Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
20
"කණකර උගස් තියලා කන්න බොන්න තියෙන මුදල වියදම් කරලා නඩු කියද්දි ඒ අයගෙන් සල්ලි ගන්නේ කොහොමද.." - ඩග්ලස් රණසිංහ

- "කණකර උගස් තියලා කන්න බොන්න තියෙන මුදල වියදම් කරලා නඩු කියද්දි ඒ අයගෙන් සල්ලි ගන්නේ කොහොමද.." - ඩග්ලස් රණසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

"ඒ ගැන හරියටම අවබෝධ වෙනකොට මට එයින් ඈත්වෙන්න නිතරම හිතුණා.."

"ඕනෑම කෙනෙකුගේ ජීවිතය තුළ නොයෙක් හැල හැප්පීම් තියෙනවා.."

නීතිඥවරයෙක් විදියට ජීවිතය ජයගන්න හිතාගෙන හිටපු ඔහු ඒ අදහස අත්හරිනවා. ඒ දුප්පත් ජනතාවගේ නඩුවලට පෙනී ඉඳලා ගාස්තුවක් අයකරන්න බැහැයි කියන අනුකම්පා සහගත සිතුවිල්ල හිතේ පැලපදියම්වීමත් සමග. එතැනින් නැවතෙන වෘත්තීය ජීවිතය ඔහු ඊළඟට ජයගත්තේ කලා ලෝකේ තරුවක් වෙලා. ඔහු නමින්  ඩග්ලස් රණසිංහ. මේ ඔහු ගැනයි


කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඉතාමත් ඉහළයි. මේ ළඟදී මමත් නෝනත් මගේ පුතත් අනුරාධපුරේ ගියා. ඒ ගිහින් එන අතරතුරේ කන්න බොන්න විවේකයක් ගන්න නතරවුණාට වැඩි කාලයක් ගතකරන්න වුණේ රසික රසිකාවියො එක්ක කතාබහ කරන්නයි පිංතූර ගන්නයි. රංගන ශිල්පියෙක් විදියට මට ආදරය කරන බොහෝ අය සිටින බව මම දන්නවා. ඒ හැමෝටම මමත් ආදරෙයි.
 
රඟපෑම වෘත්තිය කරගත්තු නිසා නේද මෙගා නාට්‍යවලට යන්න සිද්ධ වුණේ ?
මම ඒකට හේතු දකින්නෙ එහෙම නෙමෙයි. නීතිඥයෙක් විදිහට මගේ වෘත්තිය අතහැරලා විදේශ ගතවෙලා මේ පිළිබඳ අධ්‍යාපනය ලබාගෙන මගේ වෘත්තිය විය යුත්තේ රංගනය කියන එක තීරණය කරලා ඉවරයි. මගේ ආරම්භය සනිටුහන් වෙන්නෙ සිනමාව සහ වේදිකාවක් එක්ක. රූපවාහිනිය එන්නේ පසුකාලීනවනේ. ඒත් දවස ගානේ පුංචි තිරය හරහා ගෙදරටම එන නිසා ටෙලිනාට්‍ය අද ජනප්‍රියයි. ටෙලිනාට්‍ය නළුවෙක් විදිහට මට මේ ක්‍ෂේත්‍රයේ රැදෙද්දී කොටස් ගණන වැඩිවුණා කියලා මෙගා රැල්ලේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ නොවිය යුතුයි කියන මතයේ මම නැහැ.
 
මෙගා රැල්ලේ නාට්‍ය ඔබට ගැලපෙනවා කියලා හිතනවාද?
මට ගැලපෙන නොගැලපෙන එක කෙසේ වෙතත් කොටස් ගණන අඩුවෙන තරමට ඒ නාට්‍යයේ සාර්ථකත්වය වැඩියි කියන මතයේ තමයි මම ඉන්නේ. මෙගා නාට්‍යයක් ගොඩක් දිග්ගැස්සෙන කොට ආරම්භක මාතෘකාවෙන් පිට පැනලා එහේ මෙහේ යනවා කියන එක කවුරුවත් කියන දෙයක්. එහෙම වෙන්නෙ දෙන්න හොඳ නැහැ. එහෙම වුණාට කාට වුණත් ඒ දේ නීරස වෙනවා.
 
දක්‍ෂ ප්‍රවීණ ඔබ වැනි ශිල්පීන් මෙගා රැල්ලට නොයනවා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
මම හිතන්නෙ ඔය ගැන හුඟක් විරෝධතා එන්නේ ඇයි කියලා පළමුවෙන්ම සමීක්‍ෂණයක් කළ යුතුයි. ඒ අනුවයි ඕකට උත්තර දෙන්න ඕනෑ.
 
