Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
20
"ලේ උරුමයෙන් ලැබුණු දේ නිසා තාත්තාව අපට කවදාවත් අමතක කරන්න බැහැ "- ජයන්ත, ලෙලුම්

- "ලේ උරුමයෙන් ලැබුණු දේ නිසා තාත්තාව අපට කවදාවත් අමතක කරන්න බැහැ "- ජයන්ත, ලෙලුම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
"තාත්තා බන්ධනයකට ලක්වෙලා ඉන්නේ."

"තාත්තා කවදාවත් අපට සංගීතය කියන්නේ මේකයි කියලා උගන්වලා නැහැ."

මෙරට සංගීත ක්ෂේත්‍රයේ මං සලකුණක් විදිහට වික්ටර් රත්නයකයන්ව හදුන්වා දෙන්න පුළුවන්. සංගීතයේ සාරය උකහාගනිමින් නැවුම් ගී ලබාදෙන ඔහු පසුගියදා යළිත් විවාහ වුණු බව හැමෝම හොඳින් දන්න කාරණයක්. ඒ සිදුවීම මහත් ආන්දෝලනාත්මක ලෙස කාගෙත් කතා බහට ලක්ව තිබුණා.


සිය පියාගේ දෙවැනි විවාහය  පිළිබඳව විවිධ පාර්ශවයන් කරන චෝදනා නිසා තම පවුලේ අයට ඇති වී අපහසුතාවය පිළිබඳව
වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් රත්නායක ජාතික පුවත්පතකට මෙලෙස විස්තර කරලා තිබුණා. මේ ඒ ගැනයි.

අද වෙද්දී ඔබ දෙදෙනාම සංගීත ක්‍ෂේත්‍රයේ සෑහෙන දුරක් ඇවිත් තිබෙනවා. පියා රටේ ප්‍රවීණතම සංගීතඥයකු වීම ඒ ආපු ගමනට විශාල ශක්තියක් වුණා කියලා කීවොත් නිවැරදියි නේද?

ජයන්ත - ‍ලේ උරුමයෙන් අපට ඒ හැකියාව සහ දක්ෂතාවය ලැබුණු බව ඇත්ත. එතැනදී අපට කවදාවත් අපේ තාත්තාව අමතක කරන්න බැහැ. නමුත් අපි දෙන්නා විතරක් නමෛයි වික්ටර් රත්නායක කියන පුද්ගලයාත් අද යම් තැනක ඉන්නවා නම් ඔහුට ඒ තැනට එන්නත් ලොකුම ශක්තිය වුණේ අපේ අම්මා මිස වෙනත් කෙනෙක් නොවන බව නම් කිව යුතුමයි.

ලෙලුම් - තාත්තාගෙන් අපට ලැබුණේ සංගීතය සහ වගකීම් ඉටු කරනා තාත්තා කෙනෙකුගෙන් ලැබෙන දේ විතරයි. පුංචි කා‍ලේ ඉඳන්ම ආදරය, සෙනෙහස, පවුල් සබඳතා, නෑදෑ සබඳතා වගේ මේ හැම දෙයක්ම අපි ඉගෙන ගත්තේ අපේ අම්මාගෙන්. ඒ වගේම තාත්තාගේ සුඛ විහරණය වෙනුවෙන් අම්මා බොහෝ අවස්ථාවලදී අපවත් සෑහෙන දුරට පාලනය කළා. පුංචි කා‍ලේ අඩුම තරමේ තාත්තාගේ නින්දට බාධාවෙන විදිහේ ‍පොඩි ශබ්දයක්වත් කරන්න අම්මා ඉඩ දුන්නේ නැහැ.
 
ඔබේ පියාට ඇය මුණගැහෙද්දී ඔහු සංගීතඥයෙක් විදිහට නමක් දිනාගෙන හිටියාද?

