Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
04
"මම හොයපු ආදරේ ලැබුණා, පුංචි දෙයට හිත රිදවගන්න එක, තරහවෙන එක ඇතුළෙ තියෙන්නෙ සැබෑ ආදරයයි..." - Photos

- "මම හොයපු ආදරේ ලැබුණා, පුංචි දෙයට හිත රිදවගන්න එක, තරහවෙන එක ඇතුළෙ තියෙන්නෙ සැබෑ ආදරයයි..." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"ඒ මුණගැහීමෙන් අපි ආදරය කරන්න පටන් ගත්තා..."

"රෑට කුඹුරේ නිදාගත්තු ඒ කාලය අපි කොහොම අමතක කරන්නද.."

"ලුමිනස් පාට වූල් බෑන්ඩ් එකක් ලොකු ප්‍රශ්නයක් වුණා..."

වේදිකා නාට්‍ය කියන්නේ රංගන ශිල්පින් ශිල්පිණියන්ගේ රංගන පෞර්ෂය ගොඩනගන තිඹිරිගෙයයි. ජයනි සේනානායක කියන්නෙත් ඒ තිඹිරිගෙයින් පන්නරය ලැබූ රංගන ශිල්පිණියක්. වේදිකාව වගේම පුංචි තිරයත්, රිදී තිරයත් ඇයට සමීපයි. බොහෝ චරිත ඔස්සේ රසිකයින් අතරට එන ඇය ගැනයි මේ.  


ජයනි... මොනවද මේ දවස්වල කරන්නෙ...?
මේ දවස්වල ටිකක් වැඩිපුර වැඩ කළා. විශේෂයෙන් මම චිත්‍රපට කිහිපයකම මේ දවස්වල වැඩ කළා. ඒ අතරින් අවසානයට මම උදුම්බරා කියන චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා. ඒක ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙකුගේ නිර්මාණයක්. ඒක මහන්සිවෙලා කරපු චිත්‍රපටයක්. ඊට අමතරව මේ දවස්වල තවත් අලුත් චිත්‍රපට දෙකකට ලෑස්තිවෙනවා. ඊට අමතරව සුදත් දේවප්‍රිය මහත්මයා අවුරුදු ගණනාවකට පස්සෙ අලුත් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. ඒ ටෙලිනාට්‍යයෙත් මේ දවස්වල වැඩ. ඉතින්... ඔන්න ඔය වැඩත් එක්ක මේ දවස්වල චුට්ටක් විතර කාර්යබහුලයි.

ලැබෙන හැම චරිතයක්ම ඔබ බාරගන්නෙ නැහැ නේද...?
නැහැ. කොහොමත් මම වැඩ කරද්දී තෝරාබේරාගෙන තමයි වැඩ කරන්නෙ. ඒ මගේ හැටි. මගේ පැවැත්මට ඒක ගොඩක් හොඳයි කියලයි මට හිතෙන්නෙ. මොනවහරි කරනවාට වඩා මේ රට වෙනුවෙන් යමක් කරන්න ඕනෙ කියලා හිතලා වැඩ කරන්න මම කැමතියි. විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රය වෙනුවෙන්, මිනිසුන්ට මොනවහරි හිතන්න, මිනිසුන්ගේ හිත්වල යමක් ඉතිරිකරන්න ඕනෙ කියලා තමයි මම හිතන්නෙ. ඒක ගැන මම ගොඩක් හිතනවා.

