එහෙම වුණා නම් ගොඩ දෙනෙක් අපිව යවන්නේ නැහැ..
මැරෙන කෙනා මැරෙනවා කකුල පැටලිලා වැටිලා' හරි..
"වූහාන් වලට යනවා කියලා දන්නෙ මගේ අම්මා විතරයි.."
ජයගත නොහැකි බවට බොහෝ දෙනා මත පලකළ බෙහෝ දේ රටක් විදියට ජයගැනීමට අපිට හැකි වුණා. රටක් විදියට අපි ලබා ගත් තවත් එවැනිම ජයග්‍රහණයක් ගැන අද මුලු ලෝකයේම අවධානයට ලක්වෙලා.
ඒ, කොරෝනා වෛරසයේ තිඹිරිගෙය වන චීනයේ - වූහාන් හි සිර වී සිටි ශ්‍රී ලාංකික පිරිස නිරුපද්‍රිතව යලිත් සිය මාතෘ භූමියට රැගෙන ඒමේ මෙහෙයුම සාර්ථකව නිම කිරීමත් සමගයි.
ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙන්, තවත් බොහෝ පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් සිදු කෙරුණු ඒ සුවිශේෂී මෙහෙයුම පිළිබඳ අද බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව තිබෙනවා.
මේ අතර, චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා මෙරටට රැගෙන ඒමේ කාර්යයට දායක වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාජිකයින් ඊයේ (03) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
මෙම මාධ්‍ය හමුවට එක්වූ කාර්ය මණ්ඩලයේ සිටි එක් තරුණයෙකු සංවේදීව අදහස් දැක්වූයේ මේ අයුරිනුයි..
"අඩුම තරමේ අපිට අපිවත් අඳුරගන්න බෑ. අපි කළේ මොකද්ද අපේ ඇඳුමේ අපි අකුරු ලිව්වා. කැප්ටන්ටත් Brother කියලා කතා කරපු තැන් තිබුණා. කැප්ටන්වත් මට අඳුනගන්න බෑ ඔක්කොම එකම ඇඳුම හින්දා. ඉතින්... එක දෙයක් බෙදා ගන්න පුළුවන්. ඇත්තටම මේ මිෂන් එකට යද්දි වූහාන් වලට යනවා කියලා දන්නෙ මගේ අම්මා විතරයි. එයාපෝට් එකට ඇවිල්ලා පස්සෙ තමයි තාත්තා දන්නේ.. උදේ මම ගිහින් එද්දි තමයි මගේ යාළුවෝ ටික දන්නේ. එහෙම වුණා නම් ගොඩ දෙනෙක් අපිව යවන්නේ නැහැ. මොකද තාත්තාත් මට ආපු ගමන් උණුසුම් ලෙස නෙවෙයි පිළිගත්තේ. අදටත් මාත් එක්ක වැඩිය කතාවක් නෑ. ඔක්කොම බනිනවා තාත්තාට. මොකද, ඇයි මෙයාව යැව්වේ කියලා. හැබැයි... අපේ අම්මා හැමතිස්සෙම මාව කවර් කළා. අම්මාත් ඇහුවේ 'යන්න කැමති නම් යන්න'. මොකද මගේ ආගමේ හැටියට 'මැරෙන කෙනා මැරෙනවා කකුල පැටලිලා වැටිලා' හරි. ඒත් මම හිතනවා මේ කරපු පින් බලයෙන්ම, මේකට සම්බන්ධ වෙච්ච හැමදෙනාමත්, පුළුවන් වෙයි කියලා හිතනවා තව නිරෝගී ජීවිතයක් ගත කරන්න. මට වචන නැහැ කියන්න. අපි කොළඹින් යද්දි අපි ඔක්කොම දන්නවා අපිට තිබ්බේ ඇඳන් ගිය ඇඳුම පමණයි. කරේ චේන් එකවත්, මුද්දවත්, ඔරලෝසුවවත්, ෆෝන් එකවත්, බෙල්ට් එකවත්, සපත්තු දෙකවත් නෑ. ගොඩ දෙනෙක් ඕවා දැක්ක දේවල් නෙවෙයි. කටුනායකින් හැමදේම එවලා තිබ්බා. ප්ලයිට් එකට හිතුවට වඩා පරක්කු වුණා. අපි දන් නැහැ ලෑන්ඩ් කරන වෙලාවවත්... අපිට හම්බෙච්ච පේමන්ට් එක ඒ පැසෙන්ජස්ලාගේ ඇස්වලින් වැටුණු කඳුළුයි, සතුටයි. ඒ අය අපිට දුන්නු අත්පුඩියයි..." VIDEO VIDEO