ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධූරය හොබවන සොමිපාල ටි රත්නායක හා එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට ගියද ඔවුන් පදිංචි නිවෙස්වල නොසිටීම හේතුවෙන් එහි ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට හිස් අතින් පැමිණීමට සිදුව තිබෙනවා.
ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ගිය බවත් පැමිණි පසු ඒ බව දැනුම් දෙන බව නිවෙස් හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකකයබාර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට පවසා තිබූ බව ජෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සදහන් කළා.
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ගේ බිරිඳවන අබේසිංහගේ නිසංසලා නමැත්තිය සිය පුතුගේ අපල දුරු වීම සඳහා ඔහුගේ නම කොටා ,අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙස පවුම් 38 ක බරකින් යුත් රන් තැටියක් සාදා 2019 ජූලි මස 3 වෙනි දින කතරගම මහා දේවාලය වෙත පූජා කර තිබිණි