 ගෝල් චිත්‍රපටයේ ජයනි රඟපාන්නෙ අනුචරිතයක්...? නමුත් ඒ චරිතයට ඔබ ලොකු සාධාරණයක් ලබාදීලා තියෙනවා...?
ගෝල් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ගැන කතා කරන්නම ඕනෙ. ඔහු ඉතා විශිෂ්ට සහාය නිර්මාණවේදියෙක්. ඔහු මේ වෙනකොට චිත්‍රපට තුනක් අධ්‍යක්ෂණය කළා. හීන හොයන සමනල්ලු, ඒ ලෙවල් සහ ගෝල් චිත්‍රපට. ඒ තුනේම මම රඟපෑවා. ඇත්තටම රොහාන් එක්ක වැඩ කිරීම සහ ඔහුගේ නිර්මාණ ශෛලියට මම කැමතියි. මට ලැබෙන චරිතය ලොකුද පොඩිද කියන එක මට කොහෙත්ම අදාළ නැහැ. මට මොනවහරි යමක් කරන්න පුළුවන්නම්, මම කරන චරිතයෙන් අවසානයේදී ප්‍රේක්ෂකයාට යමක් ඉතිරිවෙනවානම්, මම ඒ නිර්මාණය බාරගන්නවා. ප්‍රධාන චරිත කරලා මිනිසුන්ට මතක නැත්නම් ඒකෙන් වැඩක් නැහැනෙ. ඇත්තටම කිව්වොත් මට කරන්න යමක් නැහැ කියලා හිතලා මට ලැබුණු ප්‍රධාන චරිත කිහිපයක්ම මම අතහැරියා. ගෝල් චිත්‍රපටයේ මම රඟපාන්නෙ ඉතාම සුළු චරිතයක්. හැබැයි ඒ සුළු චරිතය ඇතුළෙ මට වෙන ශෛලියකින් රඟපෑමේ අවස්ථාවක් තිබුණා.

ගෝල් රූගත කරද්දී ඔබගේ කොණ්ඩයට දාපු බෑන්ඩ් එක නිසා නැවත රූගත කිරීම් කරන්න සිද්ධවුණේ ඇයි...?
ඔව්... ඇත්තටම ඒ අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාව සහ නිර්මාණයට තියෙන කැමැත්ත. රොහාන් පෙරේරා කියන්නෙ නිර්මාණයේදී ඉතා සියුම් දේ ගැන පවා හිතන අධ්‍යක්ෂකවරයෙක්. කෙනෙක් නොහිතන දේ ගැන ඔහු වැඩිපුර හිතුවා. එකපාරක් මගේ  කොණ්ඩයට දාලා තිබුණු ලුමිනස් පාට පොඩි වූල් බෑන්ඩ් එක ඔහු රූගත කිරීම් අවසන්වෙලා තමයි දැක්කෙ. ඉතින් ආයෙමත් ඔහු ඒ කොටසම නැවත රූපගත කළා. ඒ පුංචි වූල් බෑන්ඩ් එකේ ඒ පාට චිත්‍රපටයට හානිකරාවි කියලා ඔහු හිතුවා. එච්චරටම ඔහු නිර්මාණයේ සෑම කොටසක් ගැනම හිතුවා. ඒ වගේ අධ්‍යක්ෂකවරයෙක් යටතේ සුළු චරිතයක් කළත් හරියට වටිනවා.

ඔබ තුළින් කලා හැකියාව බිහිවෙන්නෙ ළමා කාලයෙම නේද...?
මමත් හිතනවා. මගේ ගම අනුරාධපුරය. මගේ සීයා හොඳ සෞන්දර්යවාදියෙක්. ඔහු හැමදාම හැන්දෑවට පොඩ්ඩක් මධුවිත එහෙමත් අරගෙන අපි හැමෝම වටකරගෙන ගෙදර මිදුලේ පැදුරු සාජ්ජේ දැම්මා. එතකොට මම ගොඩක් පොඩියි. හැම අවුරුද්දකම දෙපාරක් අපේ සීයා බත් මාලාවක් කියලා ලොකු ශාන්තිකර්මයක් කළා. ඒකට මාස දෙකක කාලයක් තිස්සෙ ගමේ හැමෝම සීයාට උදව් කළා. එදාට පාන්දර වනතුරු නටනවා. එළිවෙනකම් උඩැක්කිය ගගහා කවි කියනවා. ඒක ගමේ පුංචි හැමෝටම වෙනමම අභ්‍යාසයක් වගෙයි. අපි කට ඇරගෙන නිදිමරාගෙන හරිම ආසාවෙන් පැදුරුවල වාඩිවෙලා ඒ දිහා බලාගෙන හිටියා. ඒ කාලේ ගමේ කට්ටිය එකතුවෙලා පොඩි නාට්‍ය හදලා ගමේ මිනිස්සුන්ට පෙන්නුවා. උදේට මේ නාට්‍යවේදීන් හිටියෙ ගමේ කුඹුරුවලයි. හවසට ඒ ගොවියෝ ගමේ වේදිකාවල හිටියා. කාලය හරි අපූරුයි. ඒවායින් අපි මහ විශාල ලෙස පෝෂණය වුණා. ඒකෙන් තමයි මාව කලාකාරියක් කළේ. ඊටපස්සෙ ඒක ඔපමට්ටම් කරගන්න, ඒක හඳුනාගන්න මගේ පාසල උදව් කළා.

