තම ආදරවන්තියට පහරදී ඇය එල්ලාමැරීමට තැත්කළ තරුණයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ආර්ජන්ටිනාවෙන්. මෙහිදී පහරකෑමට ලක්ව ඇත්තේ සුරූපී නිරූපණ ශිල්පිණියක් වන 22 හැවිරිදි තරුණියක් .
පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර පෙම්වතා 32 හැවිරිදි තරුණයෙක්.
ඔහු සිය පෙම්වතියට චෝදනා එල්ලකර ඇත්තේ පෙරදිනක පැවති උපන්දින සාදයකදී වෙනත් තරුණයෙක් සමඟ සිටි බවටයි.
මේ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව තරුණයා විසින් සිය පෙම්වතිය වන නිරූපිකාවට පහරදී නාන කාමරය තුළ එල්ලා මැරීමට උත්සාහ කර තිබෙනවා.
කෙසේ වෙතත් ආරක්ෂක අංශ විසින් තරුණිය මුදාගෙන සැකකාර තරුණයා අත්අඩංගුවට ගන්නා අතර පසුව ඔහුගේ දෑතට මාංචු යොදනවා.