ජයන්ත - නැහැ. ඒ දෙදෙනා හේවුඩ්හි ඉගෙනුම ලබන්නත් කලින් ඉඳලා තමයි තාත්තා සහ අම්මා අතර ප්‍රේම සම්බන්ධතාවය ඇති වෙලා තියෙන්නේ. ඒ වෙද්දි තාත්තා තමන්ගේ පළමුවැනි ගීතයවත් ගායනා කරලා තිබුණේ නැහැ. පද රචනාවක් රහිතව 'සිහිල් සුළං රැල්‍ලේ' වගේ ගීතයක නාද මාලාවක් නිර්මාණය කරන්න හැකි වීමට තරම් අම්මා නිසා තාත්තා ඒ කා‍ලේ ප්‍රේමණීය වෙලා තියෙනවා. ඒ ආදරය ගැන තවත් ජීවමාන සාක්ෂි ඕනෑ තරම් තියෙනවා. අම්මා වගේ බිරිඳක් නොලැබුණා නම් ඔහුට කවදාවත් මේ තරම් දුරක් එන්න බැහැ.  

සෑම සාර්ථක මිනිසකු පිටුපසම ගැහැනියක් ඉන්නවා කියලා කියමනක් තියෙනවා. ඔබේ පියා සම්බන්ධයෙන් ඔබ ඒ කාරණාව පැහැදිලි කරන්නේ මොන විදිහටද?

ලෙලුම් - තාත්තාගේ ජීවිතය දිහා බැලුවොත් ඔය කියන කියමනෙන් කියැවෙන ගැහැනිය තමයි අපේ අම්මා. හැබැයි තාත්තා මීට කලින් ප්‍රකාශ කරලා තියෙනවා සාර්ථක මිනිසෙක් පිටුපස තමයි ගැහැනියක් එන්නේ කියලා. ඒ ප්‍රකාශය නම් වලංගු වෙන්නේ අපේ අම්මාට නමෛයි වෙනත් කාන්තාවකට වෙන්න ඇති.
 
අම්මාගෙන් ජීවිතයට මොන තරම් ශක්තියක් ලැබුණත් සංගීතය පැත්තෙන් තාත්තාගෙන් ලැබුණු දැනුම නිසා නේද ඔබ දෙදෙනාම අද සංගීතය වෘත්තිය කරගෙන ජීවත් වෙන්නේ?

ජයන්ත - ඔව්, නමුත් තාත්තා කවදාවත් අපට සංගීතය කියන්නේ මේකයි කියලා උගන්වලා නැහැ. ඒ කා‍ලේ තාත්තා පවත්වපු සංගීත පන්තියේ උගන්වපු දේවල් අහගෙන ඉඳලා, ප්‍රවීණ සංගීතඥයන් එක්ක ගීත නිර්මාණය කරනවා බලාගෙන ඉඳලා සහ ගෙදර තිබුණු  සංගීතමය පරිසරය නිසයි අපි යමක් ඉගෙන ගෙන මේ තැනට ආවේ. තාත්තා කවදාවත් අපිව සංගීතඥයන් විදිහට යම් තැනකට ඔසවා තබලා නැහැ. ඒ නිසා තමයි අද අපට අපේම අනන්‍යතාවයක් ගොඩනගාගන්න හැකිවෙලා තියෙන්නේ. ඒ ගැන නම් අපි ඔහුට ස්තූතිවන්ත වෙනවා.
 
මොනදේ කීවත් සංගීතඥයන් විදිහට පියා තරම් ජනතාවට දැනෙන විදිහේ දෙයක් ඔබ දෙදෙනාම තවම කරලා නැහැ නේද?

