Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
19
නාමයෝජනා බාරගැනීම මධ්‍යහ්න 12 න් අවසන්

- නාමයෝජනා බාරගැනීම මධ්‍යහ්න 12 න් අවසන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views
ලබන මස 25 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද මධ්‍යහ්න 12 න් අවසන් වනවා.

එම කාලය අවසන් වීමෙන් පසුව පැය එකහමාරක කාලයක් ඉදිරිපත් වූ නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ.

අද දිනයේ ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම පාහේ නාමයෝජනා භාරදීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂය ඊයේ පුත්තලම සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහාත් ජාතික ජන බලවේගය ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, මොණරාගල, බදුල්ල, කෑගල්ල, අනුරාධපුරය, කෑගල්ල, හම්බන්තොට සහ වන්නි දිස්ත්‍රික්ක සඳහාත් නාමයෝජනා භාරදුන්නා.

සමගි ජන බලවේගය අද සියලූ දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා භාර දෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට මැතිවරණ දිස්ත්‍රික්ක 14 කට නාමයෝජනා භාරදී ඇති අතර, සෙසු දිස්ත්‍රික්ක සඳහා අද නාමයෝජනා භාරදීමට නියමිතයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ අවස්ථාව හිමිව තිබෙනවා.

ඔහු ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් ඔහුගේ නම ඊට ඇතුළත්ව තිබුණේ නැහැ.

මේ සම්බන්ධයෙන් විමසීමකදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් කියා සිටියේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වීම සඳහා ඊයේ අත්සන් කළ බවයි.

එසේම ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ නම නාමයෝජනා ලේඛණයට ඇතුළත් වී නැහැ.

හිටපු දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා සහ හිටපු අමාත්‍යවරයෙකු වන අමරසිරි දොඩංගොඩගේ පුත් ඉසුරු දොඩගොඩගේ නමද නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල නාමයෝජනා ලැයිස්තුවට හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකගේ නම ද ඇතුළත්.

මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කය සඳහා එම පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත ගේ නම ද ඇතුළත් කර තිබෙනවා.

මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයට අදාළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවට හිටපු ආණ්ඩුකාරවරයෙකු වන පේෂල ජයරත්නගේ නමද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දුනේෂ් ගන්කන්දගේ නම ඇතුළත් කර ඇති අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග වදිනවා.

එසේම හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සොහොයුරෙකු වන මුත්තයියා ප්‍රභාකරන්ගේ නමද නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවට ඇතුළත්.

පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඔහුගේ පුත් හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද නම් ඇතුළත් කර තිබෙනවා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ නිවේදනය කළේ මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙක සඳහා මේ දක්වා ස්වාධීන කණ්ඩායම් 357 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර, දේශපාලන පක්ෂවල නාමයෝජනා පත්‍ර 82 ක් සහ ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා පත්‍ර 93 ක් භාරදී ඇති බවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top