ඉරාකය, සිරියාව සහ ලිබියාවේ බලය පතුරුවමින් සිටින ඉස්ලාමීය අන්තවාදී අයි.එස්. කැරළිකරුවන් දැන් සිය ප්‍රචාරක යාන්ත්‍රණය අන්තර්ජාලය වෙත පුළුල් කර තිබෙනවා.
අයි.එස්. අනුගාමිකයන් එලෙස දිනකදී සමාජ ජාල වෙබ් අඩවිවලට එක් කරන පණිවුඩ සංඛ්‍යාව 90,000 ඉක්ම වන බවයි හෙළිදරව් වී ඇත්තේ. මේ නිසා ඔවුන්ගේ අන්තර්ජාල මෙහෙයුම් අඩාල කිරීම, ඇමරිකා එක්සත් ජනපදයට අභියෝගයක් වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.