Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
02
"ගෙදරට ගිනි තියලා මරණ තර්ජනය කළා, මම ඔහුට කිව්වා ආයේ දේශපාලනයට යන්න එපා අයින් වෙන්න කියලා.." - අමාත්‍ය සිසිර ජයකොඩිගේ බිරිඳ කියයි

- "ගෙදරට ගිනි තියලා මරණ තර්ජනය කළා, මම ඔහුට කිව්වා ආයේ දේශපාලනයට යන්න එපා අයින් වෙන්න කියලා.." - අමාත්‍ය සිසිර ජයකොඩිගේ බිරිඳ කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34 Views
" ජිවිතේට එල්ල වුණු තර්ජන එක්ක එදා නම් මම හොඳටම බය වුනා.."

"මම එයාගේ ගෝලයෙක්, එයාගෙන් ඉගෙන ගන්න කාලේ තමයි හිතවත් වුණේ.."

දේශපාලඥයෙකුගේ බිරිඳක් වීම භාගයක් වගේම එක්තරා විදිහකට එය අසිරූ කටයුත්තක්. අමාත්‍ය සිසිර ජයකොඩිගේ ආදරණිය බිරිඳ තමයි ඉමාලි ජයකොඩි කියන්නේ. ඇයත් එක්ක ඇයගේ ආදරණිය සැමියා ගැනත් ඔහුගේ දේශපාලන ජිවිතේ බලපෑම් කොයි ආකාරයෙන් පුද්ගලික ජිවිතේට බලපෑවද කියලා දැනගන්නත් එක්ක ඇයව අපේ කතාබහකට එකතු කරගත්තා. මේ ඒ කතාබහ ගැනයි.

දේශපාලඥයෙකුගේ බිරිඳක් හැටියට ගෙවෙන ජිවිතේ කොයි වගේද කියලම අපි මේ කතාබහට ප්‍රවිෂ්ඨය ගනිමු..?
අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව උසස් පෙළ සඳහා සුදානම් වෙනවා. එයාගේ නම පසදී ජයකොඩි. පුතා ආනන්ද විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. එයාගේ නම රසිදු ජයකොඩි. මේ දෙන්නගේ වැඩකටයුතුවලට අමතරව මමත් ගුරුවරියක් හැටියට කොළඹ නාලන්දා විද්‍යාලයේ සේවය කරනවා. රාජකාරියයි ගෙදර වැඩයි එක්ක මම කාර්ය බහුලයි. සැමියත් කාර්යබහුල ජිවිතයක් ගත කරන්නේ. ඇතැම් දිනවලට ඔහු ගෙදර එන්නේ ගෙඩක් රෑ වෙලා. නමුත් අපි සහයෝගයෙන් සතුටින් ජිවත් වෙනවා.

ඔබට ඔබේ සැමියාව මුලින්ම මුණගැහෙන්නේ ගුරුවරයෙක් හැටිය, ගුරු ගෝල සම්බන්ධය ප්‍රේම සම්බන්ධයක් බවට පත් වෙන්නේ කොහොමද කියලත් මතක් කරමු..?
මම එයාගෙන් තර්ක ශාස්ත්‍රය ඉගෙන ගන්න ක්ලාස් ගියා. ඒ ක්ලාස් එකේ ගුරුවරයා එයා. උසස් පෙළ කරනකල් එහෙම සම්බන්ධයක් අපි අතර තිබ්බේ නැහැ. සාමාන්‍ය විදිහට කතාබහ කළා. පසුව මම කැම්පස් ගියා. ඔය අතරතුර තමයි එයා ඇවිත් දෙමාපියන් එක්ක එයාගේ යෝජනාව කියලා කතාබහ කරගත්තේ. ඒ වෙද්දී එයා දේශපාලනයට ලොකුවට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ක්‍රියාකාරී මට්ටමින්. ගුරුවරයෙක් හැටියටත් පුද්ගලයෙක් හැටියටත් හොඳ කෙනෙක් නිසා මම කැමති වෙලා ආදරේ කළා. පසුව දෙමාපිය ආශීර්වාදයෙන් අපි 1998 දී විවාහ වුණා.

