Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
25
"මට ආයෙත් ඉස්කෝලේ යන්න බෑ අම්මේ" "එයාලා මට හිනා වෙනවා.මට කතා කරන්නේ ..... කියලා" ගෙදරින් අවසරය දුන්නත් සමාජය ඔවුන්ට අවසරය නොදෙන්නේ ඇයි ?

- "මට ආයෙත් ඉස්කෝලේ යන්න බෑ අම්මේ" "එයාලා මට හිනා වෙනවා.මට කතා කරන්නේ ..... කියලා" ගෙදරින් අවසරය දුන්නත් සමාජය ඔවුන්ට අවසරය නොදෙන්නේ ඇයි ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

රිකී කොල්ලේ කියන්නේ පසුගියදා නෙදර්ලන්ත රූ රැජින වීමත් එක්ක ලොව පුරා කතා බහ වුන චරිතයක්.


ඊට හේතුව වුනේ ඇය නෙදර්ලන්තයෙන් බිහි වුන ප්‍රථම සංක්‍රාන්ති ලිංගික රූ රැජින වීම නිසා.


රිකී කෝල්ලේ.

වයස අවුරුදු හතක පොඩි දරුවෙක් ඉස්කෝලෙ ඉඳල ගෙදර එන්නෙ අඬාගෙන.
ඉහල පන්තිවල පිරිමි දරුවන්ගේ විහිළුවට ලක්වෙන මේ පොඩි දරුවා කියන්නෙ ආපහු නම් ඉස්කෝලෙ යන්න බෑ කියල.
මේ දරුවගෙ පියා ඉන්දුනීසියානු ජාතිකයෙක්.
මලුකා හෝ මොලුක්කා විදිහට හැඳින්වෙන ඉන්දුනීසියානු දූපත් කාල‍යකට කලින් ඕලන්ද යටත් විජිත විදිහටයි පැවතුනේ.
මේ පොඩි දරුවගෙ මව ඕලන්ද සුදු ජාතිකයෙක්.

පාසැලෙදී උසුළු විසුළු වලට ලක්වෙන්නෙ මේ පොඩි දරුවට සිද්ධ වෙන්නෙ එයාගෙ රූපයත් .. කතාවත් හැසිරීමත් ගැහැණු දරුවෙකුට සමාන වීම නිසයි.
දෙවරක්ම පාසැල් මාරු කරන්න සිදු වුනත් ලැබෙන අපවාද අපහාස අඩුවක් වෙන්නෙ නෑ.

විශේෂයෙන්ම ආසියානු හා අප්‍රිකානු රටවලින් සංක්‍රමණය වූ දරුවන්ගෙන් ලැබෙන තරම් අපහාස උපහාස ඕලන්ද ජාතිකයන්ගෙන් නොලැබෙන බවයි මේ දරුවගෙ පියා පසුකාලීනව පවසන්නෙ.

මේ කුඩා පිරිමි දරුවගෙ නම රික් කෝල්ලේ. ( Rikk Kollé)

අපහාස හා විහිළු කිරීම් නිසාම අධික මානසික පීඩනයට ලක්වෙන කුඩා රික්ට මානසික වෛද්‍ය උපදෙස් ලබාගන්න සිද්ධ වෙනව.

මේ සිද්ධිය ලාංකික සමාජයට ආදේශ කලොත්, බඩුව... කෙල්ල.. කෑල්ල... නංගි.. සෝභනී වගේ නම් වලින් මේ පිරිමි දරුවව අමතන්න ඉඩ තියනව.
තමන්ගෙ පවුලට හා පරම්පරාවට නින්දාවක් ලෙස සලකමින් තවදුරටත් මේ දරුවව සමාජයෙන් ඈත් කරන්න දෙමව්පියන් පවා පෙළඹෙන බව රහසක් නෙවෙයි.
බොහෝ විට එය අවසන් වෙන්නෙ මානසික රෝගයකින්.. සියදිවි නසා ගැනීමකින් හෝ හුදෙකලා තත්වයට පත්වීමෙන්.
උපතින්ම ලද හැසිරීමක්... ශරීර තත්වයක් හෝ ආකල්ප නිසා කුඩා දරුවෙක් හෝ තරුණයෙක්, දැරියක්.. මේ තරම් දඬුවම් විඳිය යුතුද කියන ප්‍රශ්ණය අපිට ඉතුරු වෙනව.

ලිංගිකත්වය තරම් හාස්‍යයටත් .. කුතුහලයටත්... විවාදයටත් ලක්වෙන මාතෘකාවක් ලංකාවෙ නැති තරම්.
ගූගල් සෙවුම් යන්ත්‍රයේ දෙවනි වරටත් සෙක්ස් කියන වචනය සෙවීමෙන් ලාංකිකයන් පලමු ස්ථානයට පත්වෙන්නෙ මේ වසරේදීයි.
ලිංගික සම්භන්ධතා පවත්වනව කියනව වෙනුවට "සෙක්ස් කරනව" කියන අමුතු යෙදුම හරහා සමාජ මාධ්‍ය තුල සංසරණය වන පොස්ස්ට් ප්‍රමාණය පුදුමාකාරයි.
එතනින් බොහෝවිට බලාපොරොත්තු වෙන්නෙ සමනය නොවුනු ලිංගික අවශ්‍යතාවයක් විය හැකියි.

