පුත්තලම අනගාරික ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරේ දැරියක් කාමාතුරයෙකු විසින් පසුගිය 01වන දින පැහැරගෙන ගොස් කැලෑවක සඟවාගෙන සිටිය දී පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරින් හා ප්‍රදේශවාසීන් විසින් පැය දෙකකට ආසන්න කාලයක සෝදිසියකින් පසු නිරුපද්‍රිතව දැරිය බේරා ගැනීමට හැකි වූ අතර, සැකකාර කාමාතුරයාද කැලෑවක සැඟව සිටිය දී සොයා ගැනීමට හැකි වූ බව පුත්තලම පොලිසිය ප්‍රකාශ කළා.
මෙම දැරිය පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්, මෙම දැරිය පවුලේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු බවත්, අනෙක් දරුවා පිරිමි දරුවෙකු බවටද තොරතුරු වාර්තා වුණා.