ජයන්ත - වයස 75ක් වෙලත් තාත්තා තවම හොඳට ගායන කටයුතුවල යෙදෙනවා. තාත්තා කෙනෙක් වයස 50, 60, 70 වගේ වයස්වලදීත් ක්‍රියාශීලීව ඉන්නවා නම් පුතෙකුට ඔහුගේ තැනට එන්න තියෙන අවස්ථාව අඩුයි. මේ නිසා අපව තාත්තා එක්ක සසඳන එක වැරදියි. සංගීතය පැත්තෙන් අපි ගොඩක් වැඩ කරලා තියෙනවා. ලංකාවේ කිසිම සංගීත භාණ්ඩයක් නොමැතිව ගීතයක් ගයපු පළමුවැන්නා තමයි මම. ලංකාවේ මුල්ම කාටුන් සී.ඩී. තැටියේ සංගීත නිර්මාණය කළේ මමයි. ඒ වගේම ලව් 2001 චිත්‍රපටය වෙනුවෙන් මම නුවන් ගුණවර්ධන සමග ගැයූ යුග ගීතයේදී මා ගැයූ තරමේ හයි නෝට් එකකින් මතෛක් ලංකාවේ කිසිම ගායකයෙක් ගායනයක් ඉදිරිපත් කරලා නැහැ. සංගීතය පැත්තෙන් මම සම්මාන දිනාගත් සහ සම්මාන සඳහා නිර්දේශ වූ අවස්ථාත් හුඟක් තියෙනවා. මේ දේවල් ජනතාව දන්නේ නැති නිසයි ඔවුන් අපි ගැන අඩු තක්සේරුවක ඉන්නේ.

ලෙලුම් - මම වික්ටර් රත්නායකගේ පුතා වෙන්නේ ඔහුට ජාතක වෙලා ඉපදුණු නිසා විතරයි. ලෙලුම් රත්නායක කියන නම හදාගන්න එක තමයි මගේ ඉලක්කය වුණේ. අද වෙනකොට මම ගායකයෙක්, ගීත නිර්මාණකරුවෙක් සහ වාදකයෙක්. මම චිත්‍රපට පසුබිම් ගායනය කළ පළමු ගීතය වෙනුවෙන් මට සම්මානයක් ලැබුණු බව අදටත් ජනතාව දන්නේ නැහැ. මොකද ඒ දේවල් කියමින් අපි මාධ්‍ය පිටුපස යන්නේ නැහැ. මම සංගීතය පැත්තෙන් විවිධ පැතිවලට මගේ දැල එළපු දුර වික්ටර් රත්නායකටත් වැඩියි කියලා මම විශ්වාස කරනවා.
 
ඔබ දෙදෙනා සංගීතය පැත්තෙන් ඉදිරියට ආවත්, ඔබේ සොහොයුරියන් දෙදෙනාට එවැනි ගමනක් එන්න බැරි වුණා. මොකක්ද ඒකට හේතුව?

ලෙලුම් - අපේ සහෝදරියන්ටත් ඒ හැකියාව තිබුණා. ඒත්, කලා ක්‍ෂේත්‍රයේ සිටින 90කටත් වඩා කාන්තාවන්ගේ චරිතය හොඳ නැහැ කියලා අපේ තාත්තාම තමයි ඔවුන්ගේ ගමන වැළැක්වූයේ.
 
ඔබ දෙදෙනා පියාගේ ගීත ගායනා කිරීම ගැන කැමැත්තෙන් සිටියාද?

ජයන්ත - අපි තාත්තාගේ ගීත ගායනා කරන්නේ නෑ කියලා බොරු කතාවක් සංගීත ක්‍ෂේත්‍රයේ පැතිරිලා තිබුණා. නමුත් ඇත්තටම එවැනි දෙයක් නැහැ. කොහොමත් අපි දෙන්නා වාදකයෝ විතරක් නමෛයිනේ. මීට කලින් තාත්තා සහභාගි වීමට නියමිතව තිබුණු ප්‍රසංග සහ වැඩසටහන්වලට පවා ඔහු වෙනුවෙන් මම සහභාගි වෙලා තියෙනවා. ඔහුගේ පූර්ණ අනුමැතිය ඇතිවයි මම ඒවාට පවා සහභාගි වුණේ.
 
පියා සහ ඔබ දෙදෙනා අතර මේ වන විට හිත් අමනාපකමක් තිබෙන බව ප්‍රකට කාරණයක්. ඔහුගේ ගීත ගායනා කිරීම ගැන මින් ඉදිරියට ඔහු මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද?

