Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
29
"මගේ දෙවෙනි පුතා නැති වුණ දවසින් පස්සේ මගේ කඳුළු ඉවර වුණා.මම ජීවිතේ ආයි කවදාවත්ම අඬන්නේ නෑ.." - සුජාතා අත්තනායක

- "මගේ දෙවෙනි පුතා නැති වුණ දවසින් පස්සේ මගේ කඳුළු ඉවර වුණා.මම ජීවිතේ ආයි කවදාවත්ම අඬන්නේ නෑ.." - සුජාතා අත්තනායකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"දරුවා වෙනුවෙන් දුක් වෙලා දුක් වෙලා අන්තිමේ මමම හිත හදාගත්තා.."

"මම මියගියාම සිරුර වෛද්‍ය විද්‍යාලයට දෙන්න ලියලා ඉවරයි.."
 
‘දැන් මම ගෙවන්නේ හරිම සැහැල්ලු ජීවිතයක්. ජීවිතේ ලබන්න ඕන සියලුම ජයග්‍රහණ මම ලබල ඉවරයි. හරිම නිදහස්, තෘප්තිමත් ජීවිතයක් දැන් ගෙවමින් ඉන්නවා.‘දැනුත් ඉතින් විවේක වෙලාවට මේ භාණ්ඩත් එක්ක මම ජීවත් වෙනවා. ගෙදර විවේකයෙන් ඉන්නව නම් වැඩිපුරම කැමති ශාස්ත්‍රීය සංගීතයට සවන් දෙන්න තමයි. දැන් මමයි මහත්තයයි ඉන්නේ පොඩි පුතා සමින්ගේ ගෙදර. අපි දෙන්නට විවේකීව ජීවත් වෙන්න නිවෙසක ආකාරයෙන්ම ඔහු ඔහුගේ නිවෙසේ කොටසක් සකස් කර තිබෙනවා. මේ ජීවිතේ හරිම සරලයි, සුන්දරයි. මගේ වැල්ලවත්ත ගෙදර දැන් පදිංචි ලොකු පුතා.’


ඇත්තටම දැන් වයස කීයක් විතර ඇතිද?
 
‘මට දැන් අවුරුදු 76 ක්. මම ගොඩාක් වයසට ගිහින් තමයි. ඒ වුණාට හුඟාක් දෙනෙක් කියනවා එච්චර වයසක් පේන්නෙ නෑ කියලා’
 
‘පුංචි කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණ හීනයක් තමයි කවද හරි දවසක අනුරාධපුරේ ගෙයක් හදල පදිංචි වෙනවා කියන එක. ඒ හීනේ හැබෑ වෙන්න අවුරුදු 70 ක් විතර ගියා. අපි දෙන්නා අනුරාධපුරේ පුද බිම අසලම ගෙයක් හැදුවා. ඉතින් අපි දැන් නිතර නිතර ඒ නිවෙසට යනවා. කොළඹ වැඩ තියෙන කොට කොළඹ ඇවිත් ඉන්නවා. ඊට පස්සේ අනුරාධපුරේට යනවා. මට හිතෙනවා පෙර ආත්මයක ඉඳන්ම පුරුද්දක් තියෙන්න ඇති අනුරාධපුරේට කැමැති වෙන්න.
 
අපි පුංචි කාලේ අපේ තාත්තාත් කොච්චියේ අනුරාධපුරේ එක්ක යනවා. තාත්තා පොලිස් ඔෆිසර් කෙනෙක් නිසා කෝච්චියේ යන්න අපිට වොරන්ට්ස් තිබුණා. ඒ යන හැම වතාවකම මට හිතුණා අනේ මට මේ නගරයේ නවතින්න තිබුණා නම් කියලා.
 
අපේ දැන් නිවෙස තියෙන ප්‍රදේශයේ අවට පිරිස් අපිත් එක්ක දැන් බොහෙම හිතවත්. ඒ පළාතෙත් අති විශාල රසික පිරිසක් මට ඉන්නවා. ඒ හුඟක් දෙනෙක් මට කියන්නේ මිස්ලා මෙහෙට එන්න තිබුණේ මීට කලින් කියලයි. ගෙදර ඉන්නවා නම් දිනකට රසිකයෝ දෙතුන් දෙනෙක්ම ඇවිත් කතාබහ කර කර ඉඳලා යනවා. කිසිම පාළුවක් නෑ. හරි සුන්දරයි ඒ ජීවිතේ. මම කොහොමත් හුදෙකලාව ඉන්න කැමැති කෙනෙක් නොවෙයි. ගෙදරදි වුණත් නිතර මහත්තයා ළඟ ඉන්න ඕන.’
 
