සම්පූර්ණයෙන් මුහුණ ආවරණ වූ හිස්වැසුම් පැළඳීම වැළැක්වීමේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා.
කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ වර්ෂයේ ගතවූ කාලය තුළදී සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස් වැසුම් පැළඳ යතුරුපැදිවලින් පැමිණ මූල්‍ය ආයතන 05 ක් කොල්ල කා ඇති බවයි.
පසුගිය වසරේදී එවැනි කොල්ලකෑම් 122 ක් සිදුවී ඇති අතර, ඉන් 80 කට වැඩි සංඛ්‍යාවක් විසඳා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.