ජයන්ත - අපි ඔහුගේ ගීත ගායනා කරනවාට විරුද්ධ වෙන්න තරම් අපේ තාත්තා කෲර නැහැ. නමුත් අද ඔහු එක්තරා බන්ධනයකට ලක්වෙලයි ඉන්නේ. ඒ නිසා තමන්ගේ හිතුමතේට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක්  අද ඔහුට නැහැ.
 
මවගේ වියෝවෙන් පස්සේ ඔබේ පියා සහ දරුවන් අතර තිබූ සම්බන්ධතාවය ගැනත් විවිධ කාරණා පසුගිය කාලයේ ඉස්මතු වුණා....
ජයන්ත - අවුරුදු 13ක් අපි තාත්තා ගැන සොයා බැලුවේ නැහැ කියලා පැතිරුණු කතාව බොරුවක්. තාත්තාගේ 75 වැනි උපන් දිනය වෙනුවෙන් පැවැති ප්‍රසංගයේ පවා සංගීත අධ්‍යක්ෂණය කළේ මමයි. එහි ඩ්‍රම්ස් වාදනය කළේ මගේ මල්ලි. ඒ ප්‍රසංගය වෙනුවෙන් පැවැත්වුණු හැම සාකච්ඡාවක්ම තිබුණේ අපේ සහෝදරියගේ නිවසේ. ඉතින් ඒ තරම් සම්බන්ධතාවක් අපි අතරේ තිබුණා නම් කොහොමද කියන්නේ අපි ඔහුට සැලකුවේ නැහැ කියලා?  
 
පියාගේ උපන් දිනය වෙනුවෙන් පැවැත්වුණු වජ්‍ර ප්‍රභා ප්‍රසංගයෙන් පසුව මේ වනතෙක් ඔබ දෙදෙනා පියා සමග එකට සංගීත කටයුතුවල නියැළිලා නැහැ. ඇයි පවු‍ලේ අඬදබරවලට සංගීතයත් පටලවා ගත්තේ ?

ජයන්ත - රූපවාහිනිය නරඹන්නේ නැහැ, ගුවන් විදුලියට සවන් දෙන්නේ නැහැ වගේ දේවල් කොච්චර කීවත් අපේ තාත්තා වටේ ඉන්න හැමෝම කියන ඕපාදූප අහන කෙනෙක්. අද ඔහුගේ ළඟින්ම ඉන්න කෙනා කියපු ඕපාදූපයක් අහලයි තාත්තා අපට දුරකථනයෙන් කතා කරලා කිව්වේ. මීට පස්සේ අපි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ. මරණයකටවත් අපේ ගෙදර පස් පාගන්න එපා. මින් ඉදිරියට එකට වේදිකාවකටවත් ගොඩ වෙන්නේ නැහැ'' කියලා. ඒක ඔහුම ගත් තීරණයක් මිස අපේ තීරණයක් ‍නෙවෙයි.
 
ඔහු කවදාහරි ඒ තීරණය වෙනස් කළොත් ඔබ දෙදෙනා ඊට මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වාවිද ?

ජයන්ත - මේ ගැටලුව ඇති වෙන්න කලින් මමයි තාත්තාගේ සංගීත කටයුතුවලදී ළඟින්ම හිටියේ. කවදා හරි ඔහුම කීවොත් 'පුතේ, තිබුණු ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මින් ඉදිරියට එකට එකතු වෙලා වැඩ කරමු කියලා මම ඒ ආරාධනාව බාර ගන්නවා.

ලෙලුම් - මට හුඟක් පහසුවෙන් දේවල් අත්හරින්න පුළුවන්. මොකද එහෙම කරන එක වෙලාවකට මගේ හිතට ලොකු සහනයක්. ඒ නිසා එවැනි ආරාධනාවක් ලැබුණොත් මම මොන විදිහේ තීරණයක් ගනීවිද කියලා මට දැන්මම කියන්න බැහැ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top