හැම දෙයක්ම ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න ඕන කිව්වාට ඇත්තටම ඔබේ ඇස් දෙක පරිස්සම්ද...?
ඒ ගැන ඔබ සැලකිලිමත් ද..? මේ කියන්න යන්නේ ඔබේ ඇස් ගැන කතාවක්...
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 14.6ක පමණ පිරිසක් දියවැඩියා රෝගීන් ලෙස වාර්තාවන බව ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය විද්‍යාලයේ සභාපති පවසනවා...
මෙරට අවුරුදු 20ත් 70ත් අතර වයස් කාණ්ඩයේ සිටින පාර්ශ්වයන් අන්ධභාවයට පත්වීමේ ඉහළ ප්‍රවණතාව යාමක් පවතින බවයි නවතම සමීක්ෂණවලින් හෙළිව ඇත්තේ...
ලෝකයේ දියවැඩියා රෝගීන් මිලියන 537ක් සහ දකුණු ආසියා කලාපයේ මිලියන 90ක ජනතාවක් දියවැඩියාවෙන් පෙළෙන බව 2022 අන්තර්ජාතික දියවැඩියා පෙඩරේෂනයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ...
2045 වනවිට මෙය මිලියන 151.5 දක්වා ඉහළ යනු ඇතැයිද ඔවුන්ද අනුමාන කර ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් තුන් දෙනෙකුගෙන් එක් අයකුටද දියවැඩියාව වැළඳී තිබෙනවා..
එය 31%ක ප්රතිශතයකි. 2019දී කොළඹ, රුහුණ, රජරට විශ්වවිද්‍යාල කළ සමීක්ෂණයකට අනුව සෑම පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයකු දියවැඩියාවට ප්‍රතිකාර ගැනිමට පෙළඹෙන බවයි වාර්තා වෙන්නේ....
මේ අතර මෑතකාලීන දත්ත අනුව ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා..
නිසි වෛද්‍ය උපදෙස් නොසලකා හැරීම මත දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් රෝගියා විසින්ම උත්සන්න කර ගැනීම කණගාටුවට කරුණක් බව එම සංගමයේ සභාපතිවරයා පවසා තිබුණා..