ඉන්දීයාවෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කපිල් දේව් හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
නවදිල්ලි නුවර පිහිටි රෝහලක් වෙත ඔහු ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු මේ වනවිට 61 වන වියේ පසුවනවා.
කපිල් දේව් 1983 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායකයා ද වනවා.