රැල්ලට බිහිවෙන නිර්මාණවල පැවැත්මක් නැහැ නේද?
ඔව්. අනිවාර්්‍යයෙන්ම. කරන්නන් වාලේ කරන නිර්මාණ අතරමගදී කඩා වැටෙනවා. ඒ තුළ ප්‍රේක්‍ෂකයෝ මේවයින් ඈත්වෙනවා. නිර්මාණයක් කළ යුත්තේ ඉතා හොඳ සුළසුමකට අනුවයි.
 
අතීතයේ ඔබ රඟපෑ නිර්මාණ අද දකිනකොට මොකද හිතෙන්නේ .. ?
මම මේකට සම්බන්ධ නොවුනා නම් කියලා හිතෙන එක නිර්මාණයකටවත් මම සම්බන්ධවෙලා නැහැ. ඒක හරිම වාසනාවන්ත තත්ත්වයක්. මගේ කලා ජීවිතයේදී ඒ ගැන හිතල මම සතුටුවෙන්න පුළුවන්.
 
අද වෙනකොට ක්‍ෂේත්‍රයේ වෘත්තීය ගරුත්වය නැතිවෙලා කියන කතාවට ඔබ එකඟද?
ඒක සීයට සියයක් වෙලා තියෙනවා කියලා කියන්න බැහැ. නමුත් යම් යම් හේතු කාරණා නිසා ඉස්සර මේ කලා ලෝකයේ තිබුණ ඒ ගරුත්වය අද එහෙම්ම තියෙනවාද කියන එක කතා කළයුතු දෙයක් බවට පත්වෙලා තියෙනවා.
 
හොඳ නිර්මාණ බිහිනොවීමද මෙයට හේතුව ?
නෑ, ඒක නෙමෙයි හේතුව. ටෙලිනාට්‍ය කලාව ආරම්භ වුණාට පස්සේ චිත්‍රපට ලෝකයේ තිබුණ විචිත්‍රතාවය විශ්මයජනක බව අද නැතිවෙලා තියෙනවා. මේ ක්‍ෂේත්‍රයේ විනය සංස්කෘතිය ආරක්‍ෂා කරන්න ඕන කියන එක දන්නැති පිරිසක් මේකට ආවා. ඒකයි හේතුව. කියන්න සතුටුයි. අද වෙනකොට ටෙලිනාට්‍ය චිත්‍රපට හා තරගයකට පැමිණීම තුළ ඒ තත්ත්වයේ අඩුවක් තියෙනවා.
 
ඩග්ලස් රණසිංහ කියන ඔබ රංගන ශිල්පියෙක් නොවුණා නම් ?
අකමැත්තෙන් වුණත් මම නීතිඥයෙක් විදිහට කටයුතු කරයි. මම ඒ වෘත්තිය ගැන හරියටම අවබෝධ වෙනකොට මට එයින් ඈත්වෙන්න තමයි නිතරම හිතුවේ. මොකද ලංකාවේ වැඩිපුර නඩු කියන්න වෙන්නේ දුප්පත් මිනිස්සුන්ටමයි. කණකර උගස් තියලා කන්න බොන්න තියෙන මුදල වියදම් කරලා නඩු කියද්දි ඒ අයගෙන් සල්ලි ගත්තේ කොහොමද?. ඒ තුළ කෙනෙක් සතුටට පත්කරල ආදරයක් ලබලා උපයන රංගන ශිල්පියා කියන රැකියාවට මම ගොඩක් ආසයි, ආදරෙයි.
 
වේදිකාව, සිනමාව, රූපවාහිිනිය කියන මේ මාධ්‍ය තුනෙන් ඔබ වඩාත් ප්‍රිය ?
තුනෙන් නෙමෙයි ඕන හතරක් වෙන්න ඕනෑ. ඒ ගුවන්විදුලියත් එක්ක. මේ මාධ්‍ය හතරටම මම එක වගේ කැමැතියි. ඒත් අද වෙනකොට ගුවන්විදුලියෙන් මම ඈත්වෙලා. ඒත් ගුවන්විදුලිය කියන්නෙ නළුවෙකුට නිළියකට හොඳ අභියෝගයක් වන තැනකි. මොකද අපේ චරිතය ශ්‍රාවකයාට දිය හැක්කේ කටහඩින් පමණයි. ඒ ඔස්සේ ඔහු හෝ ඇය තමයි මෙයා තරුණද මහලූද දුෂ්ටද කරුණාවන්තද කියලා තීරණය කරගන්නෙ. ඒ නිසා ගුවන්විදුලිය අපි රංගනයක යෙදෙන තැනක්.
 
වර්තමානයේ දායක වෙන නිර්මාණවලින් නිසි වටිනාකම ඔබට ලැබෙනවාද?
ඒ අතින්නම් අපි හරිම දුප්පත්. අපිට නිසි වටිනාකමක් ගෙවන්න නිර්මාණකරුවන්ට අමාරුයි. නිසි වටිනාකමක් ලැබුණ යුගයක් තිබුණා. ඒක බිඳ වැටුණා.
 