සුජාතාට හුදෙකලා බව උපතේ පටන්ම නුහුරු දෙයක්. ඇය ඉපදුණේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුතුව. ඉතින් එතකොට කොහෙද හුදෙකලාවක්. අනෙක් පසින් ඇගේ ආදරණීය මව විමලා කාන්තා. මේ රටේ හිටපු සුප්‍රසිද්ධ රංගන හා ගායන ශිල්පිණියක්. මේ නිසාම ඇගේ කුඩා අවදියේ පටන් නිවෙසට පැමිණෙන කලාකරුවන්ගෙනුත් අඩුවක් තිබුණේ නෑ. ගහේ කටු උල් කරන්න ඕනද? කියලා කතාවක් තියෙනවා. ඒ වගේම විමලා කාන්තාගේ දරු පරපුරටත් ඇගේ කලා හැකියාවන් නොඅඩුව පිහිටියා. සුජාතාගේ අක්කා, අයියා, සුජාතා වගේම නංගි සහ මල්ලිත් මේ හැකියාවන් කර පින්නාගෙන හැදී වැඩුණා.
 
‘අපේ තාත්තා මධුවිතට හරි කැමැත්තක් දක්වපු කෙනෙක්. එයා හරිම නීතිගරුකයි. හොඳට ඉංග්‍රීසි ඉගෙන ගත්ත දැන උගත් කෙනෙක්. තාත්තා කලා කටයුතුවලට හරිම කැමැතියි. අපේ අම්මව නාට්‍යයකදි දැකලා විවාහ කරගෙන තියෙන්නෙත් ඒ නිසයි. අපි පුංචි කාලේ හවසට හැමදාම අපේ ගෙදර ගානා බජානාවක් තියෙනවා. අක්කා සර්පිනා ගහනවා. මම සිතාර් ගහනවා. නංගි නටනවා. මල්ලි තබ්ලා ගහනවා. අයියා කොංගෝ ඩ්‍රම් ගහනවා. අපි සියළු දෙනාටම ජානවලින් ඒ උරුමය ලැබුණා වගේම මම විශ්වාස කරනවා සංසාර පුරුද්දක් ඇති කියලා.’
 
‘අපේ පවුලේ අය කිසිම අහේනියක් නැතුව ජීවත් වුණු අය. අපි හරිම සතුටින් හිටිය පවුලක්. අපේ අම්මා ඒ කාලේ මට මතකයි අලුතින්ම එන රෙදි වර්ගවලින් අපට ඇඳුම් මහල දෙනවා. අපි ඉහළත් නැති පහළත් නැති මධ්‍යස්ථ ජීවිතයක් ගත කළා. අම්මා නිතර නාට්‍යවලට යන නිසා උදව්වට කෙනෙකුත් හිටියා. මම මගේ පළවෙනි චිත්‍රපට ගීතය කියන කොට වයස අවුරුදු 14 යි. ඒ සොහොයුරෝ චිත්‍රපටයට. සංගීතවත් කළේ ආර්. මුත්තුසාමි. ලිනා ද සිල්වා නිළියට තමයි ගීත ගායනා කළේ. ඊට කලින් මම ගීත ගායනයට එනකොට වයස අවුරුදු 8 යි.
 
සුජාතා අතීතයට ගියා. ඉතාම ලාබාල වයසකදී ගීත ක්ෂෙත්‍රයට එන ඈ එතකොට සුජාතා පෙරේරාය.
‘කාන්තාවකගේ ජීවිතේ වැඩි කාලයක් ගෙවෙන්නේ තමන්ගේ ස්වාමියා සෙවණේ. අවුරුදු 20 නැත්නම් 25 ක් තමයි මවුපියන්ගේ නාමයෙන් ඉන්න වෙන්නේ. ඉතින් ඒ විදියට මමත් සුජාතා අත්තනායක වුණා. අපි දෙන්නා මුණ ගැහුණේ රජයේ සංගීත විද්‍යාලයේදී. මම රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වුණේ 1960 දී. අවුරුදු 6 ක පාඨමාලාවකට පස්සේ 1966 තමයි ඉන් එළියට ආවේ. ගායනය විතරක් නොවෙයි වාද්‍ය විශාරදත් (සිතාර්) ලබාගෙන එළියට ආවේ. මුලින්ම කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් දැරුවා. ඊට පස්සේ සංගීතය පිළිබඳ අධ්‍යාපන නිලධාරි. අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞන්දර්ය) විදියට තමයි විශ්‍රාම ගියේ. රැකියාව, ගායිකාව ඇතුළුව ගෘහණිය, බිරිය, මව කියන සියලු දේ මම ඔය අතරතුරේ දැරුවා. ඒ කාලේ දැන් වගේ වොෂින් මැෂින් තිබුණේ නැහැ. වැඩ පහසු කරන ක්‍රම තිබුණේ නෑ. රෑට ෂෝස්වලට ගිහින් ඇවිත් උදේ දරුවෝ තුන් දෙනා ඉස්කෝලෙට ඇරලලා රැකියාවටත් ගියා. මගේ ජීවිතේ පහසු කරන්න මහත්තයා හරියට මට උදව් කළා.
 