එහෙම උදව් කළ පාසල ගැනත් අපි කියමු...?
ඔව්.. ඔව්... අනිවාර්යයෙන්ම කියන්නම ඕනෙ. මම මුලින්ම අනුරාධපුර ශ්‍රී සුමංගල මහ විද්‍යාලයට ගියා. ඒක මගේ ගමේ පාසලයි. ඊටපස්සෙ ගල්කුලම ධම්මදින්න මහ විද්‍යාලයටත් අවසානයේදී අනුරාධපුර නිවන්තකචේතිය මහ විද්‍යාලයෙනුත් ඉගෙනුම ලැබුවා. එක කාලයකදී මට ක්‍රීඩිකාවක් වෙන්න ඕනවුණා. තවත් කාලෙක මම නැටුම් ගුරුවරියක් වෙන්නත් ආසා කළා. ඉතින්.. අන්තිමේදී මම රංගන ශිල්පිනියක් වුණා.

ළමා කාලයේදී දඟ චරිතයක්ද...?
දඟ නැත්තෙමත් නැහැ. ගමේ ඕනෑතරම් ඇවිදින්න තැන් තිබුණා. හැබැයි අපි ගමේ ජීවත් වුණේ හරිම නිදහසේ. අපිට අලුතින් ඒ ගමේ අත්දැකීම් කියලා දෙයක් තිබුණේ නැහැ. ඉස්කෝලෙ නිවාඩුවට සීයයි ආච්චියි කුඹුරට යද්දී අපිත් ඒ දෙන්නා පස්සෙන් කුඹුරට ගියා. සමහරු කුඹුරුවල පැලවල් අටවාගෙන හිටියට අපේ සීයයි ආච්චියි කුඹුරේ පොඩි ගෙයක් හැදුවා. ඉතින් ඒ ගෙදර ඉන්න අපි හරි ආසයි. රෑට කුඹුරේ නිදාගත්තු ඒ කාලය අපි කොහොම අමතක කරන්නද..? අපි කවදාවත් ආයාසයෙන් වැව් බලන්න, නියර දිගේ යන්න උත්සාහ කළේ නැහැ. අපේ ජීවිතේ වැඩි කාලයක් ගෙවුණේ ඒ සෞන්දර්යාත්මක වටපිටාවත් එක්කයි. අපි ඒ කාලේ වැඩිපුරම හිටියේ ගස් උඩ, පාලම් උඩ. පැය ගාණක් වැව්වල බැහැලා අපි හිතේ හැටියට නෑවා. අඹ ගස්වල මුදුනටම නැඟලා ඉදුණු අඹ කෑවා.  කුඹුක් ගහේ මුදුනට නැඟලා ගඟට පැන්නා. ඒවා කවදාවත් අපි ආයාසයෙන් කළේ නෑ. ඇත්තම කිව්වොත් ඒ කාලේ අපි තැන්පත් වෙලා එක තැන වාඩිවෙලා ඉගෙනගත්තු එකනම් ආයාසයෙන් කළා. පාසලේදීනම් මම දඟ නැහැ. වගකීමකින් වැඩ කරපු ශිෂ්‍යාවක්. පාසලේදී මම ක්‍රීඩා නායිකාව, ශිෂ්‍ය නායිකාව විදිහට වැඩ කළා. හැබැයි ඉස්කෝලෙ වැට මායිමෙන් මෙපිටට ආපු ගමන් මම දඟමල්ලක්. ජීවිතේ ඒ ළමා කලේදී විඳිය යුතු උපරිමයෙන් ඒ සුන්දර කාලය මම අපූරුවට වින්දා. ඒ නිදහස අපිට උපරිමයෙන් ලැබුණා.