නැවත අධ්‍යක්‍ෂණයට අතගසන්න බලාපොරොත්තුවක් නැද්ද?
බලාපොරොත්තුවක් නැත්තෙ නැහැ, තියෙනවා. ඒ වුණාට මේ යන ක්‍රමය තුළ අපහසුකම් වැඩියි. අවස්ථාවක් ආවොත් මම අධ්‍යක්‍ෂණයට අත නොගහ ඉන්නෙත් නෑ. මේ දක්වා මම ටෙලිනාට්‍ය හතරක් විතර අධ්‍යක්‍ෂණය කරලා තියෙනවා. මගේ වැඩිමල් සොයුරිය මල්කාන්ති ගුණරත්න විසින් රචනා කරපු ලේ පනින කිනිස්ස කියන පොතත් දියයට ගිනි නමින් මගේ අධ්‍යක්‍ෂණයක් ලෙස කලා ලෝකයට ගෙනාවා.
 
පවුලේ විස්තර ටිකකුත් කියමුද?
බිරිඳ සන්ධ්‍ය, එකම පුතු ශ්‍රී බෝධි ඉන්ද්‍රඛීල සහ මම තමයි අපේ පවුල. අපි තුන්දෙනා ඉතිං කාටවත් කරදරයක් නැතුව ජීවත්වෙනවා. පුතා තවම ඉගෙන ගන්නවා. ලබන අගෝස්තුවේ ඔහු උසස් පෙළ විභාගයට මුහුණදීමට නියමිතයි.
 
එකම පුතා රංගනයට යොමුකරන්න අදහසක් නැද්ද?
මම අධ්‍යක්‍ෂණය කරපු සසර චක්‍ර ටෙලිනාට්‍යයේ මගේ පුතා රඟපෑවා. ඒක වුණේ මෙහෙමයි. නාට්‍යයක රූගත කිරීම්වලට සන්ධ්‍යත් පුතත් මම එක්කගෙන ගියා. එහෙම ගිහින් පුතා සන්ධ්‍යාගෙ ඔඩොක්කුවේ ඉඳගෙන මගේ රඟපෑම් දිහා බලන් ඉන්නවා. ඒ දර්ශනයේදී මම අවුරුද්දක් දවසක ගමේ විදුහලේ ගෙදරට යනවා. ඒකට මා එක්ක පුතෙක් යනවා. මම වරෙන් පුතේ උඹත් මා එක්ක යන්න කියලා ඒ ළමයාගේ අතින් අල්ලාගන්නවා. ඒ වෙලාවේ මගේ පුතත් බිරිඳගේ ඔඩොක්කුවෙන් බැහැල මගේ අතේ එල්ලූණා. මමත් එපා කිව්වේ නෑ. ගමේ භාෂාවෙන්ම හා එහෙනම් උඹත් යමං පුතේ කියලා මං මගේ පුතාවත් අරන් ඒ දර්ශනයට පෙනී හිටියා. අද දවසේ මම කැමැති පුතා අධ්‍යාපන කටයුතුවලට මූලික තැන දෙනවට. අපරාදෙ කියන්න බෑ ඔහු හොඳීන් ඒ දේ කරගෙන යනවා. ඒ කටයුතු අවසන් වුණාට පස්සේ ඔහුගෙ කැමැත්තකට යහපත් පුරවැසියෝ විදිහට ජීවත්වෙන්න මගෙන් කිසිම බාධාවක් බලපෑමක් නෑ. රංගනයට බලකරන්නෙ නෑ. ඔහු කැමැත්තෙන් කරනවා නම් මගේ විරුද්ධත්වයක් නෑ.
 
මෙතෙක් පැමිණි ගමන්මග දෙස ආපසු හැරී බැලූවොත් ?
ඕනෑම කෙනෙකුගේ ජීවිතය තුළ නොයෙක් හැල හැප්පීම් තියෙනවා. මමත් යම් යම් අවස්ථාවල ඒවාට මුහුණදීලා තියෙනවා. විශේෂයෙන්ම රංගන ක්‍ෂේත්‍රය තුළ මම හිතන්නෙ නෑ මගේ හැකියාවෙන් සීයට විසිපහක් රංගන ක්‍ෂේත්‍රයට එකතුකර ගත්ත කියලා. ඒක කනගාටුවක්. ඒක ක්‍ෂේත්‍රය තුළ මම අකමැතිදේවල් කිරීමට සිදුනොවීම ගැන මම ඉතා තෘප්තිමත්.
 
 
 ධම්මික හේවාවසම්
 දිවයින

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top