NHS විසින් අඟහරුවාදා දිනයේ මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම නිකුත් කළ අතර සෞඛ්‍ය ලේකම් මැට් හැන්කෝක් පැවසුවේ අභිරහස් වෛරසය ගැන තමා බෙහෙවින් කනස්සල්ලෙන් පසුවන බවයි.
මෙම රෝගය කවාසාකි රෝගයට සමානකම් දක්වන බව සඳහන්. (Kawasaki රෝගය යනු ශරීරය පුරා රුධිර නාල වල දැවිල්ල (ඉදිමීම සහ රතු පැහැය) ඇති කරන රෝගයකි. එය අදියර තුනකින් සිදු වන අතර කල් පවතින උණ සාමාන්‍යයෙන් පළමු ලක්ෂණය වේ. මෙම තත්ත්වය බොහෝ විට වයස අවුරුදු 5 ට අඩු ළමයින්ට බලපායි.)
මෙම වෛරසය මඟින් රුධීර වාහීනි ගිනි අවුලුවමින් ශරීරයේ අවයව වලට දැඩිව පහර දීමක් සිදු කරනු ලබනවා.
බ්‍රිතාන්‍ය පවුල් හතක් මේ සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති අතර බොහෝ මාපියන් විශ්වාස කරන්නේ මෙය කොවිඩ්-19 වෛරසයම බවයි. නමුත් මෙය ඒ හා සමාන වෙනත් "අමුතු රෝග ලක්ෂණ" පෙන්නුම් කරන රෝගයක් බවට ඇතැම් මාපියන් පවසනවා.
බ්‍රවුන් නම් මවක් හෙළි කරන්නේ තම දරුවාට මෙම වෛරසය වැළඳි ඇති නමුත්, කොරෝනා පරීක්ෂණයක් කිරීම ප්‍රතික්ෂේප වූ බවයි.
හල්හි ජිප්සිවිල්හි පදිංචි 38 හැවිරිදි මෙලනි කුක් නම් මවක්ද තම එක් හැවිරිදි පුතු ජෝර්ජ්ට මෙම රෝග ලක්ෂණ ඇති බව සඳහන් කළා.
කෙසේ වෙතත් තම පුතුගේ ඇස් රත් පැහැ ගැන්වීම, වමනය හා තෙහෙට්ටුව කොරෝනාවට නෑකම් කියන බවයි ඇය සඳහන් කරන්නේ.
මෙම නව වෛරසයේ දිවෙහි බිබිලි, පාචනය, පපුවේ රිදුම් (පිහියෙන් අනිනවා වැනි) වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
එක් මවක් මෙසේ සඳහන් කරනවා.,
"සාමාන්‍යයෙන් කොරෝනා රෝග ලක්ෂණවලට නොගැළපෙන අමුතු රෝග ලක්ෂණ මෙහි පෙන්නුම් කරනවා.. ඔබ ඒවා පරීක්ෂා කිරීමට වග බලා ගන්න.."
Dailymail ඇසුරිනි.