විවාහයෙන් පසුව ඔහු දේශපාලනයට සම්බන්ධ වෙනවට ඔබ අකමැති වුනේ නැද්ද..?
ලොකුවට කැමැත්තක් අකමැත්තක් තිබ්බේ නැහැ. එයා විවාහ වුනු මුල් කාලේ තමයි ප්‍රාදේශීය සභාවට ඉල්ලුවේ. ඊට පස්සේ මාස කිහිපයකින් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වෙලා පළාත් සභා මන්ත්‍රීවරයෙක් වුනා. එතනින් පටන්ගත්ත ගමන තවමත් දේශපාලනයේ නියැලිලා ඔහු ඉන්නවා. ඔහුගේ ගමනට හැකි අයුරින් මම උදව් කරනවා.

කාර්යබහුල ජිවිතේ එක්ක පවුලට මුල් තැන දෙන්න ඔහුට කාලයක් නැති වෙද්දී ඔහු වැනි දේශපාලඥයෙක් එක්ක විවාහ වුණේ අපරාදේ කියලා කොයි මොහොතකවත් හිතිලා නැද්ද..?
පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් දේශපාලඥයින් කියන්නේ කොහොමත් කාර්යබහුල පිරිසක්. මුල් කාලේ නම් ඔහුගේ කාර්යබහුලකම පවුල් ජිවිතේට ඉටු වෙන්න ඕන දේවල් මඟ හැරෙද්දී මට දුක හිතිලා තියෙනවා. පසුතැවිලා හිත් රිද්දගෙන තියෙනවා. නමුත් කාලය ගෙවිලා ගිහින් දරුවෝ ලැබිලා රැකියාවත් එක්ක මමත් කාර්යබහුල වෙද්දී ඔහුගේ ජිවන රටාවට මමත් හුරු වුණා. දැන් මේ ජිවිතේ මට හුරුයි. අපි හතර දෙනා එකට වාඩි වෙලා කන්න, නිදහසේ කතා කරන්න වෙලාවක් හොයා ගන්නේ බොහොම අමාරුවෙන්. නමුත් කොයි වෙලාවකවත් එහෙම සිතුවිල්ලක් මට ඇවිත් නැහැ.

ඔබ ගුරුවරියක් හැටියට කටයුතු කරද්දී ඔබගේ සැමියාගේ දේශපාන ජිවිතේ ගැන ශිෂ්‍යයින් කතාබහ කරන්නේ නැද්ද..?
මම උසස්පෙළ දරුවන්ට උගන්වන්නේ. ඒ දරුවෝ දැනුවත්. නමුත් මමත් සාමාන්‍ය ගුරුවරියක් විදිහට තමයි ඔවුන් එක්ක ගනුදෙනු කරන්නේ. ඒ නිසා විශේෂයෙන් කියලා මගෙත් එක්ක දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ. දරුවෝ මාත් එක්ක හරිම සුහදශීලිව කටයුතු කරනවා.

සැමියාට ලැබුණු අමාත්‍ය ධුරය ගැන ඔබ සතුටින්ද..?
අනිවාර්යයෙන් ඔව්. මොකද ඔහුට හොඳ අමාත්‍යංශයක් ලැබිලා තියෙනවා. මොන අමාත්‍යංශය ලැබුනත් ඔහු වැඩ කරයි. ඒ ශක්තිය ඔහුට තියෙනවා.

දේශපාලන ජිවිතේ නිසා හැලහැප්පීම් තාඩන පීඩනවලට ලක් වෙලා ඇති, ඔහුගේ දේශපාලන ජිවිතේ පවුලට බලපෑමක් වෙලා නැද්ද..?
මර්වින් සිල්වා ඇමතිතුමාගෙන් තමයි අපිට ප්‍රශ්න ආවේ. මරණ තර්ජන පවා ඇවිත් තියෙනවා. මගේ සැමියාට ආයේ ඡන්දය ඉල්ලන්න එපා කියලා ගෙට ගිනි තියලා තර්ජනය කළා. ජිවිතේට එල්ල වුණු තර්ජන එක්ක එදා නම් මම හොඳටම බය වුනා. මම ඔහුට කිව්වා ආයේ දේශපාලනයට යන්න එපා අයින් වෙන්න කියලා. නමුත් ඔහු ඒ තර්ජනවලට සැලුනේ නැහැ. ඔහු ඔහුගේ ගමන හදාගත්තා. ඊට පස්සේ නම් අපිට කරදර කලේ නැහැ කවුරුත්. දැන් නිදහසේ දේශපාලන කටයුතු කරගෙන ඉන්නවා.

දරුවෝ දේශපාලනය ගැන උනන්දුවක් නැද්ද..?
දේශපාලනය ගැන දෙන්නටම එතරම් උනන්දුවක් නැහැ. එයාලා නිදහසේ ජිවත් වෙන දරුවෝ දෙන්නෙක්.

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top