විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, සිලේනියම්, සින්ක්, ඔමේගා3 සහ තඹ ආදි පෝෂක ගණනාවක්, හා ප්‍රතිඔක්සිකාරක ගුණ, වැල් නිවිතිවල අඩංගුයි. සමාන ගුණැති කොළ හා රතු ප්‍රභේද දෙකක් වන අතර වඩා ප්‍රචලිත කොළ වර්ගයයි.
තැම්බූ නිවිති කෝප්පයකින්, දිනකට සිරුරට අවශ්‍ය වන යකඩ වලින් 37%ක් ලැබෙනවා. ඉන් ලේ වඩමින් රක්ත හීනතාව දුරු කරනවා. අස්ථි පද්ධතිය ශක්තිමත් කරන K විටමින් විශාල වශයෙන් එහි අඩංගුයි. එසේම A විටමින් මැග්නීසියම් හා ෆෝලේට් බහුලව ඇති අතර ඒවායින් අධි රුධිර පීඩනය හෘදයාබාධ, ආඝාත රෝගවලට වැට බැඳෙනවා.