ පිටපත දීලා සුදත් (සුදත් දේවප්‍රිය) අයියේ.. මේ කතාව අපි කරමුද? ඇහුවා. ඒ වෙලාවේ මම මට ඕවා දැන් තේරෙන්නෙ නැහැ. කරන්නත් බැහැ. කවුරු හරි හොයාගන්න කියලා කිව්වා. සුදත්ගේ වදේට තමයි මම අඹ යාළුවෝ කරන්න ගියේ. ඒකෙ ගෞරවය සුදත්ටයි ලැබෙන්න ඕනෙ. ඊට පස්සෙ මම දිගටම නළුවෙක් වුණා. මේ නළුකම නිසා මම ජීවිතෙන් පැරදුණේ නැහැ. මේ ටෙලිනාට්‍ය රඟපෑමෙන් තමයි දරුමල්ලන්ගෙ අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන් වුණේ. නැත්නම් ගුරුවරයෙක් විදිහට ලැබුණු වැටුපෙන් මේ දේවල් කරන්න අමාරුයි.

ඔබේ ආදරණීය බිරිය සහ දරුවන් පිළිබඳවත් අපි කතා කරමු..?
මම විවාහ වුණේ මගේ මාමාගේ දුවත් එක්කයි. පුංචි කාලේ ඉඳන් අපි දෙන්නාගේ දැනහැඳුනුම්කම් තිබුණා. පසු කාලයෙදී ඒක විවාහයක් දක්වා දුරදිග ගියා. මගේ බිරිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. ඇයගේ නම කුසුමා ලියනගේ. එයත් ගුරු වෘත්තිය කරලා දැන් විශ්‍රාමිකව ඉන්නවා. අපිට පිරිමි දරුවන්ම හතර දෙනයි. ලොකු පුතා සෞම්‍ය ලියනගේ. එයා දැන් මහාචාර්යවරයෙක්. දෙවැනි පුතා සමන් ලියනගේ. එයා චිත්‍ර ශිල්පියෙක්. තුන්වැනි පුතා ආලෝක ලියනගේ. එයා එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙක්. හතරවැනියා ඉන්ද්‍රචාපා ලියනගේ. රාජ්‍ය පරිපාලන හා දේශපාලනය සම්බන්ධ විශේෂ උපාධිධාරියෙක්. හැබැයි කවදාවත් රස්සාවකට ගියේ නැහැ. සංගීතය පැත්තෙන්ම ඉදිරියට ගියා. දරුවන් හතර දෙනා ගැනම මටයි බිරියටයි ගොඩක් සතුටුයි. දරුවන් හතරදෙනාම දැන් විවාහකයි. සෞම්‍යයට දැන් පුතාලා දෙන්නයි. සමන්ට දුවෙක් ඉන්නවා. ආලෝක පුතාට චූටි පුතෙක් ඉන්නවා. ඒ දරුවන් දිහා බලාගෙන දැන් මම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා.

දිශානි ජයමාලි
දේශය




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top