ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ඇතිවන ප්‍රදාහිත තත්ත්වයකි (Inflammation). එහිදී ආමාශයේ ශ්ලේෂ්මල පටලය පියවි ඇසට නොපෙනෙන වෙනස්කම් එනම් Microscopic Changes ලෙස හෝ එන්ඩොස්කොපි පරීක්ෂණයේදී දකිනා ලෙස සියුම් රත් පැහැගැනීමක් (Erythema) සීරීම් වැනි තුවාල (Erosions) හෝ ගැඹුරු තුවාල (Ulcers) ලෙස නීරීක්ෂණය කළ හැකිය.
හේතු සාධක
1. හෙලිකොබැක්ටර් පයිලොරි (H.Pylori) නම් බැක්ටීරියාව නිසා ග්‍රහණියේ හා ආමාශයේ ඇතිවන ආසාධිත තත්ත්වය. මෙය අපිරිසිදු ආහාර හා පානීය ජලයෙන් ඇතිවිය හැකිය.
2. මධ්‍යසාර පානය – ශ්ලේෂ්මල පටලයට කෙළින්ම බලපෑම නිසා ඇතිවන හානිකර තත්ත්වයක්.
3. දුම් පානය – කෙළින්ම ශ්ලේෂ්මල පටලයට හානිදායක වන අතර රුධිර වාහිනීවල අවහිරතා නිසා බිත්තියට වහනය වන රුධිරය අඩුවීම නිසා ද ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවිය හැකිය.
4. ඖෂධ නිසා ඇතිවන තුවාල – විශේෂයෙන්ම වේදනානාශක ඖෂධ වර්ග, ස්ටීරොයිඩ් නොවන ඖෂධ වර්ග, ස්ටීරෙයිඩ, ප්‍රධාන වශයෙන් මේ සඳහා බලපෑම ඇති කරයි.

5. අධික ලෙස මිරිස්, තුනපහ, මේද ආහාර නිසාත් කල්තබා ගැනීමට යොදාගන්නා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය, වර්ණකාරක හා රසකාරක ද ශ්ලේෂ්මල පටලයට හානිකර විය හැකිය.
6. මානසික ආතතිය – මොළය හා ආමාශය සම්බන්ධ කරන සේනායුජ ස්නායුව (Vagus) හරහා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැඩිපුර ස්‍රාවය වීම නිසාත්, බිත්තියට ලැබෙන රැධිර සංසරණයේ අඩුවීමක් නිසාත් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවීමට ප්‍රවණතාවයක් ඇත.
7. ගැස්ට්‍රික් හෝමෝන අධික ලෙස ස්‍රාවය කරන ගැස්ට්‍රින් නම් ගැටිති නිසා අධික ලෙස හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්‍රාවය වී ඇතිවන තුවාල (Zollinger Ellison Syndrome )
රෝග ලක්ෂණ
1. උදරය ඉහළ මැද (Epigastrium) කොටසේ දැවිල්ලක් හෝ තද කරනවා වැනි කැක්කුමක් හෝ කුසගිනි සංකෝචන උග්‍ර ලෙස දැනෙනවා වැනි වේදනාවක්.
2. බඩ පුරවා දැමීම – විශේෂයෙන්ම ආහාර ගැනීමෙන් පසු (Distension)
3. වායුවක් උගුරට ඒම (Eructation)
4. ආහාර කොටස් හෝ තිත්ත ඇඹුල් රසට උගුරට ඒම(Regurgitation)
5. ආහාර අරුචිය.
6. ඔක්කාරය හා වමනය යාම.
7. ලේ වමනය වීම (Hematemesis)