මිතුරාගේ බෝතල් ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අංක 2202 ඩී එස් සේනානායක මාවත තුන්වන පියවර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි 22 හැවිරිදි මැදවෙල ගුරුමාවත්තගේ සුදේශ් ජීවන්ත ආරියරත්න යන අයයි.
බෝතල් ප්‍රහාරයට ලක්ව බරපතළ ලෙස තුවාල ලබා අනුරාධපුර මලියදේව මාවත අංක 39 හි පදිංචි දොන් ධර්මපාලගේ ළහිරු ගම්හාන රණසිංහ යන අය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ඝාතනය ලක්වු හා තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා සැකකරුවන් තිදෙනා සමඟ පොසොන් සැණකෙළිය නැරඹීමට පැමිණ අනුරාධපුර මිහිඳු පුර ප්‍රදේශයේදී ගංජා සහ අධිවේදනා නාශක පෙති පානය කර ඇති බව පරීක්ෂණ සිදුකරන පොලීසිය පවසනවා.
ඉන් අනතුරුව දෙපාර්ශවය අතර අනාවරණය නොවු හේතුවකට බහින් බස් වීමක් සිදුවී ඇති බවත්, තුවාල ලැබු පුද්ගලයාට ඝාතනයේ ප්‍රධාන සැකකරු හිස් මත්පැන් බෝතලයකින් හිසට පහරදී එය කැඩී ගිය අවස්ථාවේ අතේ තිබු කොටසින් ගෙල කපා ඇති බවත් පොලීසිය සඳහන් කළා.
මියගිය තරුණයා මිතුරා බේරා ගැනීමට ඉදිරිපත් වු අවස්ථාවේ සැකකරු අතේ තිබු තියුණු බෝතල් කාටසින් ඔහුගේ ගෙලද කපා දමා ඇති බව පොලීසිය පවසනවා.
සිද්ධිය වන අවස්ථාවේ සිටි අනෙක් තරුණයන් දෙදෙනා තුවාල ලැබු සහ මියගිය පුද්ගලයාව ත්‍රීරෝද රථයක දමාගෙන රෝහල කරා ගෙන ගොස් ඇති අතර ප්‍රධාන සැකකරු ඝාතනයෙන් අනතුරුව නිවෙසේ සැඟව සිටිද්දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.