හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය දිනෙක කොල්ලුපිටිය ප්‍රධාන පෙළේ හෝටලයක පැවති මංගල උත්සවයට සහභාගී වී සිටියදී ඔහුගේ අතේ තිබූ මැණික් ඔබ්බවන ලද වටිනා මුදුවක් නැතිවී තිබෙනවා.
මේ අකරතැබ්බයෙන් පසු එතැන සිටි ආරක්ෂකයින් මහත් පරිශ්‍රමයක් දරා රන් මුදුව සොයාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
ප්‍රභූවරුන් රැසක් සහභාගි වූ මෙම විවාහ උත්සවයේදී මහින්ද රාජපක්ෂ විසින් එතැන සිටි පිරිස් හට අතට අත දෙමින් සුහදව කතාබහක නිරතවී සිටින අතර මෙම මුදුව එකවරම අතුරුදන්ව ඇති අතර තිගැස්සුණු හිටපු ජනපතිතුමා මේ සම්බන්ධයෙන් හෝටලයේ පිරිස් දැනුවත් කර තිබෙනවා.
පසුව ඔවුන් සෑම තැනම මෙය සොයන්නට වී ඇති අතර එක් වරම බිම එළා තිබූ බුමුතුරුණක් මත තිබූ මුදුව සේවකයෙකු විසින් සොයාගෙන හිටපු ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. මඳ වෙලාවක් කළබළ වුණු උත්සව ශාලාව පසුව සන්සුන් වී සුපුරුදු පරිදි කටයුතු සිදුකරගෙන ගොස් ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.