"කිසිම චාරයක් නැති සුද්දෝ, මගුල් නොකා දිග කන්නේ සුද්දෝ, හත් අට පාරක් කසාද බඳින්නේ සුද්දෝ, දැන් ඔන්න සමලිංගික අයිතිය ඕන කියනවා සුද්දෝ, සංස්කෘතියක් නැති සුද්දෝ...."
සුද්දෝ දුන්න තේ, කෝපි, රබර් සුද්දන්ටම විකුණ විකුණ අපි මෙච්චර කල් සුද්දොන්ට චරිත සහතික ලිවුවේ එහෙමයි. හැබැයි ඔතනට තව එකක් අඩුයි. අද වෙද්දී අඩුවෙන්ම AIDS හැදෙන්නේත් සුද්දොන්ට... එකත් අතනට ADD කරගන්න. මොකද අද තමයි එකට හොඳම දවස. ලෝක AIDS දිනය අදයි. ගෙවල් සරසලා නෑයෝ ඇවිත් Party දාන දිනයක් නොවුනාට අපි මොහොතක් නැවතිලා අනිවාර්යෙන්ම ටිකක් කල්පනා කරලා බලන්න ඕන දවසක්.
කියලා කට ගන්න හම්බුනේ නෑ, මේ වෙද්දීත් ඔබ කල්පනා කරනවා මෙච්චර සෙල්ලම් දාන සුද්දොන්ට කොහොමද AIDS වැළඳීම අඩුවෙලා තියෙන්නේ කියලා.