එහෙම ගමේ හිටපු දඟමල්ල මේ විදියට කලාවට සම්බන්ධ වුණේ කොහොමද...?
පාසල් වේදිකාවෙදීත් මම රඟපෑවා. පාසල් ජීවිතේදී මම නර්තන ශිල්පිනියක් වෙන්නත් ආසා කළා. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයටත් නැටුම් විෂය හැදෑරැවා. එම්. ධර්මසේන නම් කථිකාචාර්යවරයාගේ වෙර නාට්‍යයට මාව සම්බන්ධ කරගත්තා. ඒ නාට්‍යයෙන් මම උතුරුමැද කලා උළෙලේදී හොඳම නිළිය සම්මානය ලැබුවා. ඔය කාලෙදී වසන්ත දුක්ගන්නාරාළ අනුරාධපුර නාට්‍ය කණ්ඩායම් එක්ක වැඩ කළා. ඒ හඳුනාගැනීමත් එක්ක විශ්වවිද්‍යාලයට තේරිලා කොළඹට ආවට පස්සෙ වසන්ත අයියා දන්න නාට්‍යවේදීන් සමඟ නාට්‍ය කරන්න මාව සම්බන්ධ කරගත්තා. ඉතින් ඔය හරහා බොහෝ වේදිකා නාට්‍යවලට මම සම්බන්ධ වුණා. ඊටපස්සෙ භානු ප්‍රසන්න, ප්‍රසන්න ජයකොඩි, ආනන්ද අබේනායක වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ ඔස්සෙ පුංචි තිරයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.

විශ්වවිද්‍යාල ජීවිතය ඔබට මොනවගේ ජීවිතයක්ද...?
ඒ කාලේ මම ගොඩක් කාර්යබහුලයි. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දී මම වේදිකා නිළියක්. ටෙලිනාට්‍ය නිළියක්. ඒ නිසා වැඩ වැඩියි. හැබැයි විශ්වවිද්‍යාල ජීවිතය ඉතාම සුන්දරයි. ඒ කාලේ මම විශ්වවිද්‍යාල වැඩවලටත් වඩා බාහිර ක්‍රියාකාරකම්වලට වැඩියෙන් යොමුවුණා. අද මම හොඳ ස්ථාවරයක ඉන්නවා.

කාලයක් තිස්සෙ හිතේ හිටපු නැටුම් ගුරුවරියට මොකද වුණේ...?
නැටුම් ගුරුවරිය කලාවට පැමිණීමත් සමඟම ඉවරටම ඉවර වුණා. මම දෙක තුනක් බදාගන්න ආසා නැහැ. ලෙහෙසියෙන් නැටුම් ගුරුවරියක් වෙන්න මට පුළුවන්කම තිබුණා. නමුත් මම මේ දෙකම බදාගත්තනම් මට එකකට දෙවැනියා විදිහට සලකන්න වෙනවනෙ. ඒ නිසා එකකට හැමවෙලේම අසාධාරණයක් වෙනවා. මම නැටුම් ගුරුවරියක් වුණොත් මා තුළ ඉන්න නිළිය මරලා දාන්න වෙනවා. ඉතින්... මේ දෙකෙන් මම රංගන ශිල්පිනියව තෝරාගත්තා. මම කවදාවත් මගේ වෘත්තියට අසාධාරණයක් කරන්නෙ නැහැ. ඒ නිසා මම ඒ නැටුම් ගුරුවරියට එහෙමම යන්න හැරියා. වේදිකාවේ අවශ්‍ය තැන්වලදී මම ඒ නැටුම් හැකියාව පෙන්නුම් කළා.

ජයනිගේ විවේක කාලය ගෙවෙන්නෙ කොහොමද...?
මට විවේක කාලය කියන දේ ඇත්තටම හරි අඩුයි. ඒ වගේ වෙලාවට පොතක් බලමින් ගෙදරට වෙලා ඉන්න මම ආසයි. ඒ වගේම මම චිත්‍රපට බලනවා. මම ඕනෑම චිත්‍රපටයක් බලනවා. ඒ හැමදෙයක් ඇතුළෙම අපිට හොඳ හෝ නරක යමක් ගන්න තියෙනවා. හිතන්න තියෙනවා.

