Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
Corona වසංගතයට අමතරව වර්ෂා සමයත් සමඟ ඩෙංගු යළි කරළියට

- Corona වසංගතයට අමතරව වර්ෂා සමයත් සමඟ ඩෙංගු යළි කරළියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

851 Views
වර්ෂාව සහිත කාලගුණයත් සමඟම සෑම අවුරුද්දකම වාගේ, මැයි, ජුනි මාසවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහල යෑමක් දක්නට ලැබෙනවා.
 
Corona වසංගතය මෙන්ම ඩෙංගු වසංගතය මගින් ද අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමක් වුවහොත්, එය සෞඛ්‍ය අංශවලට දරාගත නොහැකි වීමේ අවදානමක් ඇති වෙනවා. යම් ආකාරයකින් මෙම රෝග තත්ත්ව දෙකටම එකවර මුහුණදීමට සිදුවුවහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතා අර්බුදකාරී තත්ත්වයකට පත් වෙන්න පුළුවන්.
 
හැම අවුරුද්දකම අහිංසක ළමා ළපටි මෙන්ම තරුණ ජීවිත ගණනාවක් අපෙන් ඈත් කරන්න මේ වසංගතය හේතු වෙනවා.
 
අපි දැනගත යුතු දෙයක් තියෙනවා. ඩෙංගු මදුරුවා විශාල දුර ප්‍රමාණයක් පියාබන මදුරුවෙක් නෙමෙයි. ඩෙංගු රෝගීන්ගේ නිවෙස් / වැඩපළ පරීක්ෂාවේදී ගොඩක් විට දකින්න ලැබෙන දෙයක් තමයි මදුරුවන් බෝවෙන ස්ථාන ඒ පරිශ්‍රයේම තිබීම.

Corona අපිට උගන්වන එක දෙයක් තියෙනවා නම් ඒ තමයි අපේ සෞඛ්‍ය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් බොහොමයක් බව.
 
- මේක කිසිසේත්ම කණ්ඩායම් එකතු වෙලා ශ්‍රමදාන කරන්න සුදුසු කාලයක් නෙමෙයි.
- ඒත් වත්තෙ පිටියේ වගේම අපේ ගෙවල් ඇතුලේ මදුරුවන් බෝවෙන ස්ථාන තියෙන්න පුළුවන්.
- ඒ ස්ථාන හොයලා බලලා, ඉවත් කරලා මදුරුවො බෝ නොවෙන්න කටයුතු කරන්න ප්‍රමාද වෙන්න එපා.
 
අපේ ආදරණීය දරුවන් පවා නිතරම ගෙවල්වල ඉන්න මේ වගේ කාලෙක, ඒ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව ගැන කැප වෙලා වැඩ කරන එක අපේ යුතුකම.
 
ඒ රටක් විදිහට දෙපයින් නැගිටින්න වීරිය දරන මේ වෙලාවේ, කාලයක් පුරා රටක් පෙළපු ඩෙංගු වසංගතයටත් තිත තියමු. අපේම ආදරණීයයන් ගේ ජීවිත රැක ගනිමින් අපේ නිවසින්ම සටන අරඹමු!
 
අලුත් රටක් හදමු!
 
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයක්...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top