ට්‍රාන්ස් ජෙන්ඩර්, ට්‍රවස්ටී... ලෙස්බියන් .. ගේ ..කියන වචන බොහෝ ලාංකිකයන් යොදාගන්නෙ හාස්‍යයට හෝ කෙනෙකුට අවමන් කිරීමට.
මේ වැඩිදෙනෙකුට හැකියාවක් නෑ ලිංගිකත්වය හා ලිංගික සම්භන්ධතා දෙස විවෘත්තව බැලීමට හෝ විවෘත්තව කතා කිරීමට.
පහුගිය දවස්වල භික්ශූවක් කාන්තාවන් දෙදෙනෙකු හා එක්වර ලිංගික සම්භන්ධතා පැවැත්වීමේ සිද්ධියේදී ලාංකික පුරුෂ පක්ශයේ වැඩි දෙනෙකු තුල දකින්න ලැබුනෙ ලිංගික ඊර්ශ්‍යාව මිස ආගමික ආකල්ප නෙවෙයි.
"මේ භික්ශුව වෙනුවට මෙතැන සිටිය යුත්තේ මමයි" කියන මානසිකත්වය බොහොම පැහැදිලිව ප්‍රදර්ශණය වෙනව මේ සිද්ධිය හරහා.

මේ තත්වය ඇති වෙන්නෙ පාසැල් අවධියේ සිටම අධික සංස්කෘතික හා ආගමික මතවාද වලට දරුවන් නැඹුරු කිරීමත් ලිංගිකත්වය ටැබූ විශයයක් ලෙස සැලකීමට හුරු පුරුදු කිරීමත් නිසා විය හැකියි.

රික් කෝල්ලේටත් පාසැලේදී ලැබෙන අපහාස උපහාස අඩුවක් නැහැ.
නමුත් රික්ගේ දෙමාපියන් බොහොම බුද්ධිමත්.
ඒ අය හඳුනා ගන්නව රික්ගෙ ශරීර ලක්ශණ පිරිමියෙකුට සමාන වුනත් එයාගෙ හැසිරීම... ආකල්ප හා ගති පැවතුම් සමාන වෙන්නෙ කාන්තාවකට බව.
කොටින්ම කීවොත් රික් කියන්නෙ සියුමැලි පිරිමි ශරීරයක් තුල ජීවත් වෙන කාන්තාවක්.

වයස අවුරුදු එකොලහේදී රික් කෝල්ලේ කියන නම රිකී කෝල්ලේ විදිහට වෙනස් කරන මේ දරුවා තෝරා ගන්නව ගැහැනු දරුවෙක් ලෙස ජීවත් වෙන්න.
මේ සඳහා දෙමව්පියන්ගේ පූර්ණ සහයෝගය රිකීට ලැබෙනව.
වයස දහ අට වෙද්දි හෝර්මෝන ප්‍රථිකාර වලට යොමුවෙන රිකී සැත්කම් කිහිපයකින් පස්සෙ කාන්තාවක් බවට පත්වෙනව.

මෙන්න මේ රිකී කෝල්ලේ නම් තරුණිය තමයි 2023 අවුරුද්දෙ නෙදර්ලන්තයේ සුරූපීම තරුණිය බවට පත්වෙමින් මිස් නෙදර්ලන්ඩ් ( Miss Netherlands ) කිරුල දිනාගන්නෙ.

මිස් නෙදර්ලන්ඩ් තරඟය පලමු වරට පැවැත්වෙන්නෙ අදින් වසර අනූපහකට කලින්.
මේ තරම් ඉතිහාසයක් තියන තරඟයක පලමු ස්ථානය දිනාගැනීම ලේසි පහසු කාර්‍යයක් නෙවෙයි.

" රිකී ලස්සනයි වගේම ඉතාම බුද්ධිමත්... ඒ එක්කම එයා ගැටළු වලට හා අපහාස වලට මුහුණ දුන් ආකාරයත්... ඒ හැම බාධකයක්ම මැද තමන්ගෙ ගමණ ආපු ආකාරයත් ප්‍රශංසනීයයි.
රිකීගෙ කතාව නෙදර්ලන්තයට විතරක් නෙවෙයි මුළු ලෝකයටම ආදර්ශයක්... එයා මග පෙන්වාවි එයා වගේ අසරන වුනු දරුවන්ට තමන්ගෙ හීන කරා යන්න"
විනිශ්චය මණ්ඩයල තමන්ගෙ තීරණය ප්‍රකාශයට පත් කරමින් කියන්නෙ මෙන්න මේ වගේ කථාවක්.

රිකී පලමු කාන්තාව නෙවෙයි ට්‍රාන්ස්ජෙන්ඩර් හෙවත් ලිංගික විපර්‍යාසයකට භාජනය වෙලා රූප සුන්දරියක් බවට පත්වුනු.
2018 අවුරුද්දෙ ස්පාඥ්ඥ රූ රැජිණ බවට පත්වුනු ඇන්ජෙල් කමාචෝ ( Angel Kamacho) ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාවක්.
වැදගත් වෙන්නෙ අද කාන්තාවක් වීම මිස අවුරුදු දහයකට කලින් පිරිමියෙක් වෙලා සිටීම නෙවෙයි.

