චතුරිකා පීරිස් හා ගයාන් වික්‍රමතිලක කියන පුංචි තිරයේ පෙම් යුවල මේ වෙනකොට සැබෑ ජීවිතයේදී පෙම්වතුන් වෙලා. ඒ වගේම ඔවුන්ගේ විවාහය ළඟදීම සිද්ධවෙනවා කියලත් පුවත්පතකට කියලා තිබුණා.
ගයාන් කියන විදියට විවාහයට තවම දිනයක් නියම කරලා නම් නැහැලු. ඔහුගේ නිර්මාණ කිහිපයක් අවසන් කරන්න තියෙන නිසා ඒවාගෙන් පස්සේ වැඩකටයුතු අවසන් වුණ ගමන්ම විවාහ වෙනවලු. බොහෝදුරට මේ වසර අවසානයේදී මේ දෙන්නා විවාහ වෙයි කියලා තමයි ගයාන් කියන්නේ.
පසුගිය කාලේ පුරාම ගයාන් - චතුරිකා යුවල ගැන සමාජයේ විවිධ කතාබහ ගොඩනැගෙන්න පටන්ගත්තනේ. ඒ ගැනත් ගයාන් මේ සාකච්ඡාවේදී කියලා තිබුණා.
‘‘ඕනෑම කාලවකවානුවක හොඳ, නරක විවේචන ඇති වෙනවා. හොඳ කියනවාට වඩා නරක කියන දේ ඉක්මනට පැතිරෙනවා. හුඟක් අය නරක කියන දේ පතුරවන්නත් උත්සාහ ගන්නවා. තමන්ගේ කාලය නාස්ති කරගෙන අනුන්ගේ නරක අහගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම නරක දේවල් විකුණන්න පුළුවන්.
එකෙක් මාකට් එක හදාගන්නවා. ඉතිං ඒ විදිහට අපේ කතාබහ මොකක්ද කියලා හරි හැටි නොදැන ඒ විදිහට පැතිරුණා. ඒ වෙලාවේ මම ආවේගයෙන් කටයුතු කළ අවස්ථාත් තිබුණා. ඒත් චතුරිකා නම් මම වගේ කලබල වුණේ නැහැ. සිද්ධිය හා ඒ වටපිටාව ගැන හරිම උපේක්ෂාවෙන් බැලුවා. එදා වුණ දේ ගැන පුංචි පසුතැවීමක් දුකක් තිබුණත් කාලය එක්ක හැමදේම විසඳිලා නිසා ඒ ගැන අද හිතෙන්නේ නැහැ. ඒ සිද්ධිය දැන් පරණයි. ඒවා වැඩක් නෑ.‘‘
අන්න එහෙමයි ගයාන් ප්‍රශ්නෙට උත්තර දීලා තියෙන්නේ.
ඒ වගේම විවාහ උත්සවය ගැන තවම සැලසුම් කරලා නැති වුනත් මංගල උත්සවය කොහොමද ගන්නේ කියලා හිතේ අදහසක් තියෙනවා කියලත් චතුරිකා කියලා තියෙනවා.