ඔබගේ ආදරය හා විවාහය ගැන අපි ටිකක් කතා කරමුද...?
ඔව්.. කතා කරමු. ගොඩක් අය කියන දෙයක් තමයි විවාහය කියන්නෙ පවත්වාගෙන යන්න හරිම අමාරැ දෙයක් කියලා. හැබැයි මම ඒ කතාවට විරුද්ධයි. විවාහය කියන්නෙ හරිම ලෙහෙසි ගමනක්. මෙහෙම හිතන්නකො... වෙනස්ම කෙනෙක් විදිහට මම පවුලක ඉපදිලා, ඒ පවුල ඇතුළෙ හැදිලා, තවත් මම වගේම වෙනස් පවුලක ඉපදුණු වෙනස් කෙනෙක් එක්ක එකතුවෙලා අලුත් ගමනක් යන්න හදනවනෙ. එතකොට මට වඩා ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් වගේම ඔහුට වඩා මම සම්පූර්ණයෙන් වෙනස් කෙනෙක්. ඒ වෙනස්වීම් හඳුනාගත්තට පස්සෙ ඒ වෙනස්වීම්වලට එකඟවෙලා අපිට යන්න පුළුවන්. මම කියන කෙනාවම අනිත් කෙනාගෙන් හොයනවනම් ඒක අසාධාරණයක්. ඒ ගමන යන්න බැහැ. කවදාවත් අනිත් කෙනා තුළින් තමන්ව දකින්න උත්සාහ කරන්න එපා. එයා ස්වාධීන කෙනෙක්. මමත් ස්වාධීන කෙනෙක්. දෙන්නා එකතුවෙලා එක ගමනක් යනවා කියලා හිතලා ගියොත් අතරමං වෙන්නෙ නැහැ. හැබැයි ඒ ගමන ඇතුළෙ විවිධ හැලහැප්පීම් තියෙනවා. ඒවා හරි සතුටින්, දුකින්, වේදනාවෙන් දරාගැනීම තමයි එකට ජීවත් වෙනවා කියන්නෙ.

ඉතින් අපිට කියමුකො ඔබගේ ජීවිතේ ඒ අපූරු ගමනක් යන ඔහු ගැනත් ටිකක්...?
එයාගේ නම සංජීව ඉලේපෙරුම. සංජීව මට මාධ්‍ය  ආයතනයකදී තමයි මුණගැහුණේ. ඒ මුණගැහීමෙන් අපි ආදරය කරන්න පටන් ගත්තා. අද අපි විවාහවෙලා හොඳ ගමනක් ඇවිත් තියෙනවා. අපි දෙන්නගෙ ජීවිතේ හැලහැප්පීම් නැහැ. මම හිතන්නෙ අඩුපාඩු, ප්‍රශ්න, ගැටලු තමයි අපට ජීවිතේ කියලා කියන්නෙ. ඒවා නැතුව ජීවිතේ වැඩක් නැහැ. ඒ නිසා මට මගේ විවාහ ජීවිතය ඇතුළෙ කවදාවත් ප්‍රශ්න නැහැ. ඇත්තම කිව්වොත් තියෙන ප්‍රශ්න මම කවදාවත් ප්‍රශ්න විදිහට ගණන් ගන්නෙ නැහැ. සංජීව කියන්නෙ මාව හොඳට තේරුම්ගත්තු හරිම ආදරණීය කෙනෙක්. එයා මට නිදහස දීලා තියෙනවා. හැබැයි මම හැමවෙලේම සංජීවට මම කරන කියන දේ ගැන දැනුවත් කරනවා. මට ඕනෙ හැමවෙලේම හැම මොහොතේම මට කරදරයක් වෙන තරමටම මාව හොයලා බලන කෙනෙක්වයි. ඒක ඇතුළෙ මට ලොකු වටිනාකමක්, ලොකු ආදරයක් දැනෙනවා. සංජීව කියන්නෙ ඒ මම ආසා කරපු ආදරණීය කෙනාමයි. පුංචි දෙයට හිත රිදවගන්න එක, තරහවෙන එක ඇතුළෙ තියෙන්නෙ සැබෑ ආදරයයි.

 දිශානි ජයමිණි

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top