මේ බටහිර සංකර සිරිත් හා විකාර... යමෙකුට මේ කතාව අවලාදයෙන් බැහැර කරන්න පුළුවන්.
නමුත් මේ බටහිරට හෝ නැගෙනහිරට අයිති දෙයක් නෙවෙයි මුළු ලෝකයටම පොදු නමුත් සමහර සංස්කෘතීන් වලින් බැඳදාපු , වසන් කරපු සංසිද්ධියක් විතරයි.

2022 අවුරුද්දෙ භූතාන රූ රැජිණ බවට පත්වුනු ටාසි චෝඩන් ( Tashi Chodan) ලෙස්බියන් තරුණියක්.
විවෘත්තවම ඒ ගැන ප්‍රකාශ කරන ටාසි සමාජ ක්‍රියාකාරිනියක් විදිහට වැඩ කරනව.
භූතාන සමාජය ටාසිව පිලිගන්නෙ කිසිදු පැකිලීමක් නැතිවයි.

අද විශ්ව රූ රැජිණ තරඟයේ හිමිකාරීත්වය දරන ඈන් ජැක්පොන්ග් තායිලන්ත තරුණියක් .
ඈන් කියන්නෙ රිකී කෝල්ලේ වගේම ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාවක්.

2022 අවුරුද්දෙ මිස් ආර්ජෙන්ටිනා වූ මරියානා වැරෙල්ලා විවාහ වෙන්නෙ ෆාබියොලා වැලෙන්ටින් සමග.
ෆාබියෙලා ඒ අවුරුද්දෙ පෝටෝරිකෝ රාජ්‍යයේ රූ රැජිණ.

ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් මේ උදාහරණ දෙන්න පුළුවන්.
ලිංගිකත්වය කියන්නෙ .. ලිංගික හැඟීම් හෝ හැසිරීම් කියන්නෙ සංස්කෘතික මතවාද හෝ බමුණු ආකල්ප වලින් බැඳ දාන්න පුළුවන් දෙයක් නෙවෙයි.

සමහර අප්‍රිකානු හා මැදපෙරදිග කලාප වලත්, දකුණු ආසියානු කලාපයේත් ට්‍රාන්ස්ජෙන්ඩර් හෝ ලෙස්බියන් කාන්තාවන් කෙරෙහි තියෙන්නෙ ඉතාම පටු ආකල්ප.
බොහොමයක් පුරුශයන් කල්පනා කරන්නෙ මේ කාන්තාවන් තමන්ට අවශ්‍ය විදිහට පරිහරණය කරන්න පුළුවන් බවයි.

මුලින් සඳහන් කල භික්ශුව කාන්තාවන් දෙදෙනෙක් සමග එක්ව ලිංගිකව හැසිරුණා වගේ ට්‍රාන්ස්ජෙන්ඩර් හෝ ලෙස්බියන් කාන්තාවන් මැද ලිංගිකව හැසිරෙන්නෙ පුළුවන් බවට දකුණු ආසියානු පිරිමියා සිහින මැවීම තුල තමයි මේ ඊර්ශ්‍යාකාරී හැඟීම් හටගන්නෙ.
ප්‍රථිඵලය අපහාස කිරීම් හා විහිළුවටත් .. කෝපයටත් ලක් කිරීම.

මේ සඳහා අඩිතාලම නිර්මාණය කරන්නෙ ආගම් සහ පටු අධ්‍යාපනය.

බුද්ධත්වයට පත් වුනාට පසුත් ඉපදුනු ශාඛ්‍ය කුලය ගැන උදම් අනන පිරිස් වලට හැකියාවක් නෑ අතීතයෙන් ගැලවෙන්නෙ.
මේ ආකල්ප පුදුමාකාරයි.
මිනිසා වසලයෙකු හෝ බ්‍රාහ්මනයෙක් වෙන්නෙ උපතින් නෙවේ ක්‍රියාවෙන් කියන කතාව ලාංකිකයන් වැඩි පිරිසකට තවමත් වැටහිලා නැහැ.

මෙයින් අදහස් වෙන්නෙ නෑ සියළුම පිරිමින් සැත්කම් මගින් කාන්තාවන් බවට පත්කල යුතුයි කියල.

නමුත් තමන්ගෙ සමාජයේ නොපිලිගන්නා හා ප්‍රථික්ශේප කරන යමක් විදේශයකදී සිදුවීම හෝ තේරුම් ගත යුතුව තිබෙනව.

සමාජය... සංස්කෘතික ආකල්ප... අන්ධ ආගමික මත... බමුණු මතවාද කොයි තරම් තිබුනත්
ඒ කිසිවක් තමන්ගෙ හීන හැබෑ කරගැනීමට බාධවක් නොවන බවයි නිකී කෝල්ලේ අපිට කියා දෙන්නෙ.


Malcolm Sang


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top