ප්‍රංශ සයිබර් ආරක්ෂක පර්යේෂකයා නොසීගේ ප්‍රකාශය
පරිශීලකයාගේ අවසරයකින් තොරව ඔහුගේ ඡංගම දුරකථනයේ ඇති ඡායාරූප Upload වෙනවද?
ඔබේ ෆේස්බුක් මිතුරු ලැයිස්තුවේ බොහෝ දෙනෙක් පසුගිය දින කිහිපය තුල වයස්ගතව ඇති බව ඔබ දකින්නට ඇති.
ෆේස් ඇප් මගින් ලබාදුන් මෙම පහසුකම ලොව පුරා බිලියනයකට වැඩි සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ වනවිට භාවිත කර අවසන්.
නමුත් ඒ තුල පරිශීලකයාගේ දත්ත කෙතරම් සුරක්ෂිත ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරිගණක විශේෂඥයින්ගේ සැලකිල්ලට ලක්ව තිබෙනවා.
පුද්ගල රූපයක් මහලු ස්වරූපයට හෝ තරුණ ස්වරූපයකට වෙනස් කළ හැකි යෙදවුමක් වන ෆේස් ඇප් මේ දිනවල බොහෝ දෙනෙක් භාවිත කරනවා.