සුජාතාගේ පෞද්ගලික ජීවිතයට සේම ඇගේ සංගීත දිවියට ද සිය ස්වාමියාගෙන් ලැබුණ පිටුබලය සුවිශේෂිය. ඈ ගායනා කරන ‘ආගන්තුක කුරුල්ලා, බොලන් පොඩි නංගි ටිකක් හිටපන්, ජීවත් වන තුරු මා, නෙත් වසා, වැස්සට තෙමි තෙමි ඇතුළු ජනප්‍රිය ගීත රැසක ගී තනු නිර්මාපකයා ඇගේ සැමියාය. අද දින මේ මොහොතේද ඈ සමඟ දුක සැප බෙදා ගනිමින් ජීවන ගමන අවසන් වනතුරු එක්ව යන්නේ ඔහුයි.
 
‘හුඟාක් දෙනෙක් කතා කරන්නේ මගේ ගායන හැකියාව ගැන විතරයි. ඒ වුණාට දන්නවද මම හොඳ ඩාන්සර් කෙනෙක් . . .’
 
සුජාතා පවසන්නේ සිනා මුහුණිනි.
 
‘මම කථක් නැටුම් ඉගෙන ගත්තා. මම අන්තිමට කරපු ප්‍රසංගයේදී නැටුමකුත් ඉදිරිපත් කළා. නැටුමද ඇගේ පරපුරේ උරුමයක්. ඇගේ අම්මාට ද හොඳට නටන්න පුළුවන. ඇගේ නැගණිය රංජනී පෙරේරා ද නර්තන ආචාර්යවරියකි.
 
‘පුතා දන්නවද? මම ජීවිතේ ආයි කවදාවත්ම අඬන්නේ නෑ කියලා. මම අඬල ඉවරයි. මගේ කඳුළු ඉවරයි.’
 
ඈ මගෙන් ප්‍රශ්න කරනවා.
 
මගේ දෙවෙනි පුතා නැති වුණ දවසින් තමයි පස්සේ මගේ කඳුළු ඉවර වුණා. මගේ ලොකු පුතා හේලි අත්තනායක. එයා දැන් වැල්ලවත්තේ පදිංචි වෙලා ඉන්නේ. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවෙකුයි පුතෙකුයි.
 
දෙවෙනි පුතා තමයි චානක අත්තනායක. එයා යුධ හමුදා කපිතන්වරයෙක්. 1992 සැප්තැම්බර් මාසෙදි එයා අපි හැමෝගෙන්ම සමුගෙන රට දැය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළා.
 
බාලම පුතා සමින් අත්තනායක. එයා පයිලට් කෙනෙක්. එයාට පුතාලා දෙන්නෙක් ඉන්නවා.
 
දරුවෙකුගේ වියෝව දරා ගැනීම තරම් දුකක් අම්මා කෙනෙකුට තවත් තිබිය නොහැකියි. සුජාතා ඒ වියෝ දුක දරා ගත් ආදරණීය මවක්. ඇගේ කුසින් බිහිකර හදා වඩා උගන්වා ඈ ඔහු පරිත්‍යාග කළේ මේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් සටන් කරන අභීත ලංකා පුත්‍රයන්ගේ ගොන්නට. ඒ නිසාම ඈ අභීත රණවිරු මවක්. ගෞරවනීය රණවිරු මවක්.
 
