උදයකාන්ත වර්ණසූරියගේ “ගින්දරී” ප්‍රදර්ශනය ආරම්භ කළේ අප්‍රේල් 24 වැනිදායි. එහෙත් “ගින්දරී” ප්‍රදර්ශනය අත්හිටුවන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලැබීම නිසා ඇතැම් සිනමා ශාලාවල චිත්‍රපටය පෙන්වීමේ හැකියාව ලැබුණේ නැහැ.
අද දවස වනවිට ගැටලුව නිරාකරණය වීම නිසා ඉතිරි සිනමාහල්වලදීත් “ගින්දරී” දැක ගැනීමේ හැකියාව ලැබෙනවා.මේ සම්බන්ධයෙන් හිරු ගොසිප් “ගින්දරී” අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසූරිය සමග කතාබහ කළා.
ගින්දරීට මොකද වුණේ ?
මුකුත්වෙලා නැහැ. අප්‍රේල් 24 වැනිදා මංගල දර්ශනය පැවැත්වුණා. දැනට සී.ඊ.එල්. සහ රිද්මා මණ්ඩලයේ සිනමාශාලා 30ක පමණ ගින්දරී ප්‍රදර්ශනය වෙනවා.ඒ නියෝගය නිසා සිනමාහල් හතක අටක විතර තමයි ගින්දරී තවමත් ප්‍රදර්ශනය කරන්න බැරි වුණේ.
ගැටලුව අද (30) වනවිට විසඳිලා කියලා ආරංචියි
ඔව් .ලිඛිතව ඔවුන් අවසරය දීලා තියෙනවා ගින්දරී පෙන්නන්න.අද පටන් ඉතිරි සිනමා ශාලාවලත් පෙන්නනවා.ඔවුන් නඩුව ඉවත් කර ගනී.
“ගින්දරී”ට ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ඉතාමත්ම හොඳයි.කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයට වඩා ප්‍රතිචාර තියෙනවා.