‘පුතා නැති වුණ දවසේ ඉඳලා දුකට මම සුදු අඳින්න පටන් ගත්තා. හැබැයි මම දැන් සුදු අඳින්නේ අවබෝධයෙන්. සියලු දේවල නිස්සාරත්වය ගැන අවබෝධයක් තියෙනවා. මට එකතු කිරීමේ අසාවක් නෑ. දරුවා වෙනුවෙන් දුක් වෙලා දුක් වෙලා අන්තිමේ මමම හිත හදාගත්තා මේ රටේ මම වැනි අම්මලා තව කොච්චර ඇති ද කියලා. දැන් ඉතින් පුළුවන් තරම් පින් දහම්වල නිරත වෙනවා. හැම අවුරුද්දකම දුප්පත් පවුල් 100 ක් තෝරගෙන වියළි ආහාර බෙදා දෙනවා. ජීවිතේ ගැන මට කිසි බයක් නෑ. හැම මොහොතකම මරණය සිහි කරනවා. පැය 24 ක් යන්න කලින් මම මියගියාම සිරුර වෛද්‍ය විද්‍යාලයට දෙන්න ලියලා ඉවරයි. අවයව සියල්ලත් දන් දෙන්න ලියලා. මම ඇස් දන් දෙන්න ලිව්වේ අපේ තාත්තා ජීවතුන් අතර ඉන්නකොට. තාත්තට ඒක කිව්වම කොච්චර හොඳද පුතේ කියලා තාත්තම තමයි අත්සන් කළේ. ඒ කාලේ මට ලොකු උවමනාවක් තිබුණා මහණ වෙන්න. ඒකත් තාත්තට කිව්වම බොහොම හොඳ දෙයක් පුතේ. අපි තව චුට්ටක් ලොකු වෙනකම් ඉවසමු කිව්වා. ඒත් සිංදු කියන්න ඇවිත් ඒ ජීවිතේ වෙනස් වුණා.’
 
ඈ කියාගෙන යනවා.
 
තව කොයි තරම් දේවල් නම් තියෙනවාද ඈ ගැන ලියන්න. ඈ ගැයූ චිත්‍රපට ගීත, සරල ගීත, ගුවන් විදුලි ගීත, කැසට් ගීත ගණනින් කොච්චරක්ද කියලා කියන්න ඈටත් අපහසුයි. චිත්‍රපටවලින් කියනවා නම් ඇගේ මතකයට අනුව චිත්‍රපට 352 ගීත ගයලා තිබෙනවා. ඒ ගීත අතර අදටත් අපේ සවන් පත් අතර රැව් පිළිරැව් දෙන මියුරු ගීත ගණනින් කොයි තරමක්ද? සිංහල ගීත පමණක් නොව ද්‍රවිඩ ගීත ගණනාවක් ද ඈ විසින් ගායනා කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, නේපාලි, මරාති, උර්දු, බෙංගාල, දෙමළ, හින්දි, ඉංග්‍රීසි යන මාධ්‍යයන්ගෙන් නිවැරැදි භාෂා උච්චරණයෙන් ඇයට ගී ගැයිය හැකියි. මීට කලකට ඉහත ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිව විසූ සමයේ ඔහුගේ ආරාධනයෙන් මෙරටට පැමිණි එවකට නේපාලයේ රාජ්‍ය නායකයා වූ බිරේන්ද්‍ර රජු හා බිසව ලංකාවට පැමිණි දා ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයේ නේපාලි ගීතය ගායනා කළේ ද ඇය.
 
මගේ ගායන ජීවිතයේ සම්මාන රැසක් ලබලා තියෙනවා. 1967 දී ලැබුණ ස්වර්ණ සංඛ සම්මානය හැර අනෙක් සම්මාන මට ලැබුණේ ඒවා ලැබෙන්න ඕන කාලයේදී නොවෙයි. චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ නොයකුත් අසාධාරණකම් මට සිද්ධ වුණා. චිත්‍රපට පසුබිම් ගී පටිගත කිරීමේිදී වාර්තාවකුත් තිබ්බා. එනම් එකම දවසේ චිත්‍රපට හතරකට ගීත 04 ක් පටිගත කළා.
 
පළමු ගීතය කඳානේ එස්. පී. එම්. චිත්‍රාගාරයේ කළා. දෙවැනි ගීතය දවල් වරුවේ හැඳල විජය චිත්‍රාගාරයේ කළා. තුන්වැනි ගීතය කැලණිය සරසවි චිත්‍රාගාරයෙත්, හතරවැනි ගීතය ලංකා චිත්‍රාගාරයේත් පටිගත කළා. මම හිතන්නේ නෑ මේ වාර්තාව තවමත් බිඳලා ඇතියි කියලා. 1975 දී ‘හරියට හරි’ චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණය කරලා මම ලංකාවේ පළමු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරිය වීමේ වාසනාවත් ළඟා කර ගත්තා.
 
ඉතින් දැන් මම ජීවිතේ අවසන් භාගය හරිම සැහැල්ලුවෙන් ගෙවනවා.
 
 
හේමාලි විජේරත්න
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top